බලය අයුතු ලෙස භාවිතා කරමින් රතු ලේබලයෙන් යුතු බහාලුම් රේගුවෙන් පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමට උපදෙස් ලබාදීමේ නීතිවිරෝධී ක්‍රියාව සිදුකළ බිමල් රත්නායක අමාත්‍යවරයාට එරෙහිව විමර්ශනයක් සිදුකර නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන මෙන් ඉල්ලා පිවිතුරු හෙළ උරුමය විසින් ඊයේ (02දා) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් භාර දෙන ලදී.
පිවිතුරු හෙළ උරුමය සංස්කෘතික කටයුතු ලේකම් ශිරන්ත ජයලත් මහතා විසින් මෙම පැමිණිල්ල ගොනු කරන ලද අතර පිවිතුරු හෙළ උරුමය කොළඹ දිසා සංවිධායකවරුන් පිරිසක් ද එම අවස්ථාවට එක්වූහ.