නිධානයක් ගමු කිය කිය සැරෙන් සැරේ මුදල් අරන්
4දෙනෙක් අත්අඩංගුවට
පොලු පහර ගහන්න මූණට ටෝච් අල්ලපු පුද්ගලයාත් මාට්ටු
යාපනයේ මෑණියන් ලෙස පෙනී සිටි කත දුවගේ ගිණුමට මුදල් දම්මවාගෙන
නිධානයක් ගමු කිය කිය සැරෙන් සැරේ මුදල් අරන්

බුලත්සිංහල නාගහාදොල ප්‍රදේශයේ පාළු මාර්ගයකදී පුද්ගලයකු අභිරහස් ලෙස ඝාතනය කර සිරුර පුළුස්සා තිබූ සිද්ධියේ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොස්ගහකන්ද, යටදොළ ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි වැලිකන්න මොහොට්ටිගේ අනන්ගා කුමාරි (මව), 25 හැවිරිදි දියණිය වන මුණසිංහ විතානගේ පොෂ්පිකා කුමාරි ජයවර්ධන සහ ප්‍රධාන සැකකරු වන දෙවන පියවර, දෙල්මැල්ල ප්‍රදේශයේ පදිංචි මද්දුමාගේ දොන් රත්නසිරි නමැති සැකකරුවන් බව පොලිසිය පවසයි.
පසුගිය 27 දා රාත්‍රී මෙසේ ඝාතනයට ලක්වී තිබුණේ අමරසිංහ බන්දුල ගීතානන්ද අමරසිංහ නමැති අංක 58/2 මාහින්ගල, බෝස්, පාදුක්ක ප්‍රදේශයේ පදිංචි බෙර වාදන ශිල්පියෙකි. මෙම ඝාතනයෙන් පසුව අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කළ බුලත්සිංහල පොලිසියේ නිලධාරීන්ට මියගිය අයගේ නිවසේ තිබී පොතක් හමුවී ඇති අතර මුදල් ලබා දුන් විස්තර ඇතුළු දුරකථන
අංක පිළිබඳව සියල්ල එහි සටහන් කර තිබී ඇත. ඒ ඔස්සේ පරීක්ෂණ ආරම්භ කරන ලද නිලධාරීන් දුරකථන විශ්ලේෂණ වාර්තා සහ සීසීටීවී දර්ශන ඔස්සේ පරීක්ෂණ ආරම්භ කරමින් ප්‍රධාන සැකකරු සහ යාපනයේ මෑණියෝ නමින් පොතේ සඳහන් සැකකාරිය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම ආරම්භ කර ඇත.
එහිදී මෙම ඝාතනය පිළිබඳව සම්පූර්ණ විස්තරය අනාවරණය වී ඇත. ප්‍රධාන සැකකරු සමග දීර්ඝ කාලයක් සැකකාර කාන්තාව අනියම් සම්බන්ධතාවක් පවත්වා ගෙන ගොස් ඇත. කාන්තාවට දියණියන් දෙදෙනකු සහ පුතකු සිටින බව අනාවරණය වී ඇත.
ප්‍රධාන සැකකරු වසර කිහිපයකට පෙර ව්‍යාපාරිකයකු වන අතර කොරෝනා සමයෙන් පසුව ඔහු බංකොලොත් වී ඇත. මියගිය පුද්ගලයා එම කාලයේ පටන් හොඳින් දන්නා හඳුනන මිත්‍රයින් බව අනාවරණය වී ඇඅත. මියගිය අය නිධන් ගැනීම සඳහා අධික ඇල්මක් දක්වන පුද්ගලයකු බව ප්‍රධාන සැකකරු දැන සිට ඇත. එම අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත් සැකකරු සහ අනියම් කාන්තාව එක්ව නිධන් ඇති බවට පවසමින් කාන්තාව යාපනේ මෑනියෝ නමින් වෙස් ගෙන දීර්ඝ කාලයක් තිස්සේ මියගිය අයගෙන් ඉඩම් ගැනීම සඳහා විවිධ පූජාවන් වෙනුවෙන් යැයි පවසා මුදල් රු. 40000- 50000 වශයෙන් ලක්ෂ 25 කට ආසන්න ගණනක් වරින් වර සිය සහෝදරියගේ ගිණුම් අංකය යැයි දන්වා දියණියගේ බැංකු ගිණුමට බැරකර ගෙන ඇති බව පරීක්ෂණවල දී අනාවරණය වී ඇත.
මෙවැනි මුදලක් දැම්මත් ඔහුට කිසිදු නිධානයක් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් උරණ වී මුදල් නැවත ඉල්ලා ඇත. ඒ අවස්ථාවේදී ‘මෑණියන්’ සහ ප්‍රධාන සැකකරු විසින් අවස්ථා දෙකකදී රුපියල් 25000ක් සහා 100000 මුදලක් ද නැවත මියගිය අයට ලබාදී ඇත.
මෙම මුදල් නැවත දීමට නොහැකි තත්ත්වයක් උදා වීමෙන් අනතුරුව ප්‍රධාන සැකකරු සහ අනියම් කාන්තාව (යාපනය මෑණියෝ) විසින් බෙර වාදන ශිල්පියා මැරීමට පිඹුරුපත් සකසා ඇත. ඉන්පසු පසුගිය 27 වැනිදා හදිස්සියේම බෙර වාදන ශිල්පියාට ලැබුණු දුරකථන ඇමතුමක් ඔස්සේ යාපනේ මෑණියන් පවසා ඇත්තේ ඉංගිරිය ප්‍රදේශයේ නිධානයක් 27 දා රාත්‍රී පුද්ගලයන් කිහිපදෙනකු සම්බන්ධ කර ගනිමින් ගැනීමට සූදානම් වන බවය.
බෙර වාදන ශිල්පියාට හැරෙන්නට වෙන කිසිවකුටත් එම නිධානය ගැනීමට නොහැකි බව පවසා රාත්‍රී 12 පමණ වනවිට මෑණියන් පවසන මාර්ගය ඔස්සේ පැමිණෙන මෙන් දන්වා ඇත. එසේ පවසා මද වේලාවකින් එම මාර්ගය ඔස්සේ ත්‍රිවිලර් රථය ගමන් කරන අතරතුර ඉදිරියේ කොළ අතු දෙකක් දමා ඇති බවත් එම ස්ථානයෙන් ත්‍රීවිලර් රථය නවතා පිටුපසට පැමිණෙන ලෙසත් (යාපනේ මෑණියන්) සැකකාරිය දන්වා ඇත. පිටු පසට පැමිණීමත් සමග තවත් පුද්ගලයකු ඔහුගේ මුණට අධිබලැති විදුලි පන්දමක් දල්වා ඇති අතර ඒ සමගම ඔහුගේ හිසට රැක සිටි ප්‍රධාන සැකකරු පහර දී ඇත. බෙර වාදන ශිල්පියා ඉදිරියට දිව යන අතරතුර පාරේ ලිස්සා වැටී තිබේ. එම මොහොතේ මිය යන තෙක් පොලු පාරවල් කිහිපයක් හිසට එල්ල කර ඇත. සැකකරු රැගෙනා ආ භූමිතෙල් සහ පෙට්‍රල් දමා ලයිටරය ආධාරයෙන් ගිනි ගැනීමට සලස්වා ඇත. ප්‍රධාන සැකකරු සහ අනෙක් පුද්ගලයා අසල පිහිටි දොළ පහරකින් ඇඟ සෝදා පිරිසුදු වී නිවස වෙත ගොස් ඇත.
පසුදින (28) උදෑසන බෙර වාදන ශිල්පියා ඝාතනය කොට කොන්ක්‍රීට් පාරේ මුනින් අතට තබා ටයර් දමා ගිනි තබා තිබූ සිරුර උරහිස් ප්‍රදේශය දක්වා සම්පූර්ණයෙන්ම පිළිස්සී තිබූ අතර හිස පිටුපස ප්‍රදේශයේ දරුණු තැලුම් තුවාල තිබී ඇත. මියගිය අයට අයත් පියාජියෝ වර්ගයේ ත්‍රීරෝද රථයත් මීටර් 50 ක් පමණ මාර්ගය ඉදිරියට වන්නට නවතා තිබියදී ප්‍රදේශවාසීන් දැක පොලිසියට දැන්වීමෙන් අනතුරුව පරීක්ෂණ ආරම්භ කරමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ආරම්භ කළ බුලත්සිංහල පොලිසියේ නිලධාරීන් විසින් ප්‍රධාන සැකකරු සහ යාපනයේ මෑණියන් යැයි පැවසෙන අනියම් බිරිඳ අත්අඩංගුවට ගත් අතර එම කාන්තාවගේ දියණිය ද අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඇත. එදින රාත්‍රී සහයෝගය ලබාදීම සඳහා පැමිණ විදුලි පන්දම මුහුණට අල්ලා උදව් ලබාදුන් පුද්ගලයා ද අත්අඩංගුවට ගන්නා ලදී.
සැකකරුවන් හතර දෙනා මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර ප්‍රධාන සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබා දී ඇත. නියෝජ්‍ය පොලිස්පති කළුතර දිශාව භාර ලක්සිරි විජේසේන, කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් අධිකාරී කාවින්ද පියසේකර, මතුගම සහකාර පොලිස් අධිකාරී (2) ඉනෝකා ලියනගේ යන නිලධාරීන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අයි.එන්.එස් කස්තුරිආරච්චි මහතා මෙන්ම වැඩබලන අපරාධ අංශ ස්ථානාධිපති උ.පො.ප. කසුන්, පො.සැ. (29262) නෙවිල්, පො.සැ (600230) රාජකරුණා, පො.කො (30940) වන්නිනායක, පො.කො (36432) ඒකනායක, සහ කොට්ඨාස බුද්ධි විශේෂ කාර්යාංශ ඒකක නිලධාරීහු එක්ව මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කටයුතු මෙහෙයවති.
ගල්පාත චන්දන පෙරේරා