Thursday, 17 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මිත්‍ර කපුගේ හඬින් “සබඳ අපි”
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 17 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මිත්‍ර කපුගේ හඬින් “සබඳ අපි”
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Ad imageAd image
විශේෂාංග

මිත්‍ර කපුගේ හඬින් “සබඳ අපි”

June 13, 2025
448 Views

ගුණදාස කපුගේ මියැසි ප්‍රත්‍යාවලෝකනය
29 වැනිදා

1970 දශකයේ සිංහල සංගීත ක්ෂේත්‍රයට පිවිස 1980 දශකයේ සංගීත ක්ෂේත්‍රයේ තහවුරු වී 1990 දශකයේ ජනප්‍රියතම ගායන ශිල්පියා බවට පත් වී විසිවන සියවසේදී අප අතරින් වෙන්ව ගියත් අද දක්වාම ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන හඬ පෞරුෂයෙන් රසික සිත් ආනන්දයට පත් කරන ගීතාවලියක හිමිකරු ගුණදාස කපුගේ සූරීන් ස්වකීය හඬෙහි කලාත්මක බව සිංහල ජන සංගීත සම්ප්‍රදාය, පෙරදිග සංගීතය හා නූතනත්වය සමග මුසු කළ කපුගේ සූරීන් සිංහල නාට්‍ය සංගීතය, චිත්‍රපට සංගීතය මෙන්ම ගුවන් විදුලිය හා රූපවාහිනියත් ස්වකීය නිර්මාණ ප්‍රතිභාවෙන් පෝෂණය කළේය.

මිත්‍ර කපුගේ සිය පිය උරුමය ඉදිරියට ගෙනයන කපුගේ පරපුරේ නූතන සලකුණය. විශ්ව සංගීතය පිළිබඳ විදෙස් අධ්‍යාපනයෙන් ලත් දැනුමත්, උරුම ප්‍රතිභාවත් මුසු කරමින් කපුගේ ගීතාවලිය නූතන පරපුරට සමීප කරන්නට දශකයට අධික කාලයක් තිස්සේ මිත්‍ර කපුගේ කටයුතු කරමින් සිටී. ඒ කාර්යයෙහි මං සලකුණක් බඳු සබඳ අපි – ගුණදාස කපුගේ මියැසි ප්‍රත්‍යාවලෝකනය මේ මස 29 වැනිදා සවස 6.30ට විහාරමහා දේවි එළිමහන් රංග පීඨයේදී පැවැත්වේ.

ගුණදාස කපුගේ ගීතාවලියෙහි රසය එලෙසින්ම සහෘදයන්ට සමීප කෙරෙන මේ ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂණය ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ මහින්ද බණ්ඩාරගෙනි. ප්‍රසංග පිටපත හා නිවේදනය ඔසඳ ගුණරත්න විසිනි. ප්‍රසාද් කුමාරතුංග සමගින් පුන්මිලා යකුපිටිය සහය ගැයුම්වලට එක්වෙති.

සබඳ අපි – ගුණදාස කපුගේ මියැසි ප්‍රත්‍යාවලෝකනය වැනි දැවැන්ත සංගීතමය අත්දැකීමක් ලාංකේය රසිකයන්ට තිළිණ කෙරෙන්නේ සිද්ධි විනායක් සිනෙ ආර්ට්ස් සහ සහන්‍යා පදනම විසිනි. දශක දෙකකට ආසන්න කාලයක් විදේශීය චිත්‍රපට බෙදාහැරීම හා බොලිවුඩ් සංගීත ප්‍රසංග සංවිධාන කාර්යයේ ප්‍රමුඛත්වයක් ගත් සිද්ධි විනායක් සිනෙ ආර්ට්ස් කපුගේ ගීතාවලිය ‘සබඳ අපි‘ නමින් ප්‍රත්‍යාවලෝකනය කිරීම ද සුවිශේෂි කාර්යයකි.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

රවි කටකයට

July 13, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025
Related News
විශේෂාංග

ට්‍රම්ප්ගේ 30% බද්ද තවත් අඩු වෙයි ද?

අතිරේක විශේෂාංග

ජනශ්‍රැතියෙන් තොර සාහිත්‍යයක් ගැන කතා කරන්න බෑ – ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ අධ්‍යයන අංශයේ මහාචාර්ය මධුභාෂිණී හේවගේ

අතිරේක විශේෂාංග

සරසවි කවි සරණිය

අතිරේක විශේෂාංග

ගවයන් සඟවා තබන මංගර දෙවියෝ

විශේෂාංග

බදු ආඥාව සහ අපේ යාඥාව!

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok