යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවකු විසින් ඊයේ (02දා) උදෑසන පානදුර, වලාන, ගැමුණු මාවත ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කර පලාගොස් ඇති බව පානදුර දකුණ, මූලස්ථාන පොලිසිය පවසයි.
සම්පූර්ණ මුහුණ ආවරණය කරගත් දෙදෙනකු පුද්ගලයකු ඉලක්ක කරගනිමින් කුඩා ප්‍රමාණයේ ගිනිඅවියකින් තුන් වරක් කොකා ගස්සවා වෙඩි තැබීමට උත්සාහ කර ඇති අතර ගිනිඅවිය පත්තුවී නොමැති බව පොලිසිය කියයි. පානදුර ප්‍රදේශයේ ක්‍රියාත්මක මත්කුඩු ජාවාරමක දෙපිරිසක් අතර පවතින ආරවුලක් හේතුවෙන් මෙය සිදු කර ඇති බවත් පසුගිය සතියක කාලයේදී වෙඩි තැබීම් සිද්ධි තුනක් වාර්තා වී ඇති බවත් පොලිසිය පවසයි. පානදුර අපරධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීහු පරීක්ෂණ සිදු කළහ. පානදුර දකුණ මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.
වාද්දුව – සුමිත් පොතුපිටිය