දිවයින පුරා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින් ම තෝරාගත් එක් ගමක් ප්‍රජා ඵලදායී ගම්මාන ලෙස සංවර්ධනය කිරීමට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව අමාත්‍යාංශය සැලසුම් කර ඇත. අවම පවුල් පනහක් පදිංචි ගම්මාන මේ සඳහා තෝරා ගැනීමට නියමිතයි.
ක්ලීන් ශ්‍රී ලංකා ජාතික ව්‍යාපෘතියට සමගාමීව තෝරා ගැනෙන ගම්මාන ආශ්‍රිතව අධ්‍යාපන, ආර්ථික, සෞඛ්‍ය හා සනීපාරක්ෂාව, ගෘහස්ථ කළමනාකරණය හා සමාජ යහ පැවැත්ම, සංස්කෘතික, අධ්‍යාත්මික සංවර්ධනය, පාරිසරික සංරක්ෂණය යන ක්ෂේත්‍ර සංවර්ධනයට කිරීමට නියමිතව ඇත.
තෝරා ගන්නා ගම්මාන ප්‍රජා ඵලදායී ගම්මාන ලෙස නිර්මාණය කිරීමට සැලසුම් කර ඇත. 2025, 2026 සහ 2027 තුන් අවුරුදු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතියෙන් දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය කෙරෙන ලෙස එක් ගමක් බැගින් තෝරා ගැනීමට නියමිතය.
රේඛීය අමාත්‍යාංශ, දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරන සියලු ම නිලධාරීන් මෙම ව්‍යාපෘතිය සඳහා සක්‍රීයව දායක කර ගැනීමට නියමිතව ඇත.
නිමල් ගුණතිලක