Saturday, 7 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: පරීක්‍ෂා නොකර නිදහස් කළ කන්ටේනර් තුන්සීයේ තිබුණේ අපේ ප්‍රභාකරන්ගේ ගිනිඅවි – අර්චුනා මැතිසබයේදී සිංහලෙන්ම කියයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 7 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: පරීක්‍ෂා නොකර නිදහස් කළ කන්ටේනර් තුන්සීයේ තිබුණේ අපේ ප්‍රභාකරන්ගේ ගිනිඅවි – අර්චුනා මැතිසබයේදී සිංහලෙන්ම කියයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

පරීක්‍ෂා නොකර නිදහස් කළ කන්ටේනර් තුන්සීයේ තිබුණේ අපේ ප්‍රභාකරන්ගේ ගිනිඅවි – අර්චුනා මැතිසබයේදී සිංහලෙන්ම කියයි

20 hours ago
2778 Views

2009 ට කලින් ගෙන්වන්න බැරි වුණු කන්ටේනර් කේපී හරහා දැන් ගෙනාවා – මට කිව්වේ ජර්මනියේ ඩයස්පෝරාවෙන්

පරීක්ෂාවකින් තොරව නිදහස් කළ කන්ටේනර් තුළ තිබුණේ කේපී විසින් යුද සමයේ වේළුපිල්ලේ ප්‍රභාකරන් වෙත එවීමට තිබුණු ආයුධ තොග යැයි යාපනය දිස්ත්‍රික් ස්වාධීන මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05දා) කීය.

ඒ බව ජර්මනියේ සිටින දෙමළ ඩයස්පෝරාවෙන් තමන්ට දැනුම් දුන් බවද හෙතෙම සිංහලෙන් කියා සිටියේය.

අර්චුනා මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

“මේගොල්ලෝ ජනාධිපතිවරණයට ඉල්ලන්න පෙර ජනාධිපති ජර්මන් ගිහින් තිබුණා. ගිහින් අපේ දෙමළ ඩයස්පෝරාව හමුවුණා. හමුවෙලා කරන්න බැරි දේවල් කරනවා කියලා යම්කිසි පොරොන්දුවක් දුන්නා.

තායිලන්තයේ තිබුණු කන්ටේනර්වල තිබුණේ අපේ ප්‍රභාකරන්ගේ බඩු ටික. මම සිංහලෙන් කියන්නේ මේක කිව්වට පස්සේ මට මරණ තර්ජන එයි. ඒත් මම බය නෑ. 2009 ට කලින් ප්‍රභාකරන් ගෙන්වන්න උත්සාහ කරලා ගෙන්වන්න බැරිවුණු බඩු තායිලන්තයේ ඉතුරු වෙලා තිබුණා. කේපී (කුමරන් පද්මනාදන්) හරහා දැන් ඒ කන්ටේනර් මෙහෙට ගෙන්වලා තිබෙනවා කියලා මිනිස්සු කතා වෙනවා. මටත් ජර්මනියේ මගේ ඩයස්පෝරාවෙන් කතා කරලා කිව්වා. අන්තිමට ඉතුරු වුණු ආයුධ ටික, ගිනිඅවි ටික කන්ටේනර්වලට දාලා මේ ළඟදී ගෙනාවේ කියලා. හැබැයි මට මේක ඔප්පු කරන්න බෑ. මම වගකීමෙන් කියන්නේ. ඒ කන්ටේනර් තුන්සියේ තිබුණේ අපේ ප්‍රභාකරන්ගේ ගිනිඅවි. ඒවා ඉතිරි වෙලා තැන්තැන්වලට ගිහින් ආපහු මෙහෙට ගෙනල්ලා තිබෙනවා.

මූලාසනය – මන්ත්‍රීතුමා ඔය කරන ප්‍රකාශයේ වගකීම භාරගත යුතුයි.

රාමනාදන් අර්චුනා මහතා – අනිවාර්යයෙන් මම වගකීම භාරගන්නවා. මම සිංහලෙන් නේ කිව්වේ. ඒවා කිව්වාම මාව පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන්න මේ ජුනි 26 නඩුව තිබෙනවා. දැන් මේක කිව්වාම මාව ඉවත් කරයි. පළාත් සභා ඡන්දය එනවානේ ඒක එතකොට බලාගමු.

මගේ තාත්තා කොටි පොලිසියේ ඉන්න කාලේ කකුල තුවාල වෙලා මැරුණා. කකුල කෑලි කෑලිවලට කපලා තිබෙනවා. මට කොටි ඩයස්පෝරාවෙන් සල්ලි දුන්නා. ඕගොල්ලන්ගේ ජනාධිපතිතුමාටත් සල්ලි දුන්නා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

3 days ago

බල්තසාර් වැඩට

6 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

6 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

6 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

20 hours ago
Related News
ප්‍රධාන පුවත්

දවස් දෙකේ බබා රු. 75,000ට විකුණන්න ගිය කාන්තාව වසර 7ක් හිරේ

ප්‍රධාන පුවත්

ඔබ වෙනස් වෙන්නෙ නැතිනම් අපි වෙනස් කරනවා – ජනාධිපති අනුර කුමාර දිසානායක රාජ්‍ය නිලධාරින්ට කියයි

ප්‍රධාන පුවත්

සමෘද්ධි බැංකු රජයේ විගණනයට – ඇමැති පන්නිලගේ

ප්‍රධාන පුවත්

කොළඹ නගර සභාවේ සජබ බලය පිහිටුවීම නවත්වන්නට ආණ්ඩුව කුමන්ත්‍රණ කරනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්

ප්‍රධාන පුවත්

ට්‍රම්ප් රටවල් 12 කට ඇමෙරිකාවේ දොර වසයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok