දූෂණ චෝදනාවක් මත අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් තලවකැලේ ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අශෝක සේපාල මහතා ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියෝග කළාය.
නගර සභාවේ සභාපති ලෙස සිටියදී මස්කඩ කාමරයක් බදු දීමකදී වැඩිම ලංසුවට ලබා නොදී අඩුම ලංසුව ඉදිරිපත් කළ අයට දීමෙන් රජයට රුපියල් 2,380,000 ක් පාඩු කළේ යැයි ඔහු අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. විත්තිකරු වෙනුවෙන් නීතිඥ චමින්ද අතුකෝරළ මහතා පෙනී සිටියේය.
ඒ. ජේ. ඒ. අබේනායක