අතුරුදන්ව සිටි මෙක්සිකෝ ජාතික සංගීතවේදීන් පස් දෙනෙකු එරට මත්ද්‍රව්‍ය කල්ලියක් විසින් ඇමරිකානු දේශසීමාව ආසන්න ප්‍රදේශයකදී මරා දමා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම මරණ සිදු කළ බව කියන ‘ගල්ෆ් කාටෙල්’ කල්ලියේ සාමාජිකයන් 09 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට මෙක්සිකානු පොලිසිය විසින් පියවර ගෙන තිබේ.
ඝාතනයට ලක්ව සිටින ‘ගෘපා ෆුගිටිවෝ’ සංගීත කණ්ඩායමේ සාමාජිකයන් පස්දෙනා ඉකුත් 25 වැනිදා පැහැර ගැනීමට ලක්ව ඇති බව වාර්තා වේ. එම මරණ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් සතුව තිබූ ගිනි අවි 09ක් හා වාහන දෙකක් ද පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබේ.