වරදකරුවන් සොයාගැනීමේ ඔවුන් වරද කළ බවට තීන්දු කිරීමේ දී ඔවුන්ට දඬුවම් කිරීමේ යාන්ත්‍රණය විධිමත් හා කාර්යක්ෂම කිරීමය.
විශේෂයෙන් වර්තමානය වනවිට ප්‍රබල සමාජ විද්‍යාඥයින් පළ කරන මතය වන්නේ මරණීය දණ්ඩනය හා අපරාධ අඩුවීම අතර වැදගත් හා සැලකිය යුතු සබඳතාවක් නොමැති බව ය.
අපරාධය හා දඬුවම අතර බැඳිම ඉතාම දැඩිවූවකි. යම් අපරාධයක් කළ තැනැත්තකුට යම් දණ්ඩනයකට යටත් කරලීම සමාජය ස්ථාවර මට්ටමකට ගෙන යෑමට බෙහෙවින් ඉවහල් වන්නකි. නමුත් වර්තමානය වනවිට දඬුවමේ සහ දඬුවමේ පරමාර්ථ සම්බන්ධ කථිකාවත බොහෝ දුරට පුළුල් වී තිබේ.
වර්තමානය වනවිට දඬුවමේ ප්‍රධාන පරමාර්ථය බවට පත්ව ඇත්තේ වරදකරුවන් නිසි හා විද්‍යාත්මක ක්‍රම වේදයක් මත පුනරුත්ථාපනය කර යහපත් පුද්ගලයකු ලෙස නැවත සමාජගත කිරීම දක්වා පුළුල් වී තිබේ. 1973 දී පත්කළ ඇමරිකානු ජාතික උපදේශන කොමිටිය පැවසූ පරිදි අපරාධකරුවන් යහමඟට ගැනීමේ උපක්‍රම සියල්ල රඳා පවතින්නේ අපරාධකරුවන් කෙරෙහි ප්‍රජාව දක්වන සුහද ප්‍රතික්‍රියා සහ ආකල්ප මත බවය. 1895 මහා බි්‍රතාන්‍යයේ ග්ලැඩ්ස්ටන් කොමිටිය මගින් තීරණය වූයේ හිරගෙදර පරමාර්ථය විය යුත්තේ අපරාධ නිවාරණය හා පුනරුත්තාපනය වියයුතු බවයි.
මරණ දඬුවම සම්බන්ධයෙන් සලකා බැලීමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මතය මෙන්ම අනෙකුත් මානව හිමිකම් සංවිධානවල මතයන් ද මෙහිදී විමසා බැලිය යුතුය. 1977 දෙසැම්බර් මස එකොළොස් වැනි දින ශ්‍රී ලංකාව ද සහභාගි වූ ස්ටොක්හෝම් සමුළුවේදී මරණ දඬුවම ක්‍රියාත්මක නොකළ යුත්තේ මන්ද යන්න සාධාරණීයකරණය කිරීම සඳහා හේතු හතක් ඉදිරිපත් කර තිබේ. එනම් එය කුරිරු දඬුවමක් වීම, ප්‍රතිවාදීන් මර්දනය සඳහා යොදාගත හැකි වීම, මරණයට පත් කිරීම, ප්‍රචණ්ඩත්වය පිළිගැනීමක් වීම, එය ක්‍රියාත්මක කරන අයද මිලෙච්ඡත්වට පත් වීම, අපරාධ මර්දන ක්‍රියාවලියක් වශයෙන් සාර්ථක නොවීම, එය දේශපාලන මිනී මැරුම්වල ස්වාභාවයක් ගනිමින් තිබීම, එම දඬුවම නිවැරදි කළ නොහැකි වීම, අහිංසකයන් ගොදුරු වීමට ඇති ඉඩ කඩ යනාදී කරුණුය.
මරණීය දණ්ඩනයෙහි ඇති අනෙක් භයානක ප්‍රතිඵලය වන්නේ යම් පුද්ගලයකුට මරණ දණ්ඩනය නියම කර එය ක්‍රියාත්මක කළ යුතු අදාළ පුද්ගලයාගේ නිර්දෝෂීභාවය යම් දවසක ඔප්පු වුවහොත් එම දඬුවම නැවත නිවැරදි කිරීමට නොහැකි වීමයි. ලෝකය පුරා මරණ දඬුවම ක්‍රියාත්මක වන රටවලින් මෙවැනි සිද්ධීන් විශාල වශයෙන් වාර්තා වෙමින් පවතී. විශේෂයෙන් විධිමත් හා ගුණාත්මක නීති ආධාර සේවයක් නොමැති තත්ත්වයක් තුළ මරණ දඬුවම නැවත සක්‍රීය වුවහොත් දරිද්‍රතාවයේ පහ)ළම මට්ටමේ
සිටින ප්‍රජාව කෙරෙහි එය ඉතාම අහිතකර ආකාරයෙන් බලපානු ඇත. විශේෂයෙන් 2001 වර්ෂයේ පැවති නීලන් තිරුචෙල්වම් සමරු දේශනයේදී පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ අස්බා ජහන්ගීර් මහත්මිය පැවසුවේ මරණ දඬුවම දණ්ඩ නීති සංග්‍රහයේ පවත්වාගෙන යෑමට අදහස් කරන රටවල එම තත්ත්වය වෙනස් නොකරන්නේ නම් කාර්යක්ෂම හා ගුණාත්මක බැවින් යුත් නීති ආධාර සේවයක් ස්ථාපිත කළ යුතු බවයි. එම දේශනයේදී ඇය වැඩිදුරටත් සඳහන් කළේ “එක්සත් ජාතීන්ගේ විශේෂ සම්බන්ධීකාරවරියක වශයෙන් මට දිනපතාම ලොව කොතැනක හෝ අසාධාරණ ලෙස මරණ දඬුවමට නියම වූ කෙනෙක් ගැන දැන ගන්නට ලැබේ. එහෙත් මා තුළ දිනපතාම දැක්වෙන බලාපොරොත්තුවක් වනුයේ මරණ දඬුවම නියම කිරීමට එරෙහි මහජන මතයක් ගොඩනැඟෙමින් පවතින්නේ යන්නයි” යනුවෙනි.
මේ සියලු කරුණු සලකා බැලූ කල ප්‍රකාශ කළ හැක්කේ අපරාධ මර්දනය සඳහා මරණ දඬුවම වැනි මිලේච්ඡ නීතීන් සක්‍රීය කරනවා වෙනුවට අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම හා ඔවුන් වරදකරුවන් බවට පත්කිරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂමව සිදු කිරීමය.
නීතිඥ
නිශාන්ත සමන් කුමාර