Tuesday, 17 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: අයහපත් කාලගුණයෙන් වයඹ මුහුදු තීරයේ ධීවර තොටුපළ රැසක් විනාශයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 17 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: අයහපත් කාලගුණයෙන් වයඹ මුහුදු තීරයේ ධීවර තොටුපළ රැසක් විනාශයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

අයහපත් කාලගුණයෙන් වයඹ මුහුදු තීරයේ ධීවර තොටුපළ රැසක් විනාශයි

2 weeks ago
975 Views

නිරිත දිග මෝසම් සුළං සක්‍රීය වීමෙන් වාරකන් සමය ආරම්භයත් සමග මුහුදේ පවතින රළු ස්වභාවය හේතුවෙන් කල්පිටිය සිට වෙන්නප්පුව දක්වා වූ වයඹ මුහුදු තීරයේ ප්‍රදේශ ගණනාවක වෙරළ තීරය උග්‍ර ලෙස ඛාදනයට ලක් වීමෙන් ධීවර තොටුපළ රැසක් විනාශ වී ගොස් තිබේ.

වර්ෂාව පහව ගියද තවමත් මුහුද දැඩි ලෙස රළුය. මෙම තත්ත්වය වෙනත් වාරකන් සමයේ ඇතිවූ මුහුදේ කැලඹීම් ස්වභාවයට සාපේක්ෂව වැඩි බව පවසන ධීවර ජනතාව මෑත ඉතිහාසයේ මෙවන් තත්ත්වයක් ඇති නොවූ බවද කියති. හලාවත, මාරවිල, උතුරු මූදුකටුව, ඉරණවිල, තොඩුවාව, මුතුපන්තිය, කරුකපනේ යන වෙරළ තීරයන්හි ධීවර තොටුපොළවල් තවමත් ඛාදනයට ලක්වෙමින් පවතින අතර මින් දැඩි බලපෑමක් එල්ලවී ඇත්තේ මාරවිල උතුරු මූදුකටුව ධීවර තොටුපළටය.

දෙසීයකට වැඩි පිරිසක් මෙම තොටුපොළේ ධීවර කටයුතුවල නිරත වෙති. උග්‍ර ඛාදනයෙන් වෙරළ අහිමිවීමෙන් එක්දින යාත්‍රා සහ තෙප්පම් අනාරක්ෂිත ලෙස ගාල් කිරීමට සිදුව ඇති බව ධීවරයෝ පවසති.

මූදුකටුව දේවස්ථානය අසලටම වෙරළ තීරය දැඩි ලෙස ඛාදනය වී තිබේ. ඉදිරි දින කීපය තුළ මෙලෙස ඛාදනය වුවහොත් දේවස්ථානය ද කැඩීයෑමේ අවදානමක් පවතින බවයි ධීවරයින් පවසන්නේ.

බොහෝ පිරිස් සිය ධීවර ආම්පන්න නිවෙස්වලට රැගෙන යෑමට කටයුතු කරන අතර ධීවර යාත්‍රා හා තෙප්පම් මහත් පරිශ්‍රමයක් දරා ආරක්ෂිත ස්ථාන වෙත රැගෙනයෑමට කටයුතු කරති.

දින ගණනාවක් තිස්සේ ධීවර කටයුතුවල නිරත වීමට නොහැකි බැවින් ධීවර ජනතාව දැඩි පීඩාවට පත්ව ඇති බවද කියති.

පසුගිය කාලයේ අක්‍රමවත් ලෙස ගල්වැටි දැමීම හේතුවෙන් මෙම තොටුපළේ ධීවර කටයුතු පවත්වා ගැනීමේදී ගැටලුවක් පවතින බවත් මේ හේතුවෙන් ධීවර යාත්‍රා ගණනාවක් පසුගිය කාලයේ අනතුරට පත් වූ බවද ධීවර ජනතාව චෝදනා කරති.

මේ සම්බන්ධව අදහස් දක්වන ධීවර ජනතාව

ඩබ්ලිව්. සමන්ත ප්‍රනාන්දු

ගොඩක් කල් ඉඳන් මෙතන ඛාදනය වන්නේ. ඊට ප්‍රධාන හේතුව පසුගිය කාලයේ ඉදිකර ඇති ගල්වැටි ක්‍රමවත්ව ඉදිනොකිරීමයි. මේ නිසා ධීවර යාත්‍රා, තෙප්පම් දියත් කරද්දිත් නැවත ගොඩට එද්දිත් අපි ලොකු අමාරුවක වැටෙන්නේ. මේ හින්දා මෙතන ගොඩක් අනතුරු වෙනවා. අද වෙරළ කඩාගෙන අපේ පල්ලිය ගාවටම ඇවිල්ලා. අපිට දැන් යාත්‍රා ගාල් කිරීමට තැනක් නෑ. මේ වතාවේ මූද කවදාවත් නැති විදිහට සැර වෙලා. හැබැයි මේ ගල් වැටිය නියම විදිහට දාල දුන්නොත් කොච්චර මූද සැර වුණත් මේ වගේ විනාශයක් වෙන්නෑ. වාරකන් සමය ඉවර වුණාම ගල් වැටිය ක්‍රමවත්ව හදලා දෙන්න තමයි අපි කියන්නේ.

අයිවන් පෙරේරා

වෙනදා මේ වගේ විනාශයක් වුණේ නැහැ. අපි දැන් ගොඩක් කල් ඉඳන් බලා ඉන්නවා මුහුදට යන්න. බෝට්ටු, තෙප්පම් ගාල් කරන්න ඉඩක් නෑ. මුහුදට හරි අමාරුවෙන් දියත් කරන්න වෙන්නේ. ඇත්තෙන්ම මේ කාලේ ගල් වැටි දාන්න බෑ. අපි කියන්නෙ නියම විදිහට වාරකන් ඉවර වුණාම මේ තොටුපළ හදල දෙන්න කියලා.

නිමල් ප්‍රියන්ත

අපිට මේ වෙරළ ඛාදනයෙන් අපේ ධීවර ආම්පන්න තියාගන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ. මොකද මුහුදට ගසාගෙන යනවා. මේ තොටුපොළේ දාල තියෙන ගල් වැටිය හරි විදිහට දාල නෑ. ඒ නිසා මේ තොටුපොළේ ධීවර කටයුතු සිදුකරන්නෙ බොහොම අමාරුවෙන්. පහුගිය කාලයේ යාත්‍රා කීපයක්ම කැඩිලා ගියා.ඒවගේම ධීවරයින් කීපදෙනෙකුට අනතුරු සිදු වුණා. මේ තත්ත්වය සලකල බලල අපිට ඉදිරියේදී ධීවර කටයුතු හොඳින් කරගෙන යන්න තොටුපළක් හදලා දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ.

අමරනන්ද විජේසේකර මහවැව

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

3 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

3 days ago

යන නොසිතු වෙලාවක වියැකී – ජීවය තණ අඟ පිනි බිඳකි…

3 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

2 days ago

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

2 days ago
Related News
ප්‍රාදේශීය පුවත්

නෑනාගේ මළගෙදර ගොස් සුදු ඉරෙන් පාර පැන්න – දෙසොහොයුරියෝ ගෝනාපලදී සැප රියට බිලි වෙති

ප්‍රාදේශීය පුවත්

මුහුද මැද බෝට්ටුවක් පෙරළී ධීවරයෝ දෙදෙනෙක් අතුරුදහන්

ප්‍රාදේශීය පුවත්

පරීක්ෂා නොකර මුදාහැරිය බහාලුම් තුළ තිබූ තායිලන්ත බඩු ගැන විමර්ශනයක් ඉල්ලයි

ප්‍රාදේශීය පුවත්

කොළඹ පුරපති තෝරා පත් කරගැනීමේදී…

ප්‍රාදේශීය පුවත්

තණමල්විල පොලිසිය සීරුවෙන් හිටගනී – අනතුර මගහැරේ

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok