ඉකුත් ජුනි 29 වැනි ඉරිදා දිනයේ පෘතුගාලයේ උතුරු හා මධ්‍යම වෙරළතීරය හරහා දුර්ලභ ඝනයේ සුනාමියක හැඩය ගත් වලාකුළු සැකැස්මක් දර්ශනයවීම හේතුවෙන් එම වෙරළ තීරයන්ට එක් රොක් වූ පිරිස් තැතිගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. රෝලක් වැනි වලාකුළක් වශයෙන් හැඳින්වෙන මෙම දසුන පෘතුගාලයේ වෙරළබඩ ප්‍රදේශවල සිටි ජනතාව විසින් රූගත කර අන්තර්ජාලයට මුදාහැර තිබිණි.
නිරිතදිග පෘතුගාලයේ කාබෝඩා රෝකා ප්‍රදේශය අසල හටගෙන තිබූ අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය අතරතුර මෙම ක්ෂිතිජයේ සිට අත්ලාන්තික් සාගරයේ වෙරළතීරයන් දෙසට ඉදිරියට යන දැවැන්ත වලාකුළ නිර්මානය වී ඇති බව බලධාරීන් විසින් හඳුන්වාදී තිබිණි.