ආගමන නිලධාරීන් විසින් නීති විරෝධී සංක්‍රමණිකයන් කොටුකර ගැනීම සඳහා දියත් කර ඇති මෙහෙයුම්වලට විරෝධය පාමින් ඇමරිකා එක්සත් ජනපදයේ සිටින නීති විරෝධී සංක්‍රමණිකයන්ගේ විරෝධතාවන් රට පුරා ව්‍යාප්ත වෙද්දී වොෂිංටන් ප්‍රාන්තයට අයත් ස්පෝකේන් නගරයේ නගරාධිපතිවරයා නගරය තුළ ඇඳිරි නීතියට අමතරව හදිසි නීතිය පනවා තිබේ. ස්පෝකේන් නගරයේ විරෝධතාවන්හි නිරතව සිටින නීති විරෝධී සංක්‍රමණිකයන් මාර්ග අවහිර කිරීම හේතුවෙන් එම තත්ත්වය පාලනය කිරීම සඳහා හදිසි නිතිය පැනවීමට නගරාධිපතිවරයා පියවර ගෙන තිබේ.
මේ අතර නීති විරෝධී සංක්‍රමණිකයන්ගේ විරෝධතා මැඬලීම සඳහා ඉදිරි පැය 48 තුළදී ලොස්ඇන්ජලිස් නගරය තුළ නාවුක හමුදා භටයන් 700ක් යෙදවීමට ඇමරිකානු රජය විසින් සැලසුම් කර ඇති බව වාර්තා වේ.