යුක්රේනයට එරෙහිව දැවැන්ත ප්‍රහාරයන් එල්ල කිරීම අරඹා ඇති රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හට සිය යුද මානසික ප්‍රතිපත්තිය වෙනස් කරගැනීම සඳහා සති දෙකක කාලසීමාවක් ලබා දෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. තවදුරටත් තම ඉල්ලීම්වලට එකඟ නොවන්නේ නම් තමාට පුටින් ජනාධිපතිවරයා වෙත වෙනස් ප්‍රතිචාරයක් දැක්වීමට සිදුවන බවද ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබේ.
ඇමෙරිකානු මාධ්‍ය විසින් රුසියානු නායකයාට යුක්රේන යුද්ධය අවසන් කිරීමට වුවමනාවක් ඇත්දැයි ජනාධිපති ට්‍රම්ප්ගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ “දැන් මට ඒ ගැන පැවසිය නොහැකියි. එහෙත් තවත් සති දෙකකින් මා ඒ සම්බන්ධයෙන් යමක් පවසන්නම්” යනුවෙනි.