කිරිබත්ගොඩ ඕ.කේ.අයි. ඉංග්‍රීසි පාසල ඉදිරිපිටදී කාන්තාවකගේ ගෙල බැඳි රුපියල් ලක්ෂ 10කට අධික වටිනාකමින් යුත් පවුම් 5ක රන්මාලයක් කොල්ලකා ස්කූටි වර්ගයේ යතුරු පැදියකින්පලාගිය කොල්ලකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට කිරිබත්ගොඩ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් පුළුල් විමර්ශනයක් අරඹා තිබේ.
මෙම කොල්ලය පෙරේදා (03දා) උදේ සිදුවී ඇතැයි ද පොලිසිය කියයි. මෙම තරුණිය ගමන් කරමින් සිටියදී නිල් පැහැති යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු මෙම කොල්ලය සිදුකරන අයුරු ආරක්ෂිත කැමරාවල සටහන් වී තිබේ. යතුරු පැදියේ පිටුපස අංක තහඩුව නොතිබූ බව එම කාන්තාව පොලිසියට පැමිණිලි කර තිබේ. මාලය කඩාගත් සැකකරු නිල් සහ සුදු ඉරි සහිත කොලර් එක ඇති ටීෂර්ටයක් ඇඳ සිට ඇත. ඔහුගේ අත්දෙකෙන් එක අතක පච්චයක් කොටා තිබූ බව පැමිණිලිකාරිය පොලිසියට ප්‍රකාශ කර තිබේ. කොල්ලකරුවන් මාලය කඩාගෙන වත්තල දෙසට පලාගොස් ඇත. ඡායාරූපවල සිටින සැකකරුවන් ගැන තොරතුරු දන්නේ නම් 071-8591606ට දැනුම් දෙන ලෙස කිරිබත්ගොඩ පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ධර්මසේන වැලිපිටිය