නිලාවේලි පරෙවි දූපත ජාතික උද්‍යානය අවට මුහුදු පතුලේ කොරල්පරවලට හානි කරන ‘ස්ටාර් පිස්’ (තාරකා මාළු ) සහ මුහුදු පත්ලේ රැඳී ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩසටහනක් ලෝක පරිසර දිනය නිමිත්තෙන් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව පෙරේදා (02) සිදුකරනු ලැබීය.
නැගෙනහිර ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන, දිසාපති ඩබ්.ජී. මහේෂ් හේමන්ත කුමාර, කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චාමික වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැති චාම් උත්සවයකින් මෙම වැඩසටහන ආරම්භ කෙරිණි.

ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම් කණ්ඩායම, සංචාරක කිමිදුම් මධ්‍යස්ථානවල කිම්දුම්කරුවන් පොලිස් ජීවිතාරක්ෂකයන් ඇතුළු ස්වෙච්ඡා කණ්ඩයම් දිය යට කිමිද මෙම ස්ටාර් පිස් සහ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කිමිදුම් කටයුතු සිදු කළ අතර මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවට සංචාරයකට පැමිණ මේ දිනවල නිලාවේලි හොටෙල්හි නවාතැන් ගෙන සිටින විදේශීය කිමිදුම්කරුවන් කිහිපදෙනකු ද එක්ව සිටීම විශේෂත්වයක් වුණි.
කන්තලේ ඩබ්.ඒම්.වික්‍රමසිංහ