සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමිති රජයේ විගණනයට යටත් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට ආණ්ඩුව කටයුතු කර තිබේ.
ඒ අනුව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ උපදෙස් පරිදි මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත.
රාජ්‍ය සංස්ථාවල ගිණුම් විගණනය කිරීමට අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 වන ව්‍යවස්ථාවේ විධිවිධාන සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන, සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමිති විගණනය සඳහා අදාළ කර ගනු ලැබේ.
අකිත පෙරේරා