මත්පෙති 1,800 ක් ළඟා තබා ගත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු සැකපිට ඊයේ (02 දා) අත්අඩංගුට ගෙන ඇතැයි ගොඩකවෙල පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ගොඩකවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අනුයුක්තව සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකි. ඇඹිලිපිටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරි තුසිත කුමාර මහතාගේ උපදෙස් පරිදි ඇඹිලිපිටිය විශේෂ වැටලීම් ඒකකය විසින් සිදුකරන ලද විමර්ශනයකදී කොස්නාතොට ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ නිවසේ තිබී මෙම මත්පෙති තොගය හමුවී ඇත.
මීට පෙර අවස්ථාවක ද මෙම නිවසේ තිබි ගංජා පැළ තොගයක් හමුවී නඩු පැවරූ බවත් ගොඩකවෙල පොලිසිය ප්‍රකාශ කරයි. සැකකරු ඊයේ (02 දා) ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
රක්වාන