Tuesday, 8 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: උද්ඝෝෂණයේදී අත්අඩංගුවට ගත් කලුකැලේ ගොවීන් දෙදෙනාට වන්දි ගෙවන්න අරලගංවිල හිටපු OICට නියෝග
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 8 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: උද්ඝෝෂණයේදී අත්අඩංගුවට ගත් කලුකැලේ ගොවීන් දෙදෙනාට වන්දි ගෙවන්න අරලගංවිල හිටපු OICට නියෝග
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

උද්ඝෝෂණයේදී අත්අඩංගුවට ගත් කලුකැලේ ගොවීන් දෙදෙනාට වන්දි ගෙවන්න අරලගංවිල හිටපු OICට නියෝග

July 8, 2025
483 Views

මහෙස්ත්‍රාත්වරුන්ටත් අපරාධ යුක්තියේ මූලධර්ම කියා දෙන්න
විරෝධතා විසුරුවා හැරීම ගැන පොලිසියට ප්‍රායෝගික පුහුණුවක් ඕනෑ
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

වල් අලින් විසින් දිගින් දිගටම සිදුකරන දේපළ හා ජීවිත හානි කිරීම් වැළැක්වීමට නිසි පියවර ගන්නා ලෙසට බලධාරීන්ට බලකරමින් කලුකැලේ ප්‍රදේශවාසීන් කලුකැලේ මංසන්ධිය අසලදී අධිකරණ නියෝග කඩකරමින් උද්ඝෝෂණයක් පැවැත්වූ යැයි චෝදනා කරමින් ගොවීන් දෙදෙනකු අරලගංවිල පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම හා ඔවුන් අධිකරණය ඉදිරිපත් කොට රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නිගමනය කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම ගොවීන් දෙදෙනාට සිය පෞද්ගලික මුදලින් රුපියල් 30,000 බැගින් වූ වන්දි ගෙවන ලෙසට අරලගංවිල පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් නිලධාරියාට නියෝග කළේය.

පොළොන්නරුව – මහියංගනය මාර්ගය අවහිර නොකරන ලෙස අරලගංවිල පොලිසිය කළ ඉල්ලීමක් අනුව පොළොන්නරුව මහෙස්ත්‍රාත්වරයා විසින් නිකුත් කළ නියෝගයේ පෙත්සම්කාර ගොවීන් දෙදෙනාගේ නම් සඳහන්ව නොතිබියදීත් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය ඉල්ලීමක් කළ පමණින් යමකු දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාර ගත කිරීම මහෙස්ත්‍රාත්වරයකු සිදු නොකළ යුතු බවත් සිය තීන්දුව මගින් ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දුන්නේය. යමකු රක්ෂිත බන්ධනාගාර ගත යුත්තේ සීමිත අවස්ථාවලදී පමණක් බවත් අපරාධ යුක්තිය අනුව මහෙස්ත්‍රාත්වරයකු කටයුතු කළ යුතු බවත් එකී මූලධර්මය විනිසුරු පුහුණු ආයතනවලට ඔවුනට ඉගැන්විය යුතු බවත් පෙන්වා දෙමින් විනිසුරු පුහුණු ආයතන අධ්‍යක්ෂවරයා වෙත එකී තීන්දුව යැවීමට ද නියෝග කළේය.

එමෙන්ම මහජන විරෝධතා විසුරුවා හැරීම සහ එහිදී අත්අඩංගුවට ගැනීම් සිදුකළ යුත්තේ ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය නොවන ආකාරයෙන් බවද අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මියගේ හා විනිසුරු එස්. තුරෙයිරාජා මහතාගේ එකඟත්වය ඇතිව සකස් කළ සිය තීන්දුව මගින් පෙන්වා දුන් විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා වහාම ඒ පිළිබඳ සියලුම පොලිස් නිලධාරීන්ට ප්‍රායෝගික පුහුණුවක් ලබාදෙන ලෙසටද පොලිස්පතිවරයාට නියෝග කළේය.

2018.06.06 වැනිදා එම විරෝධතාවේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නිගමනය කරන්නැයි ඉල්ලා පොළොන්නරුව අරලගංවිල කලුකැලේ ප්‍රදේශයේ පදිංචි ආර්.ඒ. ගාමිණි ජයරත්න හා හෙට්ටිආරච්චිගේ රංගික එරංද යන ගොවීන් දෙදෙනා එම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබිණි.

එවකට අරලගංවිල පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ එස්.එම්.එල්.ආර්. බණ්ඩාර (වර්තමානයේ වැලිකන්ද පොලිසියට අනුයුක්ත) අරලගංවිල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ එල්.ජී.එච්. හේරත්, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා නීතිපතිවරයා එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කොට තිබිණි.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥවරුන් කළ ඇප ඉල්ලීම නොතකා පොළොන්නරුව මහෙස්ත්‍රාත්වරයා විසින් පෙත්සම්කරුවන් දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් වෘත්තීය ගරුත්වයට නොගැළපෙන මෙවැනි ක්‍රියා දිගින් දිගටම සිදුනොවීම සඳහා මහෙස්ත්‍රාත්වරුන් දැනුවත් කිරීම කළ යුතු බවටද විනිසුරු පුහුණු ආයතන අධ්‍යක්ෂවරයාට විනිසුරු මඬුල්ල නියෝග කළේය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ චතුර වෙත්තසිංහ මහතා සමග නීතිඥ නුවන් බෝපගේ මහතා පෙනි සිටියේය. එමෙන්ම රටේ ජනතාව දිගින් දිගටම පීඩාවට පත් කරන වල් අලි සිදුකරන විපත් අවම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට වනජීවී අධ්‍යක්ෂ ජනරාල් අධ්‍යක්ෂවරයා, දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු බලධාරීන් වෙත නියෝගයක් ද නිකුත් කළ විනිසුරු මඬුල්ල වගඋත්තරකාර පොලිස් ස්ථානාධිපතිවරයාගේ එකී අයුතු ක්‍රියා කලාපය නිසා පෙත්සම්කරුවන් සතු භාෂණයේ නිදහස ඇතුළු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි ද තීන්දු කළේය.

ඒ.ජේ.ඒ. අබේනායක

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025
Related News
ප්‍රධාන පුවත්

ඇහැලේපොළ පරපුර මහනුවර යළි උපදී…

ප්‍රධාන පුවත්

තවත් ඝාතනයකට මීගොඩ නිවසක සැඟවී සිටියදී – කොස්ගම කුලී වෙඩික්කරු ඇතුළු 3ක් මාට්ටු

ප්‍රධාන පුවත්

අන්තර්ජාල සේවා සඳහා ඔක්. 01 දා සිට 18% වැට් බද්දක්

ප්‍රධාන පුවත්

ඇමෙරිකානු විරෝධී බ්‍රික්ස් රටවලට ට්‍රම්ප්ගෙන් සියයට 10ක අමතර බද්දක්

ප්‍රධාන පුවත්

වෛද්‍ය මහේෂිගේ දියණියත් රිමාන්ඩ්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok