ග්‍රීසියට අයත් ක්‍රෙටේ දූපතෙහි පාලනයකින් තොරව ඇවිළෙමින් පවතින දරුණු ප්‍රධාන පෙළේ ළැව්ගින්නක් හේතුවෙන් 1500ක් පමණ දෙනා ඊයේ (03දා) වනවිට සිය නිවෙස්වලින් ඉවත් කර ආරක්ෂිත ස්ථාන කරා යොමුකිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබේ. මෙම ළැව් ගින්න විශාල ප්‍රදේශයක් ආක්‍රමණය කරමින් පැතිර යමින් පැවතීම නිසා ක්‍රෙටේ දූපතෙහි පිහිටි ‘ෆර්මා’ ජනාවාසයෙහි පිහිටි හෝටල්, කුලී කාමර හා නිවාසවලින් විශාල පිරිසක් ඉවත් කරන ලෙස බලධාරීන් විසින් අදාළ අංශ වෙත දැනුම්දී තිබේ. දූපතෙහි ලෙරාපෙට්‍රා ප්‍රදේශය ආසන්නයේ කැලෑවකින් පෙරේදා (02දා) දිනයේ පැතිරීම ආරම්භ වී ඇති මෙම ළැව් ගින්න ඊයේ (03දා) වන විට ජනාවාස වෙත පාලනයකින් තොරව පැතිර යමින් තිබූ බව වාර්තා විය.
ඊයේ දහවල් වනවිට පවතින වේගවත් සුළං හේතුවෙන් කිලෝමීටර් 6ක ප්‍රදේශයක් පුරා මෙම ළැව් ගින්න පැතිරෙමින් තිබූ අතර ඒ හේතුවෙන් අදාළ ප්‍රදේශය පුරාම දුමෙන් පිරීගොස් කිසිවක් දර්ශනය නොවන තත්ත්වයක් උද්ගතව තිබිණි.