ඇලයාපත්තුව පොලිස් වසමේ මාණිංගමුව ප්‍රදේශයේ වෙල්යායක විදුලි සර වැදී ජීවිතක්ෂයට පත්ව වැටී සිටි වන අලියකුගේ මළසිරුරක් ඊයේ (20දා) උදෑසන සොයා ගත් බව ඇලයාපත්තුව පොලිසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 15ත්, 18ත් අතර වියේ පසුවන වන අලියෙකි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ මානින්ගමුව ප්‍රදේශයේ වෙසෙන ගොවි ජනතාවගේ වී වගාව සහ භව භෝග සියල්ලක්ම වනසතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ගොවීන් විවිධ උපක්‍රම භාවිත කරයි.
එවැනි භව භෝග ආරක්ෂා කර ගැනීම සඳහා ගොවීයෙකු විසින් මානින්ගමුව ඇත්පැටියාව ප්‍රදේශයේ කුඹුරු යායක් වටා සවිකර තිබූ අනවසර විදුලි රැහැනක ගැටීමෙන් මෙම වන අලියා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කළේය.
මෙම අනවසර විදුලි රැහැන සවිකරන ලද පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා ඇලයාපත්තුව පොලිසියේ නිලධාරීහු කණ්ඩායමක් වැඩි දුර විමර්ශන මෙහෙයවති.
මිහින්තලේ – රංග චතූ