‘ඇමෙරිකානු විරෝධී’ බ්‍රික්ස් එකතුවට අයත්වන රටවලට ආනයන සඳහා 10%ක තීරුබද්දක් පැනවීමට කටයුතු කරන බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
‘බ්‍රික්ස් හි ඇමෙරිකානු විරෝධී ප්‍රතිපත්තිවලට අනුකූල වන ඕනෑම රටකට අතිරේක 10% ක තීරු බද්දක් අය කෙරේ. මෙම ප්‍රතිපත්තියට කිසිදු ව්‍යතිරේකයක් නොමැත’ යනුවෙන් ට්‍රම්ප් සමාජ මාධ්‍යයේ සටහන් තබා ඇත.
ඇමෙරිකාව සමග තීරුබදු ගිවිසුමකට එකඟවීමට ලෝකයේ රටවල් සඳහා ලබා දී තිබූ අවසාන දිනය ජූලි 9 වුවත් දැන් ඇමෙරිකානු නිලධාරීන් පවසන්නේ එය අගෝස්තු 1 වැනිදා ආරම්භ වන බවයි. මේ දක්වා ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය සහ වියට්නාමය සමග පමණක් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගෙන ඇත.
ශ්‍රී ලංකා රජයත් ඇමෙරිකානු ජනපතිගේ ආනයන සඳහා බදු ලිපිය බලාපොරොත්තුවෙන් සිටී.
චතුර පමුණුව