ලංකා ජර්මානු කාර්මික ආයතනය(GGTTi) නිල වශයෙන් ISO 9001(2015)ජාත්‍යන්තර ප්‍රමිති සහතිකය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් (SLSi) ලබාගෙන ඇත.
ලෝක මට්ටමේ තාක්ෂණික පුහුණුවක් ලබාදීම, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලවීම සහ සිසුන්ට කර්මාන්තයට වඩා හොඳ සේවාවක් ලබාදීම වෙනුවෙන් මෙම සහතිකය ලබාදී ඇත.
ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ අධ්‍යක්ෂ විදුහල්පති/ ප්‍රධාන විධායක නිලධාරි ඉංජිනේරු (මේජර් ජෙනරාල්) පී.එස්. කල්ප සංජීව (විශ්‍රාමික) මහතා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLSi) අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා ජී. සේනාරත්න මහත්මිය වෙතින් ISO 9001(2015) ප්‍රමිති සහතිකය ලබාගත් අයුරු මෙහි දැක්වේ.
ඡායාරූපය :- ඉරංග ගුණවර්ධන – මොරටුව