Thursday, 17 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: වැලිගම හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියේ පොලිස් විමර්ශනවල අඩුපාඩු රැසක් – සීඅයිඩී විමර්ශන ප්‍රධානී අශෝක ෂෙල්ටන්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 17 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: වැලිගම හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියේ පොලිස් විමර්ශනවල අඩුපාඩු රැසක් – සීඅයිඩී විමර්ශන ප්‍රධානී අශෝක ෂෙල්ටන්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Ad imageAd image
ප්‍රාදේශීය පුවත්

වැලිගම හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියේ පොලිස් විමර්ශනවල අඩුපාඩු රැසක් – සීඅයිඩී විමර්ශන ප්‍රධානී අශෝක ෂෙල්ටන්

June 21, 2025
1303 Views

උණ්ඩ කොපු තිබුණු ස්ථාන සලකුණු කර නෑ

හිස් පතොරොම් සහ උණ්ඩ කොපු අතර නොගැළපීම්

සී.සී.ටී.වී. දර්ශන පරස්පරයි

වැලිගම ‘ඩබ්ලිව් 15’ හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය මගින් සිදුකරන ලද විමර්ශනවල අඩුපාඩු රැසක් පැවැති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කටයුතු ප්‍රධානී අශෝක ෂෙල්ටන් කරුණාතිලක මහතා පෙරේදා (19දා) පාර්ලිමේන්තු පරීක්‍ෂණ කමිටුව හමුවේ සාක්‍ෂි දෙමින් පැවසීය.

මෙම සිදුවීමට අදාළව වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් මෙම විශේෂ කමිටුව පත්කර ඇත.

පෙරේදා (19දා) 8 වැනි දිනටත් රැස්වූ මෙම කමිටුව හමුවේ සාක්‍ෂිකරුවන් 7 දෙනකු ප්‍රකාශ ලබාදුන් අතර එහි අවසන් සාක්‍ෂිකරු වූයේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කටයුතු ප්‍රධානී අශෝක ෂෙල්ටන් මහතාය. මෙම වෙඩි තැබීමට අදාළව වැලිගම පොලිසිය විසින් සිදුකර ඇති පරීක්‍ෂණවලට අදාළව තවදුරටත් සාක්‍ෂි ලබාදෙමින් අශෝක ෂෙල්ටන් කරුණාතිලක මහතා මෙසේ ද කීවේය.

“ස්වාමීනි, වැලිගම පොලිසිය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඉදිරියට අරගෙන ගිහින් තියෙන්නේ අඩුපාඩු ගොඩක් සහිතවයි. අපරාධ ස්ථානයේ තිබුණු උණ්ඩ කොපු පවා තිබුණු ස්ථාන සලකුණු කර නැහැ.

“අදාළ ස්ථානයේ තිබුණු හිස් පතොරොම් සහ උණ්ඩ කොපු අතර නොගැළපීමක් තිබෙනවා. අපරාධය සිදුවූ ස්ථානය අවට සී.සී.ටී.වී. දර්ශන පරස්පරයි.

“එවැනි අඩුපාඩු විමර්ශනය තුළ ඇතිවූ නිසයි වැලිගම පොලිසියේ අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිට එරෙහිව නඩු පැවැරීමට ක්‍රියා කළේ.”

“වෙඩි වැදී මියගිය පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් ද නිවැරදි විමර්ශනයක් සිදුකර නැහැ ස්වාමිනී.”

දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ එස්. වීරවික්‍රම මහතා,

දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබා ගත්තේ දේශපාලනික හෝ අමාත්‍යාංශ ලේකම්වරයකුගේ අවශ්‍යතාවය මතද?

අශෝක ෂෙල්ටන් කරුණාතිලක මහතා

නැහැ ස්වාමීනි,

මෙහිදී නීතිඥ එස්. වීරවික්‍රම මහතා දිගින් දිගටම උස් හඬින් සාක්‍ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදුකළ අතර එහිදී පරීක්‍ෂණ කමිටුවේ විනිසුරුවරයකු ඔහුට උපදෙස් දුන්නේ කේන්ති නොගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන ලෙසටයි.

ඒ අනුව මෙම පරීක්‍ෂණ කමිටුව හමුවට රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා විසින් ඉදිරිපත් කරන ලද සාක්‍ෂිකරුවන්ගේ ප්‍රකාශ සටහන්කර ගැනීම අවසන් විය.

කමල් බෝගොඩ

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025

රවි කටකයට

July 13, 2025
Related News
ප්‍රාදේශීය පුවත්

පොලිස් ආරක්ෂව තිබියදීත් වැලිගම ප්‍රා. සභා මන්ත්‍රී තාරකගේ තෙලිජ්ජවිල නිවසට වෙඩි වරුසාවක්

ප්‍රාදේශීය පුවත්

සිසු ගැටුමෙන් පසු අග්නිදිග සරසවියේ විභාග දින නියමයක් නැතිව කල් දමයි

ප්‍රාදේශීය පුවත්

හයේෂිකාගෙන් පහර කෑ බව කියන තරුණයා සිදුකළ ලිංගික හිංසනය ගැන වාර්තාවක් දෙන්න – උසාවියෙන් පොලිසියට නියෝගයක්

ප්‍රාදේශීය පුවත්

පොලිසියේ අයට ලස්සන වෙන්න ‘රූසිරි’ මොඩ් වෙයි

ප්‍රාදේශීය පුවත්

මාස 6ට ඉන්දීය ධීවරයෝ 181ක් උතුරු මුහුදේදී අත්අඩංගුවට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok