ඇමරිකානු රජය විසින් සපයන අරමුදල් කපා හැරීම හේතුවෙන් කෙන්යාවේ සරණාගත කඳවුරුවල වෙසෙන සිය දහස් ගණනක් වූ සරණාගතයන් සාගතයට ගොදුරු වෙමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරීන් උපුටා දක්වමින් බී බී සි ප්‍රවෘත්ති සේවය විසින් වාර්තා කර තිබේ. ඇමරිකාව විසින් සපයන අරමුදල් කපා හැරීමත් සමගම මෙතෙක් කෙන්යානු සරණාගත කඳවුරුවලට ලැබුණු ආහාර සලාකය අඩුම මට්ටමට පත්ව ඇති බව එම පුවත් සේවය විසින් පළ කර ඇති වාර්තාවේ සඳහන් කර තිබේ.
ඇමරිකානු ආධාර කපා හැරීම හේතුවෙන් කෙන්යානු සරණාගත කඳවුරුවල වෙසෙන සරණාගතයන් සාගතයෙන් පෙළෙන බව කෙන්යාවේ කකුමා කඳවුරට අයත් රෝහලේ සිටින සරණාගතයන්ගෙන් පෙන්නුම් කෙරෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධාන නිලධාරීන් විසින් වැඩිදුරටත් පවසා තිබේ.