ළමුන් ගැවසෙන සෑම එළිමහන් ස්ථානයකම දුම්වැටි පානය තහනම් කිරීමට ප්‍රංශ රජය විසින් තීරණය කර තිබේ. මේ අනුව ලබන ජුලි මස 01 වැනිදා සිට මුහුදු වෙරළවල්, උද්‍යාන, මහජන උද්‍යාන, පාසල්වලින් පිටත ප්‍රදේශ, බස් නැවතුම්පොළවල් හා ක්‍රීඩාංගණ ඇතුළු ළමුන් ගැවසෙන සෑම එළිමහන් ස්ථානයකම දුම්වැටි පානය තහනම් කෙරෙන බව ප්‍රංශය විසින් නිවේදනය කර තිබේ.
‘ළමුන් සිටිනා ස්ථානවලින් දුම්කොළ අතුරුදන් විය යුතුයි’ ප්‍රංශයේ සෞඛ්‍ය හා පවුල් කටයුතු පිළිබඳ ඇමැතිනි කැතරින් වොටි්‍රන් පවසන්නීය. ළමුන්ගේ නැවුම් වායුව ආශ්වාස කිරීමේ නිදහස ඇරඹෙන විට දුම්වැටි පානය කිරීමේ නිදහස අවසන් විය යුතු යැයි ඇමැතිනිය සඳහන් කර තිබේ. කෙසේ වුවද මෙම දුම්වැටි පානය තහනම් කිරීමේ තීරණය අවන්හල් හා මත්පැන් අළෙවිහල්වල එළිමහන් ප්‍රදේශවලට අදාළ නොවන බව ඇමැතිනි වෝටි්‍රන් පවසන්නීය. ප්‍රංශයේ දුම්වැටි පානයට එරෙහි ජාතික කමිටුවට අනුව එරට වාර්ෂිකව දුම්වැටි පානය කිරීම හේතුවෙන් 75,000ක් පමණ දෙනා මිය යන අතර එය ප්‍රංශයේ වාර්ෂික මරණවලින් සියයට 13කි. මෙම දුම්වැටි පානය කිරීම තහනම් කිරීමේ නීතිය කඩකරන අයෙකුට එරෙහිව යුරෝ 135 ක දඩයක් පැනවීමට ද බලධාරීන් විසින් තීරණය කර තිබේ.