රේගු පරීක්ෂාවකින් තොරව මුදාහරින ලද බව කියන කන්ටේනර් 323ට අයත් බහාලුම් තුළ ඇති තායිලන්තයේ සිට මෙරටට රැගෙන ආ භාණ්ඩ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදුකරන ලෙස සහ වගකිවයුත්තන් අත්අඩංගුවට ගන්නා ලෙස පවසමින් ජන අරගලයේ පුරවැසියෝ සංවිධානය විසින් පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කෙරිණ.
එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා පැවසූ පරිදි ප්‍රශ්නගත බහාලුම් තුළ මෙරටට ගිනි අවි, සහ පුපුරන ද්‍රව්‍ය රැගෙනවිත් ඇති බවට සමාජය තුළ දැඩි විශ්වාසයක් හා බරපතළ සැකයක් තිබෙන හෙයින් මේ සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා සිටි බවද ජන අරගලයේ පුරවැසියෝ සංවිධානයේ ලේකම් චානක බණ්ඩාර මහතා පැවසීය.
පසුගිය කාලසීමාව තුළ පැවැති රේගු තදබදය නිසා ප්‍රශ්නගත බහාලුම් මුදාහැරීමට නියෝගය දුන් රේගු අධ්‍යක්ෂ ජනරාල් සහ රේගු නිලධාරීන් පිළිබඳව ද කඩිනම් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා සිටි බව හෙතෙම පැවසීය.
සුජාතා ජයරත්න