Thursday, 10 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: අරගල සමයේ ජොනීගේ හෝටලයට හානි කළ 10 දෙනා වරද පිළිගනිති – බරපතළ වැඩ සහිත අත්හිටුවූ සිරදඬුවම්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 10 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: අරගල සමයේ ජොනීගේ හෝටලයට හානි කළ 10 දෙනා වරද පිළිගනිති – බරපතළ වැඩ සහිත අත්හිටුවූ සිරදඬුවම්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

අරගල සමයේ ජොනීගේ හෝටලයට හානි කළ 10 දෙනා වරද පිළිගනිති – බරපතළ වැඩ සහිත අත්හිටුවූ සිරදඬුවම්

July 10, 2025
325 Views

පෙර දඬුවම් අමතක නම් 10 වැනි විත්තිකරුට මතක හිටින දඬුවමක් දීමට සූදානම්
විනිසුරු

පසුගිය අරගල සමයේදී එනම් 2022 මැයි 9 වැනිදා යුනියන් පෙදෙසේ පිහිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් හොටෙල් කලම්බු නමැති සංචාරක හෝටලයට පොලු මුගුරු රැගෙන කඩාවැදී අලාභහානි කිරීම, එහි නවතා තිබූ ජීප් රථ දෙකකට පහරදී රුපියල් ලක්‍ෂ තිස් පහකට අධික අලාභයක් සිදුකිරීම ඇතුළු චෝදනාවලට වරද පිළිගත් කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයකු වන මොහොමඩ් ඉස්මයිල් මොහොමඩ් අනාස් ඇතුළු විත්තිකරුවන් දසදෙනකුට බරපතළ වැඩසහිත වසර දෙක බැගින් වූ සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය එම සිරදඬුවම් ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට ද ඊයේ (09දා) නියෝග කළාය.

විත්තිකරුවන් අතරින් නවදෙනකුට රුපියල් 65,000 බැගින් වූ දඩයක් ද එම හෝටලයට අයත් ලැප්ටොප් පරිගණකයක් පැහැරගෙන යෑමේ චෝදනාවට ද වරදකරු කරනු ලැබූ පළමුවන විත්තිකාර මොහොමඩ් මුස්නි මුබාරක් නමැත්තාට රුපියල් 80,000ක දඩයක් ද නියම කළ විනිසුරුවරිය විත්තිකරුවන් අධිකරණයේ කාලය හා පැමිණිල්ලේ කාලය වැය නොකර මුල් අවස්ථාවේදී වරද පිළිගැනීම නිසා එවන් ලිහිල් දඬුවම් නියම කරන බව කීවාය.

එම නඩුව ඊයේ (09දා) කැඳවූ අවස්ථාවේදී සිය සේවාදායකයන් වරද පිළිගෙන කෙටි ක්‍රමයකින් නඩුව අවසන් කර ගැනීමට සූදානම් බවත් හෝටලයට සිදුවූ අලාභයට හා ජීප් රථ දෙකට සිදුවූ අලාභහානිවලට රුපියල් ලක්ෂය බැගින් වන්දි ගෙවීමට සූදානම් බවත් විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ සේනක පෙරේරා හා නීතිඥ ලක්ෂිත විතානගේ යන මහත්වරු පැවැසූහ.

අගතියට පත් පාර්ශ්වය එකඟ නම් විත්තිකරුවන් වෙනුවෙන් කරන එම ඉල්ලීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් තමන් විරුද්ධත්වයක් නොදක්වන බව නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවන රජයේ අධිනීතිඥ කේෂාණි විජේසිංහ මහත්මිය පැවසුවාය.

එහිදී පැමිණිල්ලේ 11 වන සාක්‍ෂිකරු ලෙස නම්කොට තිබූ ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිරෝෂන් සිරිවර්ධන මහතා, විත්තිකරුවන් එදින හෝටලයට කඩාපැන පෙට්‍රල් දමා ගිනි තැබීමට උත්සාහ දරා ඇති බවත් විදේශ සංචාරකයන්ගේ මැදිහත්වීම මත එම උත්සාහය වැළකී ඇති බවත් කීවේය.

සිය සේවාදායකයාගේ දියණිය කාමරයකට දමා ගිනි තබා ඝාතනය කිරීමට ඔවුන් උත්සාහ දැරීම නිසා වහලයෙන් බැස ඇයව බේරාගැනීමට සිදුවී ඇති බවද හෙතෙම කියා සිටියේය. එකී ප්‍රහාර නිසා හෝටලයට මිලියන 9කට අධික අලාභයක් සිදුවී ඇතත් විත්තිකරුවන් ලබාදීමට එකඟ වූ වන්දිය හෝ ලබාගැනීමට සිය සේවාදායකයා අකැමැති බවත් විත්තිකරුවන් වරද පිළිගෙන ඇති බැවින් ඔහු කිසිදු වන්දියක් ඔවුන්ගෙන් අපේක්ෂා නොකරන බවද නීතිඥ නිරෝෂන් සිරිවර්ධන මහතා වැඩිදුරටත් පැවැසීය.

ජීප් රථ හිමිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් චෝදනාවල සඳහන් මුදලට වඩා විශාල අලාභයක් සිය සේවාදායකයන්ගේ වාහනවලට සිදු වී ඇතත් ඔවුන් දෙදෙනා ද විත්තිකරුවන්ගෙන් කිසිදු වන්දි මුදලක් අපේක්ෂා නොකරන බවද පැවැසූහ.

තුන්වන විත්තිකරු හැර සෙසු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ සේනක පෙරේරා මහතා කරුණු දක්වමින් එක් විත්තිකරුවකු එම සිද්ධිය වන විට 17 හැවිරිදි තරුණයකු බවත් ඔහු ඇතුළු සෙසු සේවාදායකයන් 9 දෙනාම පෙර වැරදි නොමැති පුද්ගලයන් වන බැවින් ඔවුනට සමාජ ගතවිය හැකි පරිදි ලිහිල් දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. එම අවස්ථාවේදී එම විත්තිකරුවන්ගේ පෙර වැරදි වාර්තා නිරීක්ෂණය කළ මහාධිකරණ විනිසුරුවරිය පෙර වැරදි නොමැති බවට 10 වන විත්තිකරු නීතිඥවරයාට උපදෙස් ලබාදී ඇත්නම් එය සත්‍යයෙන් තොර ප්‍රකාශයක් බවත් වෙනත් අධිකරණ දෙකක් විසින් ඔහුට දඬුවම් ලබාදී ඇති බැවින් නැවත ඔහුගෙන් ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබාගන්නා ලෙස විත්තියේ නීතිඥවරයාට දැනුම් දුන්නේය.

විත්තිකරුට එකී අධිකරණ විසින් ලබාදී ඇති පෙර දඬුවම් අමතක වී ඇති නම් මතක සිටින දඬුවම් ලබාදීමට තම අධිකරණය සූදානම් බව පෙන්වා දෙමින් මහාධිකරණ විනිසුරුවරිය ලබාදුන් එම අවසරයෙන් විත්තිකරු අසලට ගිය නීතිඥ සේනක පෙරේරා මහතා විත්තිකරුගෙන් නැවත විමසීමේදී තමාට වෙනත් අධිකරණයක් විසින් දඬුවම් ලබාදී ඇති බව විත්තිකරු පිළිගත්තේය.

විත්තිකරුවන් සිදුකර ඇත්තේ ඉතා බරපතළ වැරදි බව පෙන්වා දුන් විනිසුරුවරිය විත්තිය වෙනුවෙන් පෙනී සිටි උගත් නීතිඥවරුන් කළ කරුණු දැක්වීම් සලකා බලමින් නැවත සමාජ ගතවිය හැකි පරිදි තම අධිකරණය ලිහිල් දඬුවම් නියම කරනා නමුත් නැවත එවැනි වැරදි සිදුනොකරන ලෙසට විත්තිකරුවන්ට දැඩිව අවවාද කළාය. විත්තිකරුවන්ට නියම කළ සිරදඬුවම් වසර 10, 12 සහ 15ක කාලයකට අත්හිටුවීමට නියෝග කෙරිණි.

තම අධිකරණය විසින් නියම කළ දඩ ගෙවීම සඳහා ඉඩකඩ දෙමින් එම නඩුව ලබන අගෝස්තු 28 වැනිදා යළි කැඳවීමට ද විනිසුරුවරිය නියම කළාය. අධිකරණය නියම කළ දඬුවම් ඇතුළු තීන්දුව මහාධිකරණ භාෂණ පරිවර්තක ටී.එම්. තුවාන් සදාම් මහතා විත්තිකරුවන්ට කියවා දුන්නේය.

ඒ.ජේ.ඒ. අබේනායක

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

අධිකරණය නොමඟ යැවූ සී.අයි.ඩී.යට නිසි පියවර ගන්නැයි පැමිණිලිකාරියගෙන් ජනපතිට පැමිණිලි

July 7, 2025

කතරගම එදා දඩ මස් වෙනුවට බලු මස් අද ගම් කුකුළු මස් වෙනුවට මොනර මස් ?

July 6, 2025
Related News
ප්‍රධාන පුවත්

කෙහෙල්බද්දර පද්මේ මැලේසියාවේදී කොටු?

ප්‍රධාන පුවත්

පාස්කු ප්‍රහාරය පිල්ලෙයාන් කලින්ම දැන ඉඳලා – විමර්ශන නැවතත් අලුතින් ආරම්භ කළා

ප්‍රධාන පුවත්

පෝදා සිතුවිලි – ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ ඇසළ පොහොය

ප්‍රධාන පුවත්

හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇප මත මුදාහරී

ප්‍රධාන පුවත්

නවකවධය මඬින මාර්ගෝපදේශ තදින් ක්‍රියාත්මක කරන්න

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok