Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඇමෙරිකාවේ ඉරාන ප්‍රහාරයන් ජපන් ප්‍රහාරයන්ට සසඳලා – ජපානයෙන් ට්‍රම්ප්ට විරෝධය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඇමෙරිකාවේ ඉරාන ප්‍රහාරයන් ජපන් ප්‍රහාරයන්ට සසඳලා – ජපානයෙන් ට්‍රම්ප්ට විරෝධය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විදෙස්

ඇමෙරිකාවේ ඉරාන ප්‍රහාරයන් ජපන් ප්‍රහාරයන්ට සසඳලා – ජපානයෙන් ට්‍රම්ප්ට විරෝධය

June 28, 2025
252 Views

ඇමෙරිකානු හමුදාවන් විසින් පසුගිය දිනවල ඉරානය වෙත එල්ල කළ ප්‍රහාරයන් දෙවැනි ලෝක යුද සමයේ ජපානයේ හිරෝෂිමා – නාගසාකි නගරවලට එල්ල වූ පරමාණු බෝම්බ ප්‍රහාරයන් හා සන්සන්දනය කිරීම සම්බන්ධයෙන් ජපානය ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව හෙළා දැක තිබේ.

පසුගියදා ඇමෙරිකානු හමුදාවන් විසින් ඉරනායේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත එල්ල කළ ගුවන් ප්‍රහාර සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් “ජපානයේ හිරෝෂිමා හා නාගසාකි නගරවලට එල්ල වූ පරමාණු බෝම්බ ප්‍රහාරයන් දෙවැනි ලෝක යුද්ධය නිමාවට පත් කළා. මට හිරෝෂිමා ප්‍රහාරය මෙහිදී උදාහරණයක් ලෙස භාවිත කිරීමට අවශ්‍ය නැහැ. නාගසාකි ප්‍රහාරය ද උදාහරණයක් ලෙස භාවිත කිරීමට අවශ්‍ය නැහැ. එහෙත් එහිදී සිදුවූයේද ඒ දෙයමයි” යැයි පවසා තිබේ. ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් සිදුකර ඇති ඉහත කී ප්‍රකාශය පිළිගත නොහැක්කක් බව ජපානයට එල්ල වූ පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් දිවි ගලවා ගත්තෙකු වූ මිමාකි ටොෂියුකි පවසා තිබේ. මේ අතර “මා මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ඇත්ත වශයෙන්ම පසුතැවෙනවා. මට මේ මොහොතේ දැනෙනුයේ කෝපයක්” යැයි ජපානයට එල්ල වූ පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් ටෙරුතෝ යෝකොයාමා නමැත්තා පවසා තිබේ.

ට්‍රම්ප් ජනාධිපතිවරයා ඇමෙරිකානු හමුදා විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරය ඇමෙරිකාව විසින් ජපානයේ හිරෝෂිමා හා නාගසාකි නගරවලට පරමාණු බෝම්බ හෙළීමේ සිද්ධිය හා සසඳමින් සිදුකර ඇති ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා ලෙස ඉල්ලමින් පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් ජපන් ජාතිකයෝ පෙරේදා (26දා) ජපානයේ හිරෝෂිමා නගරයේදී උද්ඝෝෂණයක් පවත්වා තිබේ. මේ අතර හිරෝෂිමා නගරයේ නීති සම්පාදකයන් පිරිසක් ද පනතක් සම්මත කරගනිමින් පරමාණු බෝම්බ ප්‍රහාරයන් සාධාරනීකරණය කරන ප්‍රකාශයන් ප්‍රතික්ෂේප කර තිබේ. අවි ආයුධ භාවිත කරමින් සිදුකරන යුද්ධයන් සමථයකට පත් කර ගත යුත්තේ සාමකාමි අයුරින් බව ඔවුහු පවසා තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදය විසින් 1945 වසරේ අගෝස්තු මාසයේදී ජපානයේ හිරෝෂිමා හා නාගසාකි නගරවලට පරමාණු බෝම්බ හෙළීම හේතුවෙන් පුද්ගලයන් 145,000ක් පමණ දෙනා මියගොස් තිබිණි.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

ඊළාම් යුද්ධයේ අවසන් පැය කිහිපය ඇසින් දුටු සාක්ෂිකරුවා ඉන්දියානු මාධ්‍යවේදී මුරලි රෙඩ්ඩි

July 9, 2025

රාජ නාගයකු බේරාගත් කේරළ වන නිලධාරිනිය සමාජ මාධ්‍ය කලඹයි

July 8, 2025

රවි කටකයට

July 13, 2025
Related News
විදෙස්

කේරළ හෙදියට යේමනයේදී මරණ දඩුවම ලබාදීම බදාදා

විදෙස්

කාම්බෝජ ජාතිකයන් මිලියනයක් මරා දැමුණු බන්ධනාගාර දෙකක්

විදෙස්

සම්පත් මත පදනම් වූ නව ආර්ථික ප්‍රවේශයක් ගැන චීන ජනපති අවධාරණය කරයි

විදෙස්

වසර දෙකක් තුළ ‘හූති’ කණ්ඩායම ප්‍රවාහන නැව් 70කට පහර දීලා

විදෙස්

ට්‍රම්ප්ගෙන් කැනඩාවට සියයට 35ක බද්දක්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok