Tuesday, 8 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: තවත් ඝාතනයකට මීගොඩ නිවසක සැඟවී සිටියදී – කොස්ගම කුලී වෙඩික්කරු ඇතුළු 3ක් මාට්ටු
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 8 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: තවත් ඝාතනයකට මීගොඩ නිවසක සැඟවී සිටියදී – කොස්ගම කුලී වෙඩික්කරු ඇතුළු 3ක් මාට්ටු
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

තවත් ඝාතනයකට මීගොඩ නිවසක සැඟවී සිටියදී – කොස්ගම කුලී වෙඩික්කරු ඇතුළු 3ක් මාට්ටු

July 8, 2025
424 Views

වෙඩික්කරු හිටපු යුද හමුදා සෙබළෙක්
මන්නා රමේෂ්ගේ ඝාතන ප්‍රයත්න 3කින් කොටහැර පොඩ්ඩා දිවි බේරා ගනී
බූස්සේ සිට මන්නා රමේෂ්ගේ පාතාල වැඩ යළි පටන්ගෙන

මන්නා රමේෂ් නමැති පාතාල නායකයාගේ නියෝග මත කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක යමින් සිටි පාතාල සාමාජික කොටහැර පොඩ්ඩා ඇතුළු තිදෙනකුට වෙඩි තැබීමේ සිද්ධියේ කුලී වෙඩික්කරු ඇතුළු තිදෙනකු මීගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කුලී ඝාතකයන් කප්පම් මුදල් ලබා නොදුන් පුද්ගලයකු ඝාතනය කිරීම සඳහා මීගොඩ ප්‍රදේශයේ ආරක්ෂිත නිවස්නයක සැඟවී සිටියදී මීගොඩ පොලිසියට කොටුවී තිබේ.

කොස්ගම සුදුවැල්ලේදී ත්‍රිරෝද රථයේ ගමන් කළ පිරිසට ප්‍රහාර එල්ල කිරීම මේ වනවිට බන්ධනාගාර ගත කර සිටින මන්නා රමේෂ්ගේ නියෝග මත ලලිත් කන්නන්ගර නමැති පාතාල නායකයා විසින් මෙහෙයවා ඇති බවද විමර්ශනවලින් අනාවරණය වී ඇත.

මන්නා රමේෂ්ගේ සොහොයුරකුට තල්දුව ප්‍රදේශයේදී පහරදී බරපතළ තුවාල කිරීමේ සිද්ධියට එකට එක කිරීමක් ලෙස කොටහැර පොඩ්ඩා ඝාතනය කිරීමට මෙම ප්‍රහාරය එල්ල කළ බව පරීක්ෂණවලින් හෙළි වී තිබේ.

කොස්ගම ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කුලී වෙඩික්කරු යුද හමුදා ගජබා රෙජිමේන්තුවේ රාජකාරි කර ඉන් ඉවත්වූ අයෙකි.

මෙම කුලී වෙඩික්කරුට අමතරව කොස්ගම ප්‍රහාරය සඳහා යතුරුපැදියක් පදවාගෙන ආ පුද්ගලයා ද එම යතුරුපැදිය ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

කොටහැර පොඩ්ඩාට වෙඩි තබා ඝාතනය කිරීම සඳහා යතුරුපැදි දෙකකින් පාතාල සාමාජිකයන් සිව් දෙනකු පැමිණ ඇති බවද විමර්ශනවලින් හෙළිවී ඇත.

මීට කාලයකට උඩදී අවිස්සාවේල්ල තල්දුව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක යමින් සිටි සිව් දෙනකු වෙඩි ප්‍රහාර එල්ල කර ඉන් තිදෙනකු ඝාතනය කිරීමට මන්නා රමේෂ් කටයුතු කර තිබිණි.

තම සොහොයුරාට පහරදී බරපතළ තුවාල කිරීම සම්බන්ධයෙන් එකට එක කිරීමක් ලෙස තල්දුවේ ප්‍රහාරය මන්නා රමේෂ් විසින් සිදු කළ බව පසුව හෙළි විය. එම ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ කොටහැර පොඩ්ඩා ද ත්‍රිරෝද රථයේ සිට ඇති අතර ඔහු තුවාල ලබා දිවි ගලවා ගත්තේය.

මේ ආකාරයට අවස්ථා තුනකදීම කොටහැර පොඩ්ඩා ඝාතනය කිරීමට මන්නා රමේෂ් උත්සාහ කළ ද ඔහු දිවි ගලවා ගැනීමට සමත් විය. කොස්ගම සුදුවැල්ලේදී පෙරේදා අලුයම එල්ල වූ ප්‍රහාරයෙන් කොටහැර පොඩ්ඩා තුවාල ලබා දිවි ගලවා ගත්තේය. එම ප්‍රහාරයේදී ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි කාන්තාවක් සහ ඇගේ 12 හැවිරිදි දියණිය ද තුවාල ලබා තිබිණි.

අවිස්සාවේල්ල, රත්නපුර. හංවැල්ල ඇතුළු ප්‍රදේශ ගණනාවක ජනතාව භීතියට පත් කරගෙන මිනිස් ඝාතන, කප්පම් ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු දරුණු අපරාධවල නිරතවූ මන්නා රමේෂ් මීට වසරකට පමණ පෙර ඩුබායි රාජ්‍යයේ දී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට භාර දී තිබිණි.

මාස 3කට ආසන්න කාලයක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ රැඳවුම් භාරයේ සිටි මන්නා රමේෂ් පසුව අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගාරගත කෙරිණි.

මේ වනවිට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මන්නා රමේෂ් නැවතත් පාතාල ක්‍රියාකාරකම් ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් මත මීගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025
Related News
ප්‍රධාන පුවත්

ඇහැලේපොළ පරපුර මහනුවර යළි උපදී…

ප්‍රධාන පුවත්

උද්ඝෝෂණයේදී අත්අඩංගුවට ගත් කලුකැලේ ගොවීන් දෙදෙනාට වන්දි ගෙවන්න අරලගංවිල හිටපු OICට නියෝග

ප්‍රධාන පුවත්

අන්තර්ජාල සේවා සඳහා ඔක්. 01 දා සිට 18% වැට් බද්දක්

ප්‍රධාන පුවත්

ඇමෙරිකානු විරෝධී බ්‍රික්ස් රටවලට ට්‍රම්ප්ගෙන් සියයට 10ක අමතර බද්දක්

ප්‍රධාන පුවත්

වෛද්‍ය මහේෂිගේ දියණියත් රිමාන්ඩ්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok