Saturday, 14 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: බිත්තර පරිභෝජනය ගැන දුර්මත බිඳ දැමිය යුතු ඇයි?
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 14 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: බිත්තර පරිභෝජනය ගැන දුර්මත බිඳ දැමිය යුතු ඇයි?
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විශේෂාංග

බිත්තර පරිභෝජනය ගැන දුර්මත බිඳ දැමිය යුතු ඇයි?

22 hours ago
251 Views

අපේ ආහාර රටාව වගේම ජීවන රටාව වෙනස් වීම හේතුවෙන් අපිට නිසි පෝෂණයක් නොලැබීම නිසා බොහෝ දෙනෙක් වර්තමානය වනවිට විවිධ රෝගාබාධවලට ගොදුරු වී ඇති වගේම ගොදුරු වෙමින් පවතිනවා. ඒ සඳහා අපේ ශරීරයට අවශ්‍ය වන පෝෂකයන් ප්‍රමාණවත් පරිදි නොලැබීම වගේම අනවශ්‍ය ලෙස අධිකව සැපයීම ප්‍රධාන හේතූන් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. මෙවැනි තත්ත්ව ඇතිවීම සඳහා සමාජයේ පවතින ඇතැම් දුරු මතයන් ප්‍රධාන බලපෑමක් ඇතිකරනවා. ඒ සඳහා හොඳම උදාහරණයක් තමයි බිත්තර කෑවම කොලෙස්ටරෝල් වැඩි වෙනවා කියලා සමාජයේ තියෙන මතය. මෙම තත්ත්වය ඇතිවීම සඳහා අතීතයේ සිදු කරන ලද පර්යේෂණ වාර්තා ද හේතු වුණත් අද වෙනකොට ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්ව පවතිනවා. නමුත් අද වනවිටත් මෙම මතය අපේ සමාජයෙන් ඉවත්ව නැති බව අපට මනාසේ අවබෝධ වෙන අවස්ථා බොහෝ සෙයින් පවතිනවා. හොඳම උදාහරණයක් තමයි, මා හමුවීමට එනව බොහෝ රෝගීන්ට දිනකට බිත්තරයක් ආහාරයට ගැනීමට නිර්දේශ කළ විට ඒ අය මුලින්ම අහන්නේ කහමදයත් එක්කද කියලා. ඒ කාරණයෙන් පෙනී යන්නේ අපේ ජනතාව තවමත් කහ මදේ ආහාරයට ගැනීමට බියක් දක්වන බවයි. American Heart Association සමීක්ෂණ පෙන්වා දෙන ආකාරයට දිනකට බිත්තරයක් තමන්ගේ සමබල ආහාර වේලට එකතුකර ගැනීම අහිතකර නොවන අතර, එමගින් සෞඛ්‍යයට ඉතා හිතකර තත්ත්ව ඇති කරන බවයි.

සාමාන්‍ය බිත්තරයක් ආහාරයට ගැනීම තුළින් 78 Kcal ක් වගේ ශක්ති ප්‍රමාණයක් අපේ ශරීරයට ලැබෙන අතර බිත්තරයක ප්‍රෝටීන් ග්‍රෑම් 6ක වගේ ප්‍රමාණයක් අන්තර්ගතවෙලා තියෙනවා. අපේ ශරීරයට අත්‍යවශ්‍ය වන සියලුම ඇමයිනෝ අම්ල මේ බිත්තර වල ප්‍රෝටීන තුළින් ලැබෙනවා. ඒවගේම මෙම ප්‍රෝටීන ශාක ප්‍රෝටීනවලට සාපේක්‍ෂව අපේ දේහයට පහසුවෙන්ම උරා ගැනීම සිද්ධ වෙනවා.

ඒ වගේම බිත්තර කහ මදය තුළින් විවිධ විටමින් වර්ග, ඛනිජ වර්ග සහ ප්‍රතිඔක්සිකාරක වැනි බොහෝ පෝෂකයන් අන්තර්ගත වෙලා තියෙනවා. එලෙස බහුල වශයෙන්ම අන්තර්ගත වන විටමීනයක් ලෙස විටමින් A හඳුන්වා දෙන්න පුළුවන්. බිත්තර කහ මදයේ අන්තර්ගත වන විටමින් A ආකාරය වන රෙටිනෝල් (Retinol)ශාකවල අන්තර්ගත වන ප්‍රෝවිටමින් A (Provitamin A) වලට සාපේක්‍ෂව පහසුවෙන් ශරීරයට උරා ගැනීම සිදුවේ. එසේ අවශෝෂණය වන විටමින් A මගින් ප්‍රතිශක්තිකරණය මනා ලෙසින් පවත්වා ගැනීම, සෛල වර්ධනය සහ අලුත්වැඩියා කිරීම මෙන්ම රාත්‍රි කාලයේදී පෙනීම මනා ලෙසින් පවත්වා ගැනීම වැනි බොහෝම දේ සිදුකරයි.

ඒවගේම අපේ ශරීරයේ දෛනික විටමින් D අවශ්‍යතාවයෙන් 10%ක් වගේ ප්‍රමාණයක් බිත්තරයකින් සපයා ගැනීමට හැකිවේ. විටමින් D යනු මේදද්‍රාවී විටමීනයක් වන අතර කහ මදේ ඇති මේදය නිසා ඒවා පහසුවෙන් දේහයට අවශෝෂණය වීම සිදුවේ. අස්ථි පද්ධතියේ ක්‍රියාකාරිත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය, මාංශ පේශී වර්ධනය සහ ඒවායේ පැවැත්ම තහවුරු කර ගැනීමට මෙන්ම නිසි මානසික සෞඛ්‍යයක් පවත්වා ගැනීමට ද විටමින් D උපකාරී වේ.

ඒවගේම ස්වාභාවික පවතින ආහාරයකින් වැඩි වශයෙන්ම කෝලීන් (Choline) යන රසායනිකය සපයන ආහාරය ලෙස බිත්තර කහ මදය හඳුන්වා දෙන්න පුළුවන්. එමගින් මේදය පරිවෘත්තිය නිසි පරිදි සිදුකරන අතර අක්මාවේ ක්‍රියාකාරිත්වය මනා ලෙසින් පවත්වා ගනී. එම නිසා අක්මාවේ තෙල් තැන්පත්වීම (Fatty Liver) වගේ රෝගී තත්ත්වවලින් ආරක්‍ෂා වීම සඳහා බිත්තර කහ මදය ආහාරයට ගැනීම වැදගත් වෙයි.

ඒ වගේම බිත්තර කහ මදය තුළ ලුටෙයින් (Lutein) සහ සියක්ෂැන්තීන් (Zeaxanthin) වැනි ප්‍රබල ප්‍රතිඔක්සිකාරක බහුල වශයෙන් අන්තර්ගත වී පවතී. එමගින් ඇසේ සුද ඇතිවීම, වැනි තත්ත්ව වළක්වා ගන්නා අතර, විද්‍යුත් තිර භාවිතයේදී නිකුත්වන නිල් ආලෝක කදම්බ (Blue Rays) නිසා ඇසට ඇති විය හැකි හානි ද වළක්වා ගනී.

අපි විශේෂයෙන්ම සාකච්ඡා කළ යුතු දෙයක් තමයි බිත්තරවල අන්තර්ගත වන කොලෙස්ටරෝල් ප්‍රමාණය, සාමාන්‍ය බිත්තරයක කොලෙස්ටරෝල් මි.ග්‍රෑම් 186ක් විතර තියෙනවා. එය සාමාන්‍ය පුද්ගලයකු දිනකට ආහාර ඔස්සේ ලබාගත හැකි කොලෙස්ටරෝල් ප්‍රමාණයෙන් හරි අර්ධයකට වඩා වැඩි ප්‍රමාණයක් වෙනවා. එනිසා බොහෝ දෙනෙක් කොලෙස්ටරෝල් වැඩිවීම සඳහා බිත්තර ආහාරයට ගැනීම බලපාන බව සිතුවත් නූතන පරීක්‍ෂණ වාර්තා පෙන්වා දෙන්නේ කොලෙස්ටරෝල් වැඩිවීම දේහය තුළ ඇතිවන්නා වූ රෝගී තත්ත්වයක් ලෙසයි. අප ආහාරයට ගන්නා කොලෙස්ටරෝල් ප්‍රමාණය මෙන් දස දහස් ගුණයකින් අපේ අක්මාව තුළ දෛනිකව Cholesterol නිෂ්පාදනය වීම සිදුවෙනවා. ඒ නිසා කොලෙස්ටරෝල් බහුලව අන්තර්ගත වන ආහාර ලබාගැනීම සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වයේ සිටින පුද්ගලයකුට ගැටලුකාරී තත්ත්ව ඇති නොකරයි. ඒවගේම බොහෝ දෙනෙක් අපෙන් අහන ගැටලුවක් තමයි, දියවැඩියාව, හෘදයාබාධ වැනි රෝග තත්ත්වවලින් පසුවෙන අයට බිත්තර ආහාරයට ගැනීම සුදුසුයි ද යන කාරණය. මේ වනවිට සිදුකර ඇති පරීක්‍ෂණ වාර්තා පෙන්වා දෙන ආකාරයට එවැනි රෝගී පුද්ගලයකුට වුවද සමබල ආහාර වේලකට එක් දිනකට එක බිත්තරයක් එකතුකර ගැනීම සිදුකළ හැකියි.

බිත්තර ආහාරයට එකතු කරගත හැකි ආකාර ඉතා විශාල ප්‍රමාණයක් පවතීම බහුල වශයෙන්ම මේ බිත්තර සකස් කරගන්නා ආකාර අතරින් කීපයක් ලෙස Boiled Egg, Pouched Egg, Scrambled Egg, Fried Egg පෙන්වා දෙන්න පුළුවන්. දේහ බර වැඩිවීම යන ගැටලුව පවතින බොහෝ දෙනා වර්තමානයේදී කැලරි අඩු ආහාර ගැනීමට ප්‍රිය කරයි. එලෙස කැලරි අඩු ආහාර සකස් කර ගැනීමට කැමති අය සඳහා Boiled Egg, Pouched Egg වැනි ක්‍රමවේදවලට බිත්තර සකසා ආහාරයට ගැනීම තුළින් තෙල් රහිතව එනම් කැලරි අඩුවෙන් බිත්තර ආහාරයට ගතහැක. Nonstick බඳුන් භාවිත කරමින් බිත්තර පිළියෙල කර ගැනීම සිදුකළහොත් ඉතා අඩු තෙල් ප්‍රමාණයක් භාවිතයෙන් පවා බිත්තර සකස් කර ගැනීම සිදුකළ හැක.

මේ සියලු කාරණා දෙස බලනවිට සියලු දෙනාට තේරෙන දෙයක් තමයි බිත්තර කහ මදය සහ සුදු මදය යන දෙකම අපේ ශරීරයට ඉතා හිතකර වූ පෝෂකයන් ගොන්නක් එකතු කරන ආහාරයක් කියන එක. ක්‍රීඩකයන්ගේ ප්‍රෝටීන සැපයීම වැනි සුවිශේෂී අවස්ථාවලදී බිත්තර සුදු මද පමණක් භාවිත කරන අවස්ථා පැවතුණද සාමාන්‍ය කෙනෙකුට සම්පූර්ණ බිත්තරයක් (කහ මදය ද සහිතව) දිනකට ආහාරයට එක් කරගැනීම යෝග්‍ය වේ.

පෝෂණවේදී
හිරෝශන් ජයරංග
SLMC Registered Nutritionist
BSc Wayamba Univesity of Sri Lanka
MSc. Univesity of Peradeniya
phD Univesity of Peradeniya (Reading)

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

4 days ago

ඉන්දියන් යානයේ මගීන් ගැන අනාවරණයක්

1 day ago

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසී

6 days ago

කාබී ලේම් ඇමෙරිකාවෙන් පිටව යයි

3 days ago

ඉරානය ප්‍රතිප්‍රහාර අරඹයි

16 hours ago
Related News
විශේෂාංග

අපරාධ නිවාරණය හා මරණ දඬුවම

විශේෂාංග

රිදම් ඔෆ් ද ගිටාර් 27 වැනිදා සිට තිරයට

විශේෂාංග

ලෝක පරිසර දිනය දා ජනප්‍රිය රංගන ශිල්පිණි මිෂෙල් දිල්හාරා ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සමග ව්‍යාපෘතියක

විශේෂාංග

මිත්‍ර කපුගේ හඬින් “සබඳ අපි”

විශේෂාංග

හොර පාරෙන් සිරකරුවන් නිදහස් කිරීමත් ජාවාරමක් ද?

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok