Tuesday, 17 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ගැහැනු දරුවන් පස්දෙනකුගේ පියෙක් හත් හැවිරිදි දරුවකුට ලිංගික අතවර කිරීම බරපතළ වැඩක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 17 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ගැහැනු දරුවන් පස්දෙනකුගේ පියෙක් හත් හැවිරිදි දරුවකුට ලිංගික අතවර කිරීම බරපතළ වැඩක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

ගැහැනු දරුවන් පස්දෙනකුගේ පියෙක් හත් හැවිරිදි දරුවකුට ලිංගික අතවර කිරීම බරපතළ වැඩක්

2 weeks ago
207 Views

චූදිතට අවුරුදු 17ක සිරදඬුවම් නියම කරමින් විනිසුරු කියයි

හත් හැවිරිදි බාලවයස්කාර දැරියක නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කොට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 62 හැවිරිදි පස්දරු පියෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 17 ක සිර දඬුවම් නියම කළේය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් මෙම තීන්දුව දුන්නේය.

ඊට අමතරව විත්තිකරුට රුපියල් 30,000ක දඩයක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඩ මුදල ගෙවීම පැහැර හැරියහොත් අමතරව වසරක සිර දඬුවම් නියම කරන බවත් නියෝග කළේය. ඊට අමතරව වින්දිත දැරියට රුපියල් ලක්ෂ තුනක වන්දියක් ද ඇයගේ මවට තවත් රුපියල් ලක්ෂයක වන්දියක්ද ගෙවිය යුතු බවත් විනිසුරුවරයා නියෝග කළේය.

එම වන්දි ගෙවීම පැහැර හරිනු ලැබුවහොත් අමතරව තවත් වසරක සිරදඬුවම් නියම කරන බව තීන්දුවේ සඳහන් වෙයි.

2015 ජූලි මස තුන්වැනිදා හත් හැවිරිදි බාලවයස්කාර ගැහැනු ළමයකු බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කිරීම සම්බන්ධයෙන් එම අවස්ථාවේ වයස අවුරුදු 53ක්ව සිටි මෙම විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනුකර තිබුණි.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා සඳහන් කළේ මෙම විත්තිකරු වින්දිත දැරියගේ නිවසට නිතර යන එන පුද්ගලයකු වන අතර අපරාධය වූ දින දැරියගේ මව ගර්භනී තත්ත්වයෙන් පසුවීම නිසා ඇය සමග දැරියගේ පියාද රෝහලට ගොස් ඇති බවය. එමනිසා පාසල් ගිය එම දැරියව යළි නිවසට රැගෙන ඒමට පියාට නොහැකි තත්ත්වයක් උද්ගතවීම නිසා හොඳින් හඳුනන මෙම විත්තිකරුට පාසලෙන් දරුවා රැගෙන එන ලෙස දෙමව්පියන් විසින් දැනුම් දී තිබේ.

ඒ අනුව ත්‍රිරෝද රථයෙන් පාසලට ගිය මෙම විත්තිකරු එම දරුවාද නංවාගෙන තමාගේ නිවසේ කුඩා දරුවන් සිටින බවත් එහි ගොස් සෙල්ලම් කළ හැකි බවත් පවසා වින්දිත දැරිය රවටාගෙන සිය නිවසට රැගෙන ගොස් තිබේ.

දැරිය එම නිවසට ගිය අවස්ථාවේ එහි කුඩා ළමුන් නොසිටි අතර එහිදී විත්තිකරු විසින් වින්දිත දැරියට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකර නැවත ඇයගේ නිවසට ගොස් හැරලවා තිබෙන බවත් විනිසුරුවරයා සඳහන් කළේය.

ඉන්පසුව නිවසේදී වින්දිත දැරියගේ අසාමාන්‍ය හැසිරීම පිළිබඳව විමසීමක් කළ අවස්ථාවේදී විත්තිකරු තමන්ට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකළ බව එම දැරිය විසින් ඇයගේ මවට ප්‍රකාශ කර තිබෙන බවත් විනිසුරුවරයා සඳහන් කළේය.

ඉන්පසුව ඇයගේ මව දෙමටගොඩ පොලිසියට ගිය අතර එතැනින් ඇයව ග්‍රෑන්ඩ්පාස් පොලිසියට යොමු කර ඇති බවත් එහි පැමිණිලි ඉදිරිපත් කළ බවත් සඳහන් කළ විනිසුරුවරයා ළමා ආරක්ෂක අධිකාරියද මෙම දරියගෙන් වීඩියෝ සාක්ෂි සටහන් කරගෙන තිබූ බවත් පැවසීය.

ඉදිරිපත් වූ සාක්ෂි පිරික්සීමේදී විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ලකර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ වී ඇති බවත් ඒ අනුව ඔහු අදාළ චෝදනා දෙකට වරදකරු කරන බවත් විනිසුරුවරයා සඳහන් කළේය.

දඬුවම් නියම කිරීමට පෙර රජයේ නීතිඥවරිය අධිකරණයේ කරුණු දක්වමින් මෙම විත්තිකරු පස්දරු පියකු වන අතර ඔහුගේ දරුවන් පස්දෙනාම ගැහැණු දරුවන් බවත් සඳහන් කළේය.

එවැනි ගැහැනු දරුවන් සිටින පියෙකු මේ ආකාරයේ බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් ඔහුට නීතියෙන් ලබාදිය හැකි උපරිම දඬුවම් ලබාදෙන ලෙසත් රජයේ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විත්තිකරු 62 වැනි වියේ පසුවන අතර ඔහු වසර හතක් පමණ ක්ෂය රෝගය හා වකුගඩු රෝගවලට ප්‍රතිකාර ලබන බව සඳහන් කළේය.

ඔහු පස්දරු පියකු වන අතර ඔහුගේ බාලම දියණිය 14 වැනි වියේ පසුවන බවත් නීතිඥවරයා සඳහන් කළේය.

ඔහුගේ රෝගී තත්ත්වය සැලකිල්ලට ගෙන ඔහුට ලිහිල් දඬුවමක් නියම කරන ලෙස විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අතවරයට පත් දැරියගේ මව අධිකරණයේ කරුණු දක්වමින් තම දියණියට සිදුවූ අපරාධය වැනි දෙයක් තවත් දරුවෙකුට සිදු නොවන ආකාරයේ දැඩි දඬුවමක් මෙම විත්තිකරුට නියම කරන ලෙස ඉල්ලා සිටියේය.

ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම විත්තිකරු විසින් සිදුකර තිබෙන වරදේ ස්වභාවය පිරික්සීමේදී ඔහුට ලිහිල්ව කටයුතු කිරීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන්නේය.

ගැහැනු දරුවන් පස් දෙනෙකුගේ පියෙකු වශයෙන් විත්තිකරුට ගෑනු දරුවන්ගේ වටිනාකම පිළිබඳව මනා අවබෝධයක් තිබිය යුතු බවත්, එසේ තිබියදී හත් හැවිරිදි කුඩා දරුවකු බරපතළ ලිංගික අපයෝජනයට ලක් කිරීම බරපතළ ක්‍රියාවක් බවත් විනිසුරුවරයා පෙන්වා දුන්නේය.

කාන්තාවන් හා ළමුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බවට සමාජය තුළ දැඩි හඬක් මතුවී තිබෙන මෙම වකවානුවේ මෙවැනි සිද්ධීන් පිළිබඳව මුළු සමාජයම බලා සිටින බව සඳහන් කළ විනිසුරුවරයා අනුව ඔහුට ලිහිල්ව කටයුතු කිරීමට හැකියාවක් නොමැති බව සඳහන් කරමින් මෙම දඬුවම් ප්‍රකාශයට පත් කළේය.
ඒ. ජේ. ඒ. අබේනායක

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

3 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

3 days ago

යන නොසිතු වෙලාවක වියැකී – ජීවය තණ අඟ පිනි බිඳකි…

3 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

2 days ago

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

2 days ago
Related News
ප්‍රාදේශීය පුවත්

නෑනාගේ මළගෙදර ගොස් සුදු ඉරෙන් පාර පැන්න – දෙසොහොයුරියෝ ගෝනාපලදී සැප රියට බිලි වෙති

ප්‍රාදේශීය පුවත්

මුහුද මැද බෝට්ටුවක් පෙරළී ධීවරයෝ දෙදෙනෙක් අතුරුදහන්

ප්‍රාදේශීය පුවත්

පරීක්ෂා නොකර මුදාහැරිය බහාලුම් තුළ තිබූ තායිලන්ත බඩු ගැන විමර්ශනයක් ඉල්ලයි

ප්‍රාදේශීය පුවත්

කොළඹ පුරපති තෝරා පත් කරගැනීමේදී…

ප්‍රාදේශීය පුවත්

තණමල්විල පොලිසිය සීරුවෙන් හිටගනී – අනතුර මගහැරේ

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok