උතුරු කොරියාවට මුහුදු මාර්ගයෙන් සහල්, ඇමෙරිකානු ඩොලර් හා බයිබල ඇතුළත් ප්ලාස්ටික් බෝතල් 1300ක් යැවීමට තැත් කළ ඇමෙරිකානු පුරවැසියන් හයදෙනකු අත්අඩංගුවට ගැනීමට දකුණු කොරියානු පොලිසිය විසින් පියවර ගෙන තිබේ.
අත්අඩංගුවට පත් ඇමෙරිකානුවන් හයදෙනා විසින් ඊයේ (27දා) උදෑසන උතුරු කොරියාව හා සම්බන්ධ වන ‘ග්වැන්හ්වා’ දූපතෙහි සිට අදාළ ප්ලාස්ටික් බෝතල් තොගය මුහුදට දැමීමට තැත්කළ අවස්ථාවේදී එම පිරිස මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. උතුරු කොරියාවට දකුණු කොරියාවේ සිට ප්ලාස්ටික් බෝතල් හෝ බැලුන් යැවීම දකුණු කොරියාව විසින් තහනම් කර තිබේ.