Friday, 11 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: නවකවධය මඬින මාර්ගෝපදේශ තදින් ක්‍රියාත්මක කරන්න
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 11 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: නවකවධය මඬින මාර්ගෝපදේශ තදින් ක්‍රියාත්මක කරන්න
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

නවකවධය මඬින මාර්ගෝපදේශ තදින් ක්‍රියාත්මක කරන්න

July 10, 2025
224 Views

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නියෝග

විශ්වවිද්‍යාල තුළ හා උසස් අධ්‍යාපන ආයතන තුළ සිදුවන සියලු ආකාරයේ නවකවධය ලබාදීමේ සිද්ධීන් සම්පූර්ණයෙන්ම මැඬපැවැත්වීම සඳහා සකස් කර තිබෙන මාර්ගෝපදේශ මාලාව තදින්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (09 දා) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නියෝග කළේය.

රට පුරා පිහිටි ඕනෑම විශ්වවිද්‍යාලයක හා උසස් අධ්‍යාපන ආයතනයක සිදුවන නවකවධය ලබාදීම් පිළිබඳ නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගෙන විමර්ශන සිදුකරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය වැඩබලන පොලිස්පතිවරයාටත් නියෝගයක් නිකුත් කළේය. එකී මාර්ගෝපදේශ මාලාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් මෙන්ම තාක්‍ෂණික සහාය හා පහසුකම් ලබාදීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට ද නියෝග කළේය.

2020.03.06 වැනිදා කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තුළ පැවැති වැඩසටහනක් අතරතුරදී ජ්‍යෙෂ්ඨ සිසුන් සිදුකළ අමානුෂික නවකවධයට ගොදුරු වී ශරීරයට හා මොළයට සිදුවූ තුවාල හේතුවෙන් දැඩි ලෙස රෝගාතුර වී සිටින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබමින් සිටි ජයසිංහ ආරච්චිගේ පසිඳු හිරුෂාන් සිල්වා දෙවන පෙත්සම්කරු ලෙස ඇතුළත් කරමින් ඔහුගේ වැඩිමහල් සොහොයුරිය වන නීතිඥ ශාර්මිලා ප්‍රියදර්ශනී සිල්වා මහත්මිය ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්මසක් විභාග කළ ශිරාන් ගුණරත්න, කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු හා සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල එම නියෝග කළේය.

තම අධිකරණය විසින් ලබාදුන් එකී නියෝගය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව මාස හයක කාලයක් ඇතුළත අධිකරණයට වාර්තා කළ යුතු බවට ද අදාළ පාර්ශ්වවලට එම තීන්දුව මගින් වැඩිදුරටත් නියෝග කළ විනිසුරු මඬුල්ල එම මූලික අයිතිවාසිකම් පෙත්සම ප්‍රගතිය විමසීම සඳහා ලබන ජනවාරි 15 වැනිදා යළි කැඳවීමට ද වැඩිදුරටත් නියෝග කළේය.

විශ්වවිද්‍යාලවල පවතින නවකවධය ලබාදීමේ සංස්කෘතිය සම්පූර්ණයෙන්ම පාහේ මැඬපැවැත්විය යුතු බවත් පීඨාධිපතිවරුන්, උපකුලපතිවරුන් ඇතුළු සියලු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළ යුතු බවත්, පිටු 48 කින් සමන්විත එකී තීන්දුව නිකුත් කරමින් විනිසුරු මඬුල්ලේ සභාපතිවරයා ලෙස කටයුතු කළ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා පෙන්වා දුන්නේය.

උසස් අධ්‍යාපනය ලබා විශ්වවිද්‍යාලවලට ඇතුළත්වීමේ වරම ලැබෙනුයේ මෙරට ජනගහනයෙන් ඉතාමත් සුළු පිරිසකට බවත් එකී සුළු පිරිසට ද ජ්‍යෙෂ්ඨ සිසු සිසුවියන්ගෙන් එල්ල වන අමානුෂික හිරිහැර නිසා මෙවැනි ආකාරයේ අවාසනාවන්ත සිදුවීම්වලට ගොදුරුවීම සුළු කොට තැකිය නොහැකි බවත් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පෙත්සම් විභාගයේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලට පෙන්වා දී තිබිණි. එම පෙත්සමේ වගඋත්තකරුවන් ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම්කොට තිබිණි.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ විර්තුලා ස්කන්දරාජා මහත්මිය සමග ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පෙනී සිටි අතර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය 1 සිට 5 වන විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටියාය.

නීතිඥ චතුර ගල්හේන, ජ්‍යෙෂ්ඨ නීතිඥ විජිත් සිං, ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් සෙසු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.

ඒ. ජේ. ඒ. අබේනායක

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

අධිකරණය නොමඟ යැවූ සී.අයි.ඩී.යට නිසි පියවර ගන්නැයි පැමිණිලිකාරියගෙන් ජනපතිට පැමිණිලි

July 7, 2025

කතරගම එදා දඩ මස් වෙනුවට බලු මස් අද ගම් කුකුළු මස් වෙනුවට මොනර මස් ?

July 6, 2025
Related News
ප්‍රධාන පුවත්

කෙහෙල්බද්දර පද්මේ මැලේසියාවේදී කොටු?

ප්‍රධාන පුවත්

පාස්කු ප්‍රහාරය පිල්ලෙයාන් කලින්ම දැන ඉඳලා – විමර්ශන නැවතත් අලුතින් ආරම්භ කළා

ප්‍රධාන පුවත්

පෝදා සිතුවිලි – ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ ඇසළ පොහොය

ප්‍රධාන පුවත්

අරගල සමයේ ජොනීගේ හෝටලයට හානි කළ 10 දෙනා වරද පිළිගනිති – බරපතළ වැඩ සහිත අත්හිටුවූ සිරදඬුවම්

ප්‍රධාන පුවත්

හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇප මත මුදාහරී

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok