ශාන්තිකර සාගරයේ පිහිටි ඉතාමත් අධික ලෙස දේශගුණික තර්ජනයට මුහුණ පා සිටින කුඩා දූපත් රාජ්‍යයක් වන “ටුවාලු රාජ්‍යයේ” වැසියන්ගෙන් තුනෙන් එකකට වැඩි පිරිසක් ඔස්ටේ්‍රලියාවේ ස්ථීර පදිංචිය සඳහා සංක්‍රමණය වීමට මඟ පාදන ලොව ප්‍රථම දේශගුණික විසා බලපත්‍රය හිමි කරගැනීම සඳහා සිය අයදුම්පත් ඉදිරිපත් කර තිබේ.
මේ අනුව 10,643ක ජනගහනයකින් යුත් ටුවාලු රාජ්‍යයේ වැසියන් 1124 දෙනෙකු ඊයේ (27) වන විට සිය අයදුම්පත් දේශගුණික වීසා බලපත්‍රය ලබාගැනීමට සුදුසුකම් ලැබීමේ ඡන්දය සඳහා ඉදිරිපත් කර තිබූ බව වාර්තා වේ.
කෙසේ වුවද වාර්ෂිකව ඔස්ටේ්‍රලියාව විසින් එරට ස්ථීර පදිංචිය සඳහා සංක්‍රමණය වීමට අදාළ වීසා බලපත්‍ර පිරිනමනුයේ ටුවාලු වැසියන් 280 දෙනෙකුට පමණකි. මුහුදු මට්ටමේ සිට මීටර් 5ක් (අඩි 16ක්) උසින් පිහිටි ටුවාලු රාජ්‍යය දැඩි ලෙස දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම්වලට ලක්ව තිබෙන රාජ්‍යයක් ලෙස සැලකේ.