බිත්තර නිෂ්පාදනයට සම්බන්ධ අයට විවෘත ආරාධනාවක්
අද සවස 6.00 ට කුලියාපිටිය රුවනි ලෙෂර් රිසෝට් එකට එන්න
වසර ගණනක් කිකිළියෙක් නොදුටු අය බිත්තරය සමග අනවශ්‍ය සෙල්ලම් දමමින් කර්මාන්තය බිඳ හෙළන්නට ගත් උත්සහයන් අද 21 දිනෙන් පසු මුළුමණින්ම නවතා කූඨ වෙළෙඳුන් අතට ගිය සියලු දෑ ගොවීන්ට හා පාරිභෝගිකයන් අතට පත්වන ක්‍රමවත් විද්‍යාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වේවි යැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා කියයි. කුලියාපිටිය රුවනී ලෙෂර් රිසෝට්හිදී මාධ්‍යට (19දා) විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා ඒ බැව් පැවසීය.
තවදුරටත් කතා කළ ඒ මහතා –
මේ කර්මාන්තයේ සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ සහ මහ පරිමාණ වශයෙන් කාණ්ඩ තුනක් ඉන්නවා. ඒ අයට බිත්තරයක් නිෂ්පාදන පිරිවැය රුපියල් 28 සිට 32 දක්වා මේ දිනවල වැයවෙනවා. අමුද්‍රව්‍ය මිල එන්න එන්නම වැඩි වෙනවා විනා අඩුවීමක් නැහැ. ඒ කොයිහැටි වෙතත් අපි එකමුතුව රටේ මන්දපොෂණය තුරන් කිරීමට අඩුම මුදලකින් ලබාගත හැකි බිත්තරය නිපදවමින්
පාරිභෝගිකයා වගේම ගොවියත් ආරක්‍ෂා කරගෙන තියනවා. අද ඉන්න ගොවියා කොන්ද කෙළින් තියන් ඉන්න ආර්ථිකයක් සහිත ගොවීන්.
එහෙත් සමහර මුදලාලිලාට අවශ්‍ය මේ ගොවියා හැමදාම අමුඩේ ගහන් ඉන්නවා දකින්න.
අඩුගානෙ අමුඩ ලේන්සුවෙ රත්තරන් නූලක් දැක්කත් කිකිළියෙක්වත් නැතිව බිත්තරය වෙනුවෙන් සංගම් හදාගෙන ඉන්න වෙළෙන්දෝ ප්‍රශ්නයක් හදනවා. ආයෙ එහෙම ප්‍රශ්න හදන්න කාටවත් හැකියාවක් නැහැ. මින් මතුවට කිසිදු අයකුට ඕන ඕන විදිහට බිත්තර මිල තීරණය කරන්න දෙන්නෙ නැහැ. ඒ පිළිබඳ උනන්දුවක් දක්වන ඕනෑම අයකුට තමන්ගේ නම ප්‍රදේශය සඳහන් කරලා පණිවුඩය අවශ්‍ය අංකයෙන් 0707030700 අංකයට කෙටි පණිවුඩයක් එවීමෙන් සෑම සඳුදා දිනකම අලුයම 5 වනවිට සංශෝධිත මිල ගණන් තොග සිල්ලර ආදී වශයෙන් දැනගැනීමට හැකියාව පවතිනවා.
අපි අපේ අධ්‍යක්‍ෂ මණ්ඩලය විවිධ පාර්ශ්ව සමගින් සාකච්ඡා කරමින් ලබාගත් කරුණුත් උපයෝගි කරගෙන මේ සඳහා විද්‍යාත්මක ක්‍රමයක් පිළිබඳව ගවේෂණය කළා. මේ වන විට එහි සාර්ථකත්වය පේන්න තියන නිසාම අපේ කර්මාන්තය හා සම්බන්ධ සියලු අය සමග සාකච්ඡා කරන්න අපි තීරණයක් ගත්තේ ඒ නිසයි. එහිදී බිත්තර ගොවීන්, ඖෂධ බෙදාහරින්නන්, සත්ව ආහාර නිපදවන්නන්, හැචරි හිමියන්, ප්‍රවාහනය කරන්නන්, වෙළෙන්දන් ආදී සෑම ක්‍ෂේත්‍රයකම අයට විවෘත ආරාධනාවක් කළා අද 21 සෙනසුරාදා සවස 6.00 ට කුලියාපිටිය රුවනි ලෙෂර් රිසෝට් එකට එන්න කියලා. මේක ඉතිහාසගත වන සාකච්ඡාවක් වේවි. එහිදී සංගමයේ අදහස් මෙන්ම ඔබේ අදහස් සියල්ල සම්පිණ්ඩනය කරමින් සියලු දෙනාගේ යහපත වෙනුවෙන් හොඳ තීන්දු තීරණ රැසක් ගන්න පුළුවන් වේවි.
කුලියාපිටිය – උපේන්‍ද්‍ර සේරසිංහ