Friday, 6 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: නව බාර් ලයිසන් දීම රනිල්ට එරෙහි පෙත්සම් දෙකක් විභාගයට – ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 6 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: නව බාර් ලයිසන් දීම රනිල්ට එරෙහි පෙත්සම් දෙකක් විභාගයට – ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

නව බාර් ලයිසන් දීම රනිල්ට එරෙහි පෙත්සම් දෙකක් විභාගයට – ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි

2 days ago
699 Views

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සුරාබදු පනතට පටහැනි අන්දමින් නව මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම මගින් මුදල් ඇමැතිවරයා ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇති බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම් දෙකක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ 2024 ජූලි 26 වැනිදා සිට ජනාධිපතිවරණය පැවැත්වූ 2024 සැප්තැම්බර් 24 වැනිදා තෙක් මාස දෙකක කාලය තුළ නිකුත් කළ මත්පැන් බලපත්‍රවලට අදාළ තොරතුරු සහ 2024 වසර තුළ අලුතින් නිකුත් කළ මත්පැන් බලපත්‍රවලට අදාළ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට වැඩිදුරටත් නියෝග කළේය.

යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා, මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ පෙත්සම ඊයේ (03දා) කැඳවනු ලැබීය.

මාතලේ ප්‍රදේශයේ පදිංචි තංගවේලු ධනේන්දරාජා ඇතුළු පිරිසක් ගොනු කර තිබූ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ඒ. ගුණසිරි, අතිරේක සුරාබදු කොමසාරිස් ඒ. එම්. පී. අරම්පල, නියෝජ්‍ය කොමසාරිස්වරුන් වන සී. ජේ. ඒ. වීරක්කොඩි, යූ. ඩී. එන්. ජයවීර සහ මුදල් අමාත්‍ය ලේකම් මහින්ද සිරිවර්ධන මහත්වරු සහ අල්ලස් කොමිසමේ සභාපතිවරයා ඇතුළු 39 දෙනකු නම් කර ඇත.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ පසුගිය ජූලි 26 වැනිදා සිට ජනාධිපතිවරණ පැවැති සැප්තැම්බර් 21 වැනිදා අතර කාලසීමාව තුළ වගඋත්තරකරුවන් සුරාබදු පනතේ විධිවිධානයන්ට පටහැනිව යමින් මත්පැන්හල් බලපත්‍ර ගණනාවක් නිකුත් කර ඇතැයි සඳහන් කරන පෙත්සම්කරුවෝ අදාළ බලපත්‍ර අහෝසි කරන්නැයි ඉල්ලා සිටිති.

පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන්නැයි ද පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරව අදාළ නියෝග නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාගයට ගැනීමට තීරණය කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

2 days ago

බල්තසාර් වැඩට

5 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

5 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

5 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

4 days ago
Related News
ප්‍රධාන පුවත්

දවස් දෙකේ බබා රු. 75,000ට විකුණන්න ගිය කාන්තාව වසර 7ක් හිරේ

ප්‍රධාන පුවත්

ඔබ වෙනස් වෙන්නෙ නැතිනම් අපි වෙනස් කරනවා – ජනාධිපති අනුර කුමාර දිසානායක රාජ්‍ය නිලධාරින්ට කියයි

ප්‍රධාන පුවත්

පරීක්‍ෂා නොකර නිදහස් කළ කන්ටේනර් තුන්සීයේ තිබුණේ අපේ ප්‍රභාකරන්ගේ ගිනිඅවි – අර්චුනා මැතිසබයේදී සිංහලෙන්ම කියයි

ප්‍රධාන පුවත්

සමෘද්ධි බැංකු රජයේ විගණනයට – ඇමැති පන්නිලගේ

ප්‍රධාන පුවත්

කොළඹ නගර සභාවේ සජබ බලය පිහිටුවීම නවත්වන්නට ආණ්ඩුව කුමන්ත්‍රණ කරනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok