නවක වධය නිසා දිවි නසා ගන්න හදලාලු
කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ පළමු වසරේ සිසුවියක වැවකට පැන දිවි නසා ගැනීමට උත්සාහ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම විද්‍යාලයේ සිසුන් සිව්දෙනකු පෙරේදා (02දා) අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලිසිය පවසයි.
පෙරේදා දහවල් එම සිසුවිය කාර්මික විද්‍යාලය ආසන්නයේ පිහිටි වැවකට පැන ඇති අතර අසල සිටි පිරිසක් විසින් ඇය බේරාගෙන කුලියාපිටිය රෝහලට ඇතුළත් කර තිබිණි. ඇය මේ වනවිට කුලියාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.
එම සිද්ධිය සම්බන්ධයෙන් කුලියාපිටිය පොලිසිය විමර්ශන සිදුකර කාර්මික විද්‍යාලයේ සිසුන් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. සිසුවියට නවක වධය දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම සිසුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සිසුහු අවුරුදු 24, 25 යන වයස්වල පසුවෙති. එම සිසුන් අද (04දා) කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව උසස් පොලිස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ධර්මසේන වැලිපිටිය