Saturday, 14 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: ලෝක පරිසර දිනය දා ජනප්‍රිය රංගන ශිල්පිණි මිෂෙල් දිල්හාරා ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සමග ව්‍යාපෘතියක
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 14 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: ලෝක පරිසර දිනය දා ජනප්‍රිය රංගන ශිල්පිණි මිෂෙල් දිල්හාරා ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සමග ව්‍යාපෘතියක
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විශේෂාංග

ලෝක පරිසර දිනය දා ජනප්‍රිය රංගන ශිල්පිණි මිෂෙල් දිල්හාරා ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සමග ව්‍යාපෘතියක

22 hours ago
220 Views

2025 Raigam Tele’es වඩාත් ජනගත නිළිය සහ Popular Awards හි තාරුණ්‍යයේ ජනප්‍රිය නිළිය සම්මාන දිනාගත් ජනප්‍රිය රංගන ශිල්පිණි මිෂෙල් දිල්හාරා ඉන්දියාවේ නව දිල්ලිහි විශ්වවිද්‍යාලයේ සහ රමනුජාන් විශ්වවිද්‍යාලයේ පාරිසරික දේශනයකටද පසුගිය කාලයේ සහභාගිවීමේ අවස්ථාවද උදාරකරගත්හ. දැනට ලෝකයේ ක්‍රියාත්මක වන ලොකුම පාරිසරික සංවිධානයක් වන Earth Day ආයතනයේ ශ්‍රී ලංකා තානපතිනිය වන්නේද ඇයයි. ඇයත් සමඟ ඉන්දියාවේ තානාපතිධූරය දරන්නේ සුප්‍රකට බොලිවුඩ් නිළි ජුහි චව්ලාය. එහි ගෝලිය උපදේශක කමිටුවේ හොලිවුඩ් සුප්‍රකට නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝ, අනිල් කපූර්, Zac Efron ඇතුළු නියෝජිතයින් රැසක් සිටිති. Earth Day සංවිධානය රටවල් 192ක ක්‍රියාත්මක වන අතර එහි අවුරුද්දකට බිලියනයකට අධික පිරිසක් ව්‍යාපෘති සඳහා එකතු වේ.

2025 ලෝක පරිසර දිනයේ තේමාව වුණේ ”‍End Plastic Pollutionය. ලෝක පරිසර දිනයට සමගාමීව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ ඔහුගේ භාර්යාව වන තනූජා ජා මහත්මිය සමඟ India House හිදී රුක් රෝපණ වැඩසටහනක් පසුගියදා පවත්වන ලදී. Plant 4 Mother යන අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදිගේ සංකල්පයක් යටතේ මෙම වැඩසටහන පැවැත්විණි. ඉන්දීය අගමැති මෝදි පසුගිය වර්ෂයේ නවදිල්ලියේ බුද්ධ ජයන්ති උද්‍යානයේ බෝධි පැළයක් සිටුවා Plant 4 Mother වැඩසටහන ආරම්භ තිබේ. ඉන්දීය මහා කොමසාරිස් සන්තෝෂ් ජා මහතා තිරසාර අනාගතයක් සඳහා රට පුරා වැඩසටහන් ගණනාවක් සිදුකර ඇත. ඉන්දීය මහ කොමසාරිස් සමඟ ජනප්‍රිය රංගන ශිල්පිණි මිෂෙල් දිල්හාරා පැවැත් වූ මෙම වැඩසටහනේ මූලික අරමුණ වූයේ පුද්ගලයන් වශයෙන් අපේ පරිසරය අපි ආරක්ෂා කරන්න, අපිට වගකීමක් තියෙනවා යන පණිවුඩය වර්තමාන තාරුණ්‍යය අතර ප්‍රචලිත කිරීමය.

2020 වසරේදී දී ශ්‍රී ලංකාවේ Earth Day Network තානාපති විදියට මිෂෙල් දිල්හාරා පත්විය. ඇය පාසල් මට්ටමින් සහ විශ්ව විද්‍යාල මට්ටමින් තරුණයන් සමඟ පරිසර සාක්ෂරතාවය ගැන දැනුවත් කිරීමේ වැඩසටහන් සහ ප්‍රායෝගික වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේ. දැනට විශ්වවිද්‍යාල 11 ක් සමඟ ව්‍යාපෘති 250 කට අධික සංඛ්‍යාවක් පවත්වා ඇත.

“UNEP” දත්ත වලට අනුව, අවුරුද්දකට ප්ලාස්ටික් ටොන් මිලියන 430 කට වඩා නිෂ්පාදනය වෙනවා. ඒවායින් තුනෙන් දෙකක් එදිනෙදා පාවිච්චියට ගන්න ප්ලාස්ටික් සහ පොලිතීන් නිෂ්පාදන. අපද්‍රව්‍ය විදියට බැහැර කරන මේ plastic මුහුදට එකතු වෙලා micro ප්ලාස්ටික් විදියට මිනිස්සුන්ගේ ආහාර වලටත් එකතු වෙනවා. සාමාන්‍යයෙන් අවුරුද්දකට micro ප්ලාස්ටික් අංශු 78,000 ත් 211,000 ත් අතර ප්‍රමාණයක් මිනිස් ශරීරයට එකතු වෙනවා.

අපි හැමෝම එකතු වුණොත් අපිට අපේ පරිසරය ආරක්ෂා කරගන්න පුළුවන්. ඒක අපිට විතරක් නෙවෙයි ඉදිරි පරම්පරාවටත් පිරිසිදු, සුරක්ෂිත පරිසරයක් අපිට ඉතුරු කරන්න පුළුවන්. මොකද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තා වලට අනුව මිනිත්තුවකට දරුවන් 267 ක් ඉපදෙනවා. දිනකට දරුවන් දළ වශයෙන් 385,000 ක් ඉපදෙනවා. අවුරුද්දකට දලළ වශයෙන් මිලියන 140 ක් ඉපදෙනවා. ඉතින් අපේ මේ ඊළඟ පරම්පරාවට අපි මොනවගේ පරිසරයක්ද ඉතුරු කරන්නේ කියන තීරණය අපි සතුයි.”‍ යැයි මෙම වැඩසටහනේදී ඇය වැඩිදුරටත් පැවසුවාය.

දිනේෂ් විතාන

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

4 days ago

ඉන්දියන් යානයේ මගීන් ගැන අනාවරණයක්

1 day ago

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසී

6 days ago

කාබී ලේම් ඇමෙරිකාවෙන් පිටව යයි

3 days ago

ඉරානය ප්‍රතිප්‍රහාර අරඹයි

16 hours ago
Related News
විශේෂාංග

බිත්තර පරිභෝජනය ගැන දුර්මත බිඳ දැමිය යුතු ඇයි?

විශේෂාංග

අපරාධ නිවාරණය හා මරණ දඬුවම

විශේෂාංග

රිදම් ඔෆ් ද ගිටාර් 27 වැනිදා සිට තිරයට

විශේෂාංග

මිත්‍ර කපුගේ හඬින් “සබඳ අපි”

විශේෂාංග

හොර පාරෙන් සිරකරුවන් නිදහස් කිරීමත් ජාවාරමක් ද?

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok