වගා කිරීම සඳහා ප්‍රමාණවත් ඉඩම් නොමැති වීම මහවැලි කලාපයේ ගොවීන්ට ඇති ප්‍රධාන ගැටලුවක් වුවද පසුගිය කාලයේ නළුවන්ට, ක්‍රිකට් ක්‍රීඩකයන්ට, ඇමැතිවරුන්ට ඉඩම් අක්කර සීය, දෙසීය, තුන්සීය මෙන්ම සමහර අවස්ථාවල අක්කර පන්සීයත් බෙදා දී තිබෙන බව පොලොන්නරුව දිස්ත්‍රික් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (03දා) පැවසීය.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නයකට අතුරු ප්‍රශ්නයක් යොමු කරමින් මන්ත්‍රීවරයා මේ බව කී අතර එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද කීය.
මහවැලි කලාපයේ පවතින විශාලම ගැටලුවක් තමයි ඉඩම්. පසුගිය කාලයේ නළුවන්ට, ක්‍රිකට් ක්‍රීඩකයන්ට, ඇමැතිවරුන්ට මහවැලි කලාපවලින් අක්කර සීය, දෙසීය, තුන්සීය ගාණේ ලබා දීලා. සමහර අවස්ථාවල අක්කර පන්සියයක් පුද්ගලිකව බෙදා දීලා තිබෙනවා. නමුත් ඒ ඉඩම්වල කිසිදු වගාවක් කරලා නෑ. මහවැලි බී සහ ඩී කලාපයේ ඒ ඉඩම්වල අයිතිය වෙනත් අයට පවරමින් මුදල් ලබාගැනීමක් සිදු වෙනවා. ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශය ගන්නා ක්‍රියාමාර්ගය මොකක්ද කියා දැනගන්න අවශ්‍යයි.
ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය ඇමැති වෛi සුසිල් රණසිංහ මහතා –
අපි ඒ සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. මහවැලි ඉඩම් සම්බන්ධයෙන් ප්‍රශ්න තිබෙනවා නම් පළමුවෙන්ම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී සාකච්ඡා කරන්න. ඒ ගැන අපට තොරතුරු වාර්තා කරන්න අපි අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නම්.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන