Thursday, 10 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: පාස්කු ප්‍රහාරය පිල්ලෙයාන් කලින්ම දැන ඉඳලා – විමර්ශන නැවතත් අලුතින් ආරම්භ කළා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 10 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: පාස්කු ප්‍රහාරය පිල්ලෙයාන් කලින්ම දැන ඉඳලා – විමර්ශන නැවතත් අලුතින් ආරම්භ කළා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

පාස්කු ප්‍රහාරය පිල්ලෙයාන් කලින්ම දැන ඉඳලා – විමර්ශන නැවතත් අලුතින් ආරම්භ කළා

July 10, 2025
309 Views

ඇමැති ආනන්ද විජේපාල

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලයට පත්වූ පසුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන නැවතත් අලුතින් ආරම්භ කර ඇති අතර එම විමර්ශන සාර්ථකව අවසන් කර ප්‍රහාරයට වගකිවයුත්තන් කවර තරාතිරමක අය වුවද ඔවුන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරන බව මෙරට ජනතාවට වගකීමෙන් යුතුව අවධාරණය කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09දා) පැවසීය.

පාස්කු ප්‍රහාරය පිළිබඳව නැගෙනහිර පළාත් සභාවේ මහ ඇමැතිව සිටි ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පූර්ව දැනුවත්භාවයකින් සිටි බවට සාධාරණ සහ යුක්ති සහගත සැකයක් ඉදිරිපත් වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් සාක්ෂි සහිතව තොරතුරු අනාවරණය වී ඇතැයිද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විපක්ෂය විසින් ගෙනඑන ලද කල් තැබීමේ විවාදයේදී අදහස් පළ කරමින් ඇමැතිවරයා කීය.

වේත්‍රධාරී කුෂාන් සම්පත් ජයරත්න මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව ඊයේ පෙරවරු 9.30ට කතානායක වෛi ජගත් වික්‍රමරත්න මහතාගේ මූලාසනයෙන් යුතුව රැස්විණ. කල් තැබීමේ විවාදය ආරම්භ කළ

මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා(ඉ.ත.අ.ක)

පාස්කු ප්‍රහාරය ඒල්ල වී වසර 6 ක් පමණ ගතවී තිබෙනවා. මේ රජයට වංචව, දූෂණය අවසන් කරන්න පමණක් නොවෙයි ඡන්දය ලැබුණේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කරන්නත් ජනතාව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් රජය වගකීම මඟහැර තිබෙනවා. කොමිසන් සභා වාර්තා සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව නැහැ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට රජය අපොහොසත් වී තිබෙනවා. පාස්කු

ප්‍රහාරය සම්බන්ධයෙන් අපි රජයෙන් අපේක්ෂා කරන්නේ එම ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළයුතු වෙනවා. මහජන ආරක්ෂක ඇමැතිවරයා විසින් පාස්කු ප්‍රහාරය පිළිබඳ මහ මොළකරු ලෙස හඳුනාගත් පිල්ලෙයාන්ට ඇප ලබාදීම ගැටළුවක් වෙනවා. අපේ රටේ ආයතනවලට මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්න පහසුකම් තිබෙනවාද කියා අසනවා.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල මහතා

මීට වසර හයකට පෙර පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවුණා. කාදිනල් හිමියන්ගේ උත්සවයේදී ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක් විකෘති කළා. ඒ මහතා ප්‍රකාශ කළේ මේ සිදුවීමට අදාළ විමර්ශන රජය විසින් පරීක්ෂාවට ලක්කරන බවයි. එය අතහැර දමා නැහැ. මේ ප්‍රහාරයේදී දේවස්ථාන සහ හෝටල් ඉලක්ක කළා. පුද්ගලයන් 274 දෙනෙක් මියගියා. මේ ප්‍රහාර මාලාවෙන් 590 ට බරපතල තුවාල සිදුවුණා. බරපතල දේපල හානි සිදුවුණා. මේ සිදුවීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කළා. එහිදී සැකකරුවන් 748 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. නඩු 42 ක් පවරා තිබෙනවා. ඊට අමතරව පැවැති රජයන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සහ තවත් පිරිසකගේ ප්‍රධානත්වයෙන් විමර්ශන කමිටුවක් පත්කර තිබෙනවා. එහි වාර්තාව එවකට ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළත් එය ප්‍රසිද්ධ කර නැහැ. ඒ වාර්තාව අවශ්‍ය නම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න සූදානම්. පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ මෙය සිදුව තිබෙනවා.

එවකට ජනාධිපති කොමිසන් සභාවක්ද පත්කර තිබෙනවා මේ සම්බන්ධයෙන් විමර්ශනයට. ඒ කොමිසමේදී පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබදව සෘජුව, වක්‍රව සබඳතා ඇති අය සහ සිදුව තිබෙන ක්‍රියාවන්ට කොමිසන් සභාව පත්කළා. මේ කොමිසන් සභා වාර්තාව පිටු 67738ක්. වෙළුම් 87ක්. මේ සිදුවීම සම්බන්ධයෙන් ශිවනේසන්තුරෙයි චන්ද්‍රකාන්තන්ගේ මාධ්‍ය ප්‍රකාශක අසාද් මවුලානා විසින් විදෙස් මාධ්‍යයකට ප්‍රකාශයක් කර තිබෙනවා. මේ පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලීමක් කළත් කිසිඳු පරීක්ෂණයක් කර නැහැ. කතෝලික සභාව, විවිධ පාර්ශව මෙලෙස පරීක්ෂණයක් ඉල්ලා සිටියා. නමුත් විශ්‍රාමික විනිසුරු එස්.අයි. අමීන් මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ කමිටුවක් පත්කර තිබෙනවා. පසුගිය මැතිවරණයේදී අපේ ජනාධිපතිවරයා සිය මැතිවරණ ප්‍රකාශයේදී මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයක් අවශ්‍ය බවට ප්‍රකාශ කළා. ඒ ආකාරයෙන්ම අපි මේ වනවිට විධිමත් ලෙස විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේ සිටි අය අද තමන් කොතැනද සිටියේ කියා නොදැන විවිධ ප්‍රකාශ කරනවා. ජනතාවට අපි පොරොන්දු වූ ආකාරයට මෙහි විමර්ශන විධිමත් ලෙස ආරම්භ කර තිබෙනවා. ඒ කටයුතු හොඳින් සිදුවෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාර විමර්ශනය එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළද එවකට ආණ්ඩු බලය වෙනස්වීමෙන් පසුව පරීක්ෂණ නිලධාරීන් ඉවත් කොට විමර්ශන අවසන් කළා. අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කිරීමෙන් පසුව මේ විමර්ශන කටයුතු සත්‍ය ලෙසම ආරම්භ කළා. මේ විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත්කර සිටි නිලධාරීන් නැවත කැඳවා විමර්ශන ආරම්භ කළා. අසාද් මවුලානාගේ හෙළිදරව්ව පිළිබඳව නීතිපතිවරයාගේ උපදෙස් අනුව නව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මේ වනවිට පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබද විමර්ශන කරගෙන යනවා. මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර සැබෑ අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ආ යුතු වෙනවා.

මේ විමර්ශනය සාර්ථකව අවසන් කොට ඒකට වගකිව යුතු පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර ගන්න පියවර ගන්නවා. පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුකළ සහරාන් හසීම් යන අය මෙහෙයවීමට කවුරුන් හෝ සිටියාද යන්න පිළිබදව සොයා බලනව. ඒ පිළිබඳව අධිකරණයට තොරතුරු වාර්තා කරන්න අපේක්ෂා කරනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර සිදුවූ සිදුවීමක් ලෙස මාවනැල්ල බුදු පිළිමවලට ප්‍රහාර එල්ල කිරීම පිළිබඳවද විමර්ශන සිදුකරනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර වවුනතිවුහිදී පොලිස් මුරපොලේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කළා. මේ විමර්ශනයේදී හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු වන අජන්තන් අත්අඩංගුවට ගන්නවා. ඔහු පැළඳ සිටි කබාය ආදිය ඒ ආසන්නයේ සොයාගෙන අසත්‍ය සාක්ෂියක් නිර්මාණය කර තිබෙනවා. ඒ සිදුකළ උත්සාහය පිළිබඳව මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. බුද්ධි අංශ නිලධාරියෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. රාජ්‍ය සේවයේ විවිධ තලවල සිටින සුළු පිරිසකගේ ක්‍රියාවන් නිසා යම් යම් අපහසුතා ඇති වෙනවා.

රාජ්‍ය බුද්ධි සේවයේ වැඩි පිරිසක් ඉතා විශිෂ්ඨ සේවාවක් සිදුකරනවා. වවුනතිවු පොලිස් නිලධාරීන් ඝාතනයට යොදා ගත් ටී 56 ගිනි අවිය ගැන කතා කළා. මොහොමඩ් නියාස් නමැති පුද්ගලයා මියගිය පසුව ඒ ආසන්නයේ තිබියදී හමුවූ ගිනි අවිය බවට හඳුනාගෙන තිබෙනවා. පොලිස් නිලධාරීන් ළඟ තිබූ ගිනි අවියක් වනාතවිල්ලු‍ව ප්‍රදේශයේදී සොයාගෙන තිබෙනවා. වවුනතිවු ප්‍රහාරය නොමඟ යවන විමර්ශනයක් බවට මේ තුළින් පැහැදිලි කරන්න උත්සාහ ගෙන තිබෙනවා. නමුත් එම විමර්ශන මේ වනවිට සත්‍ය වශයෙන්ම සිදුවෙනවා. සහරාන් හසීම්ගේ සමීපතමයන් සිවුදෙනෙක් මේ වනවිට අධිකරණයට ඉදිරිපත් කොට අධිචෝදනා පත්‍ර ගොනුකර තිබෙනවා. ඒ සියලු‍ විමර්ශන මේ වනවිට ආරම්භ කර තිබෙනවා. සහරාන්ගේ කණ්ඩායමේ සහරා ජස්මින් 2019.04.29 දින සිදුවූ මරණයකදී ඩී.එන්.ඒ. වාර්තාව සහරා ජස්මින් සමඟ සැසඳුනේ නැහැ. ඒ සඳහා ඉදිරිපත් කළ ඩී.එන්.ඒ. සාම්පල ගැන බරපතල සැකයන් මතුව තිබෙනවා. සහරා ජස්මින් සයින්දමර්දු ප්‍රහාරයේදී මියගියාද නැද්ද යන්න මේ වනවිට ප්‍රශ්නයක් ඇතිව තිබෙනවා. ඒ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට විමර්ශන සිදුකරනවා.

සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග අනුව විමර්ශන කටයුතු සිදුකරගෙන යනවා. පාස්තු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ ඒ පිළිබඳව ඔහු පූර්ව දැනුවත්කමකින් සිටි බවට අනාවරණය වී තිබෙනවා. මෙම ඝාතන සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි සාමාජිකයන්ද පිල්ලෙයාන් සමඟ බන්ධනාගාර ගතව සිට තිබෙනවා. ඒ අනුව පිල්ලෙයාන් ගැන සැකයක් තිබෙනවා. පාස්කු

ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කමිටුවේ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කළ යුතුයි කියා හදුනාගෙන තිබෙනවා. නිර්දේශ 42 ක් මේ වනවිට දැනුම්දී තිබෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන හොඳින් ඉදිරියට යනවා. අසාද් මවුලානා මෙරටට ගෙන්වාගැනීම සම්බන්ධයෙන්ද මේ වනවිට කටයුතු සිදුකරගෙන යනවා. මේ අන්තවාදයට සහ ජාතිවාදයට අපි කිසිලෙසකින් හෝ ඉඩදෙන්නේ නැහැ. නීති මදි නම් අලු‍තින් නීති ගෙනවිත් ඒවාට විරුද්ධව කටයුතු කරනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සත්‍ය සොයාගැනීම සඳහා සහ ඒ පිටුපස සිටින මහ මොළකරු සොයා ගන්නට නම් මීට වඩා වෙනස් ක්‍රමවේදයන් අනුගමනය කළයුතු වෙනවා. තොරතුරු, කරුණු පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කළත් සත්‍ය සොයා ගැනීමේ පැහැදිලි වැඩපිළිවෙළක් අවශ්‍ය වෙනවා. විශේෂ විමර්ශන කොමිසන් සභාව නැවත වරක් ස්ථාපනය කළයුතු බවට අපි ප්‍රකාශ කළා. දේශීය විනිසුරුවන් වගේම විදේශීය විනිසුරුවන් ඒ සඳහා අවශ්‍ය වෙනවා. ඊළඟට අපි ස්ථිර විමර්ශන කාර්යාලයක් යෝජනා කළා. මේ පරීක්ෂණ කොමිසමේ කටයුතු නිශ්චිතව ක්‍රියාත්මක කරන්න විමර්ශන කාර්යාලයට හැකි වෙනවා. නීතිපතිවරයා විසින් අපරාධ නඩු පැවරීම අපි සිවුවැනි පියවර ලෙස යෝජනා කළා. මේ වැඩපිළිවෙළ තුළ විශේෂ අධිකරණයක් පිහිටුවීමටත් රාජ්‍ය අභිචෝදක කාර්යාලයක් පිහිටුවන්නත් අපි යෝජනා කළා. මේක අපි කාදිනල් හිමියන්ටත් යෝජනා කළා.

මේ වැඩපිළිවෙළට උන් වහන්සේ එකඟ වුණා. අපි පාර්ලිමේන්තුවේදී මේ වැඩපිළිවෙළ සභාගත කළා. නමුත් ඒක ක්‍රියාත්මක කරන්න අපිට ජනවරමක් ලැබුණේ නැහැ. මේ පියවර පිළිබඳව සොයා බලන්න. මේ වැඩපිළිවෙළ අතිශය ලෙස දේශපාලණීකරණය වී තිබෙනවා. අපිට සත්‍ය අවශ්‍ය වෙනවා. අපි මේ පාර්ලිමේතුවේ දී ප්‍රශ්න කළේ සත්‍ය සොයන්නයි. අපි සමගි ජනබලවේගය ලෙස ඉදිරිපත් කළ වැඩපිළිවෙළ අනුගමනය කරන්නේ නම් සත්‍ය සොයා ගන්න පුළුවන්. පසුගිය කාලයේදී සත්‍ය සොයන්න බාධා ඇති වුණො. නිලධාරීන් මාරු කළා. පළිගැනීම් කළා. නිලධාරීන් සිරගත කළා. රිමාන්ඩ් කළා. මේ පාස්කු ප්‍රහාරයට මුල්වුණු සත්‍ය සොයාගැනීම අවහිර කරන්න එවැන්නක් වුණා. දේශපාලනය, පළිගැනීම් පසෙකලා අවංකව මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න. මේ වැඩපිළිවෙළ පිළිබඳව රටේ විශ්වාසයක් තිබෙන තැනට යායුතු වෙනවා.

විවිධ පාර්ශවල සහාය ලබාගැනීම තුළ සත්‍ය සොයා ගැනීමේ කාර්ය කරන්න පුළුවන් වෙනවා. කතෝලික ප්‍රජාවගේ සහ රටේ ජනතාවගේ විශ්වාසය දිනා ගන්නා ආකාරයට මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වෙනවා. ඇත්ත සත්‍ය සොයා ගතයුතු වෙනවා. මේ මහා ඛේදවාචකයෙන් විපතට පත් ජනතාව ලොකු සැකයකින් ඉන්නේ. මේ විමර්ශන කටයුතු පිළිබඳව පැහැදිලි විසඳුමක් නැති නිසා. කාදිනල් හිමියන්ට යුක්ති ගරුක හා සාධාරණ සංඥාවක් රජයෙන් ලැබුණොත් සතුටු වෙනවා. නැතිනම් අපිට පාරට බහින්න සිදුවෙනවා කියා උන් වහන්සේ සඳහන් කළා. අපි මේ රජය බලයට පත්කරන්න කටයුතු කළේ ක්‍රමවේදයේ වෙනසක් ඇති කරන්න කියා සඳහන් කරනවා. සත්‍ය වෙනුවෙන් කටයුතු කරන්න කියා රට පාලනය කරන අයගෙන් ඉල්ලා සිටිනවා. මටත් මගේ පියා අහිමි වුණේ ත්‍රස්ත ප්‍රහාරයකින්.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමැති හර්ෂන නානායක්කාර මහතා

පාස්කු ප්‍රහාරය එල්ල වුණේ අපේ කාලයේ නොවෙයි. විපක්ෂ නායකවරයා ඒ කාලයේ යෝජනා ඉදිරිපත් කළා නම් විමර්ශන කටයුතු කඩිනම් වෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයේදී පුද්ගලයන් සිය ගණනක් මියගියා. තුවාල ලැබුවා. මේක සම්පූර්ණයෙන්ම ඛේදවාචකයක්. මෙහි වින්දිතයන් අපි දන්නවා. මේ රටේ මුස්ලිම් ජනතාවත් වින්දිතයන් බවට පත්වුණා. එවකට රජය විසින් දියත් කළ ජාතිවාදය නිසා එවැන්නක් වුණා. 1983 ජූලි කලබල කාලයේ දෙමල ජනතාව සිටි ආකාරය අපි දැක්කා. ඒ තත්ත්වය පාස්කු ප්‍රහාරයේ දී අපි දැක්කා. එවකට ජාතික ජනබලවේගයේ සිටි අපි මුස්ලිම් අන්තවාදයට එරෙහිව කටයුතු කරන්න එපා කියා නගරයෙන් නගරයට සම්මන්ත්‍රණ කළා. ජනාධිපති කොමිසන් සභා, විශේෂ විමර්ෂන කොමිසන් ඉල්ලු‍වත් ප්‍රශ්න විසඳෙනවාද. මේ සම්බන්ධයෙන් අවශ්‍ය නීති කටයුතු සිදුවෙනවා. අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම සම්බන්ධයෙන් මේ වනවිට කමිටුවක් පත්කර තිබෙනවා. ඒසඳහා රජයට අවශ්‍ය උපදෙස් දෙනවා. එම කාර්යාලය ඉතා ඉක්මණින් පිහිටුවනවා. නීතිපති දෙපාර්තමේන්තුවත් අපිට විශ්වාසයි. පිල්ලෙයාන්ට ඇප දෙන්න හැදුවා. අපි මේ අභිචෝදක කාර්යාලය ස්ථාපිත කරන්නේ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර තිබෙන නිසයි.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී කවින්ද ජයවර්ධන (සජබ)

පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු හෙළි කරමින් වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන බවට ප්‍රකාශ කරමින් මේ ආණ්ඩුව බලයට පත්වුණේ. කටුවාපිටිය දේවස්ථානයට වත්මන් ජනාධිපති ගිහින් වින්දිතයන් ඉදිරිපිට කාදිනල් හිමියන් ඉදිරිපිට පොරොන්දුවක් දුන්නා ප්‍රහාරය පිළිබඳ තොරතුරු කාලයේ වැලිතලාවට යටවෙන්න දෙන්නේ නෑ කියලා. නමුත් ආණ්ඩුව අද වනවිට පරීක්ෂණවල ප්‍රගතිය රටේ ජනතාවටවත් දැනගන්න තබා නෑ.

ආණ්ඩුවට බලයට ඇවිත් මාස 10ක් වෙනවා. ජනාධිපති කොමිසම නිර්දේශ කළ එක නිර්දේශයක්වත් ක්‍රියාත්මක කර නෑ. නිර්දේශ 700 ක් තියෙනවා. ක්‍රියාත්මක කරපු එකක් කියන්න.

පත්කළ මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර (සජබ)

පාස්කු ප්‍රහාරයේ තවම වින්දිතයන්ට සාධාරණය ඉටුවී නෑ. මේ රටේ කතෝලික ජනතාව වින්දිතයො වුණේ. කතෝලික ජනතාව ජීවිතවලින් වන්දි ගෙව්වා.

එදා අපේ ආණ්ඩුව දින 52කට වෙනස් වීම නිසා ආරක්ෂාවේ ගැටලු ඇති වුණා. අද ආණ්ඩුව පරීක්ෂණ කරන්නේ එදා කළ නිලධාරීන්මයි. අද හොයාගෙන තියෙන තොරතුරු එදත් සොයාගෙන තිබුණා. මේ ආණ්ඩුව අලුතෙන් හොයාගත්ත දෙයක් නෑ.

නියෝජ්‍ය ආරක්ෂක ඇමැති අරුණ ජයසේකර

අපේ ආණ්ඩුව බලයට පැමිණි පසු ජනාධිපති කොමිෂන් වාර්තාව ක්‍ෂෘ එකට භාර දුන්නා. විශේෂ විමර්ශන කණ්ඩායම් පත් කර තියෙනවා. එහි සමහර කරුණු සභාවට ඉදිරිපත් කරන්නත් අමාරුයි.

පාස්කු ප්‍රහාරය වගේම පසුගිය වකවානුවල බංකොලොත් කිරීමට කටයුතු කළ දූෂිතයන්ට එරෙහිවත් අපි කටයුතු කරමින් ඉන්නවා.

පාස්කු ප්‍රහාරය වසන් කිරීමට ඊට අදාළ සිද්ධීන්වල සාක්ෂි වෙනස් කරපුවා නිවැරදිව සොයා බැලුවා.

(පාර්ලිමේන්තුව යළි අද (10දා) පෙරවරු 9.30ට රැස්වේ.)
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

අධිකරණය නොමඟ යැවූ සී.අයි.ඩී.යට නිසි පියවර ගන්නැයි පැමිණිලිකාරියගෙන් ජනපතිට පැමිණිලි

July 7, 2025

කතරගම එදා දඩ මස් වෙනුවට බලු මස් අද ගම් කුකුළු මස් වෙනුවට මොනර මස් ?

July 6, 2025
Related News
ප්‍රධාන පුවත්

කෙහෙල්බද්දර පද්මේ මැලේසියාවේදී කොටු?

ප්‍රධාන පුවත්

පෝදා සිතුවිලි – ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ ඇසළ පොහොය

ප්‍රධාන පුවත්

අරගල සමයේ ජොනීගේ හෝටලයට හානි කළ 10 දෙනා වරද පිළිගනිති – බරපතළ වැඩ සහිත අත්හිටුවූ සිරදඬුවම්

ප්‍රධාන පුවත්

හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇප මත මුදාහරී

ප්‍රධාන පුවත්

නවකවධය මඬින මාර්ගෝපදේශ තදින් ක්‍රියාත්මක කරන්න

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok