යාපනය වන්නර් ෆාම් ලෝටස් මාර්ගයේ පිහිටි වන්නෙයි කෝට්ටයම්පති සිරිසිව සුබ්රමනියර් මුරුගන් කෝවිලේ වාර්ෂික පුජාවට තැබූ අඹ ගෙඩියක් ගෙඩියක් රුපියල් හාරලක්‍ෂ හැටදහසකට වෙන්දේසි වූ බව කෝවිල් භාරකාර ප්‍රධාන පූජකවරයා සඳහන් කර සිටියි.
ඒ අනුව දින 15 ක් පුරා පැවැත්වෙන මෙම උත්සවයේ 08 වැනි දිනය වූ 03 දා සවස පැවැති ‘මම්පලම් තිරුවිලා’ උත්සවයේ දී මෙසේ අඹ ගෙඩිය වෙන්දේසි වී තිබේ. එම වෙන්දේසියේ දී දෙස් විදෙස් බැතිමතුන් මෙම අඹ ගෙඩිය ලබා ගැනීමට මහත්සේ උද්යෝග වූ බවත් පසුව කැනඩාවේ සිට පැමිණි බැතිමතකු වෙන්දේසියේ දී අඹ ගෙඩිය ලබා ගත බවත් කෝවිල් භාරකාර පුජකවරු සඳහන් කරති.
මුලතිව් – ප්‍රසන්න ප්‍රදීප්