Tuesday, 17 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: තණමල්විල පොලිසිය සීරුවෙන් හිටගනී – අනතුර මගහැරේ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 17 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: තණමල්විල පොලිසිය සීරුවෙන් හිටගනී – අනතුර මගහැරේ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රාදේශීය පුවත්

තණමල්විල පොලිසිය සීරුවෙන් හිටගනී – අනතුර මගහැරේ

7 hours ago
258 Views

බණ්ඩාරවෙල සිට මාතරට අනාරක්ෂිත බසය:
මගීන්ගෙන් තණමල්විල පොලිසියට ප්‍රශංසා

ධාවනයට නුසුදුසු තත්ත්වයේ තිබියදී මගීන් 70කට වැඩි පිරිසක් ද සමග බණ්ඩාරවෙල සිට මාතර දක්වා ගමන් කරමින් තිබූ වැල්ලවාය ඩිපෝවට අයත් ලංගම බස් රථයක් තණමල්විල පොලිසිය විසින් තණමල්විල නගරයේදී නවතා එම බස් රථය තණමල්විල ඩිපෝව වෙත යොමුකර, සිදුවීමට ගිය මහ අනතුරක් වැළැක්වීමට තණමල්විල පොලිසිය කටයුතු කර තිබේ.

බණ්ඩාරවෙල සිට ගමන් ආරම්භ කර ඇති මෙම බස් රථය මගීන් 70 කට ආසන්න පිරිසක් සමග මාතර දක්වා ගමන් කරමින් සිට තිබේ. එහිදී බස් රථය එක් පසෙකට ඉතා අනාරක්ෂිත ලෙස ඇලවී තිබියදීත් එය ඉදිරියටම මගීන් සමග ධාවනය කර තිබේ. පසුව මේ සම්බන්ධයෙන් බස් රථයේ මගීන් විසින් තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ඩී.එම්.පී. බණ්ඩාර මහතාට දැනුම් දී තිබේ. ඒ අනුව වහා ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා පොලිස් නිධාරීන් යොදවා අදාළ බස් රථය තණමල්විල නගරයේදී නවතා පරීක්ෂාවට ලක්කර තිබේ. එහිදී පොලිස් නිලධාරීන්ට ද දැකගත හැකිව ඇත්තේ බස් රථයේ දෝෂයක් තිබියදී මගීන් සමගින් අනාරක්ෂිතව මෙය ධාවනය කර ඇති බවයි. පසුව පොලිස් නිලධාරීන් විසින් බස් රථය මාතර දක්වා ධාවනය කිරීම නවතා එම අවස්ථාවේදීම බස් රථය තණමල්විල ඩිපෝව වෙත යොමු කරවා මගීන්ගේ ආරක්ෂාව තහවුරු කර තිබේ. බස් රථය ඩිපෝව වෙත යොමුකර බස් රථයේ දෝෂය නිවැරදි කිරීමෙන් පසු යළි ධාවනයට එක් කිරීමට පොලිසිය අවසර දී තිබේ. මගීන් පැවසුවේ සිදුවන්නට ගිය විශාල අනතුරක් තණමල්විල පොලිසියේ නිලධාරීන්ගේ ඉක්මන් ප්‍රතිචාරය නිසා වැළකුණු බවයි.

මත්තල – දිලීප් එන් ජයසේකර සහ තණමල්විල – සඳුන් පුෂ්පකුමාර

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

3 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

3 days ago

යන නොසිතු වෙලාවක වියැකී – ජීවය තණ අඟ පිනි බිඳකි…

3 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

2 days ago

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

2 days ago
Related News
ප්‍රාදේශීය පුවත්

නෑනාගේ මළගෙදර ගොස් සුදු ඉරෙන් පාර පැන්න – දෙසොහොයුරියෝ ගෝනාපලදී සැප රියට බිලි වෙති

ප්‍රාදේශීය පුවත්

මුහුද මැද බෝට්ටුවක් පෙරළී ධීවරයෝ දෙදෙනෙක් අතුරුදහන්

ප්‍රාදේශීය පුවත්

පරීක්ෂා නොකර මුදාහැරිය බහාලුම් තුළ තිබූ තායිලන්ත බඩු ගැන විමර්ශනයක් ඉල්ලයි

ප්‍රාදේශීය පුවත්

කොළඹ පුරපති තෝරා පත් කරගැනීමේදී…

ප්‍රාදේශීය පුවත්

දඹුල්ල ප්‍රා. සභා සජබ මන්ත්‍රීන් හය දෙනාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok