ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක ජර්මනියේ නිල චාරිකාවක යෙදේ. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.
ඓතිහාසික සබඳතා
ශ්‍රී ලංකාවත් ජර්මනියත් අතර රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් සබඳතා ගොඩනැඟී දැනට වසර 72 ක පමණ කාලයක් ගතවේ. නමුත් ශ්‍රී ලංකාවත් ජර්මනියත් අතර මානව සම්බන්ධතා ඇති වී ඇත්තේ අනාදිමත් කාලයක සිටය. ජර්මන් ජාතිකයනුත් සිංහල ජාතිකයනුත් “ආර්ය” ජාතිකයෝ වෙති. ආර්ය ජාතිකයන් ආරම්භ වන්නේ උතුරු ඉන්දියාවෙනි. “ආර්ය” යනු උතුම්, ශ්‍රේෂ්ඨ යන අර්ථ ගෙන දෙන පදයකි. ජර්මන් ජාතිකයෝ උතුරු ඉන්දියාවේ සිට බටහිර දෙසටත් සිංහලයෝ උතුරු ඉන්දියාවේ සිට දකුණු දෙසටත් සංක්‍රමණය වන්නට වූහ. දෙවන ලෝක යුද්ධය දියත් කළ ඇඩොල්ෆ් හිට්ලර් “ආර්ය” යන වචනයත් සිය හමුදා සෙබළුන්ගේ නිල ඇඳුමේ පවා ස්වස්තික ලාංඡනය ලෙස යොදාගත් නිසාත් ජර්මන් ජාතිකයෝ “ආර්ය” හා “ස්වස්තිකය” යන වචන භාවිත කිරීම පවා අද පිළිකුලෙන් යුතුව බැහැර කරති.
භාෂාත්මක සමානතා
ජර්මන් ජාතිකයන්ගේ ජර්මන් භාෂාවත් සිංහලයන්ගේ සිංහල භාෂාවත් ඉන්දු ආර්ය භාෂා ගණයට ගැනේ. භාෂාත්මක වශයෙන් ගත් කල අදටත් සංස්කෘත, පාලි, සිංහල හා ජර්මන් භාෂාවන් අතරේ සමානකම් දක්නට ඇත. සිංහල, පාලි හා සංස්කෘත භාෂාවන් විභක්ති අනුව පද වර නැඟේ. මේ භාෂා තුනේම විභක්ති 9 ක් තිබේ. අප විභක්ති 9 න් කරන කාර්ය ජර්මන් ජාතිකයෝ විභක්ති 4 න් සිදු කරති. එම නිසා ජර්මන් භාෂාව අතිශය සංකීර්ණ වූ භාෂාවක් බවට පත්වේ.
සිංහල, පාලි, සංස්කෘත හා ජර්මන් භාෂාවේ ද බොහෝ සමානකම් දක්නට ලැබේ. උදාහරණ වශයෙන් මෙසේය.
සංස්කෘත ඝ නාමාඃ, පාලි ඝ නාම, ජර්මන් ඝ නාම, සිංහල = නම
සංස්කෘත ඝ නාසාඃ, පාලි ඝ නාස, ජර්මන් ඝ නාස, සිංහල = නාසය
සංස්කෘත ඝ තේමා, පාලි ඝ තේමා, ජර්මන් ඝ තේමා, සිංහල = තේමා
සංස්කෘත ඝ තීන්ත, පාලි ඝ තීන්ත, ඝ ජර්මන් ඝ තීන්ත සිංහල = තීන්ත
සංස්කෘත ඝ පොල්මඃ, පාලි ඝ පොල්මඃ, ඝ ජර්මන් ඝ පොල්මඃ, සිංහල = පොල්මඃ
(කෙනෙකුට සිය නෛතික බලය පැවරීම)
සංස්කෘත ඝ හංසාඃ , පාලි ඝ හංසා, ඝ ජර්මන් ඝ හංස, සිංහල = හංසයා
සංස්කෘත ඝ භූමරංග, පාලි ඝ භූමරංග ඝ ජර්මන් ඝ භූමරංග ඝ සිංහල = භූමරංග
භාෂාවේ ලිංග භේදය පිළිබඳ සැලකීමේදී වුවද ස්ත්‍රීලිංග, පුරුෂලිංග හා නපුංසක යන ලිංගත්‍රයේ ද උක්ත භාෂාත්‍රයේ සමහර නාම පද ජර්මන් භාෂාව හා එකම නාම පද වේ. මේ අනුව ජර්මන් ජාතිකයන් අතර හා ජර්මන් භාෂාව අතර ලොව අනෙක් ජාතීන්ට වඩා සිංහල ජාතිකයාට අනාදිමත් කාලයක සිට පැවත එන සබඳතාවයක්, ඥාතිත්වයක් තිබෙන බව පෙනේ.
ආගමික සබැඳියාව
18 වන සියවසේ මුල් භාගය වන විට යුරෝපයේ ජර්මනිය ඇතුළු බොහෝ රටවල බුදුදහම පිළිබඳව එතරම්ම උනන්දුවක් දැක්වූ බවක් නොපෙනේ. බටහිර ජාතිකයන්ගෙන් බුදුදහම පිළිබඳව උනන්දුවක් දැක්වූ මුල්ම කෙනෙකි ජර්මන් ජාතික ඤාණතිලෝක හිමිපාණන් වහන්සේ. 1878.02.19 වැනි දින ජර්මනියේ Wiesbaden වීස්බාඩන්හිදී උපත ලද උන්වහන්සේ ජර්මනියේ සහ ප්‍රංශයේ විශ්වවිද්‍යාලවල සංගීතය හදාරා පළමුව යුරෝපයේත් පසුව ආසියාතික රටවලත් සංගීත ප්‍රසංග පැවැත් වූ සංගීත මාස්ටර් කෙනෙකි. පසුව පරම විඥානාර්ථ සමාගමේ දේශයකයකුගේ දේශනයකට සවන් දී බෞද්ධයකු වූ මෙතුමා 1903 දී බුරුමයේ රැන්ගුන් නුවරදී පැවිදිබිමට ඇතුළත් වී 1904 දී එහිදීම උපසම්පදාව ලබාගෙන ශ්‍රී ලංකාවට වැඩම කළේය. ලක්දිව පොල්ගස්දූවේ ආරණ්‍යයේ බුදුදහම හා භාවනාව උගත් මුන්වහන්සේ පසුව ඇෆ්. ආර්. සේනානායක මැතිණිය විසින් පූජා කරන ලද භූමි භාගයෙහි මහනුවර උඩවත්තකැලේ භාවනා මධ්‍යස්ථානයක් ඉදිකර ගත්තේය. උන්වහන්සේ එහි වැඩ සිට බෞද්ධ පොත්පත් රාශියක් ඉංග්‍රීසි හා ජර්මන් බසින් ලියූහ. මේ අතර උන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය භික්ෂුව වූ ජර්මන් ජාතික ඤාණපෝණික හිමියන් විසින් මහනුවර ආරම්භ කරන ලද බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමාගම මගින් එම බෞද්ධ ග්‍රන්ථ මුද්‍රණයකොට බටහිර ලෝකයට බෙදාහරින ලදී. මෙය ජර්මනිය ඇතුළු යුරෝපය පුරා යුරෝපීය භාෂාවන්ගෙන් බුදුදහම ප්‍රචලිතවීමේ ආරම්භය විය. ජර්මන් ජාතික ඛේමා මෙහෙණින් වහන්සේ ද ලංකාවට වැඩමකොට ඤාණපෝණික හිමියන් ගෙන් ථෙරවාද බුදුදහම හා භාවනාව ඉගෙනගෙන ජර්මන් බසින් පොත්පත් සියයකට අධික ප්‍රමාණයක් ලියා ජර්මනිය පුරා බුදුදහම ප්‍රචලිත කිරීමට පුරෝගාමී වූවාය. එතුමිය සිය ග්‍රන්ථ ප්‍රකාශනයෙන් හා දේශන පැවැත්වීමෙන් ලබන ලද ආධාර මුදල්වලින් ජර්මනිය පුරා ”Lotus Vihara˜” නෙළුම් විහාරය නමින් බෞද්ධ මධ්‍යස්ථාන 22 ක් ඉදි කළාය.
ජර්මන් ජාතික ඤාණතිලෝක හිමියන් විසින් ධර්ම ශාස්ත්‍රීය වශයෙන් ශ්‍රී ලංකාව මුල්කරගෙන ජර්මනිය තුළ ථෙරවාදී බුදුදහම ප්‍රචලිත කිරීමේ භාරදූර කාර්යයේ නියමුවා විය. මේ උන්වහන්සේ අතින් ලියවුණ පොත් කිහිපයකි.
★ බුද්ධ වචනය (The Word of the Buddha) – චතුරාර්ය සත්‍යයන් මත පදනම් වූ ධර්මය පිළිබඳ ව්‍යුහගත ඉදිරිපත් කිරීමකි. යුරෝපීය භාෂාවන් තිස් ගණනකට පරිවර්තනය විය.
★ බුදුන්ගේ විමුක්ති මාර්ගය (Buddha’s Path to Deliverance) – සූත්‍ර පිටකයේ ක්‍රමානුකූල පැහැදිලි කිරීමකි.
★ බෞද්ධ ශබ්දකෝෂය(Buddhist Dictionary) – ප්‍රධාන බෞද්ධ පද සහ සංකල්ප සඳහා පුළුල් මාර්ගෝපදේශයකි.
★ අභිධර්ම පිටකයට මඟ පෙන්වීම (Guide through the Abhidhamma-Pitaka) – ථෙරවාද අභිධර්මය පිළිබඳ සවිස්තරාත්මක පැහැදිලි කිරීමකි.
★ ධම්මපදය -Dhammapada – Des Buddhas Weg zur Weisheit – ප්‍රඥාවට බුදුන්ගේ මග (With ) Commentar in German) – අටුවාව සහිතව ජර්මන් බසින් කරන ලද විග්‍රහයකි.
මෙම ග්‍රන්ථ දශක ගණනාවක් පුරාවට, ධර්මයට කැපූ වූ සුවිශේෂී පිරිසක් ආකර්ෂණය කර ගත්තේය. බෞද්ධ ප්‍රකාශන සංගමයේ නිර්මාතෘ සහ ”The Heart of Buddhist Meditation˜ හි කතුවරයා වන ඤාණපෝණික හිමි “විශුද්ධි මාර්ග” (The Path of Purification) සහ “මජ්ක්‍ධිම නිකාය” (The Middle Length Discourses) ඉංග්‍රීසියට පරිවර්තනය කළ කීර්තිමත් පරිවර්තකයකු වන ඤාණමෝලි හිමි ”Notes on Dhamma˜ හි කතුවරයා වූ සහ දාර්ශනිකයකු වූ ඤාණවීර හිමි සහ තවත් බොහෝ අය මේ අතර වූහ. ඤාණතිලෝක හිමියන් 1957 මැයි 28 වන දින ශ්‍රී ලංකාවේ කොළඹදී අපවත් විය. උන්වහන්සේගේ අවමංගල්‍යයට එවකට ශ්‍රී ලංකාවේ අගමැති වූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා සහභාගි වූ අතර, උන්වහන්සේ බුද්ධාගමට කළ අතිමහත් දායකත්වය අගයමින් ගුණ වර්ණනා කළේය. අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත හිමි, හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි, සූරියගොඩ ශ්‍රී සුමංගල හිමි, ශ්‍රීමත් අනගාරික ධර්මපාල වැනි ශ්‍රේෂ්ඨයන් ජර්මන් ජාතිකයන්ට පාලි, බුදුදහම, අභිධර්මය ඉගැන්වීමේලා මුල් ගුරුවරු වූහ.
ජර්මන් ජාතික හෝමියෝපති වෛද්‍යවරයකු වූ පෝල් ඩාල්කේ ශ්‍රී ලංකාවට පැමිණ හික්කඩුවේ ශ්‍රී සුමංගල, සූරියගොඩ ශ්‍රී සුමංගල වැනි ශ්‍රේෂ්ඨ පඬිවරුන්ගෙන් පාලි, බුදුදහම, අභිධර්මය හා විපස්සනා භාවනාව උගෙනීම ජර්මනියේ බුදුදහම ප්‍රචලිත කිරීමේ නව උදානයක් ඇති කිරීමට සමත්විය. වෛද්‍ය පොල් ඩාල්කේ බර්ලින්නුවර අක්කර 6 ක පමණ භූමි භාගයක ආසියාවේ බෞද්ධ විහාරවල ආකෘතියේ අංග ඇතුළත් කරමින් සිය වාසය පිණිස ඉදිකරගත් නිවස ”Das Buddhistisches Haus”බෞද්ධ ගෙය” (1924-1928) නමින් නම් කරගත්තේය. එහි සිට ඩාල්කේ තමන් උගත් බුද්ධධර්මය, බෞද්ධ දර්ශනය, අභිධර්මය, විපස්සනා භාවනාව ජර්මන් ජාතිකයන්ට ඉගැන්වූහ. ඒ ඒ විෂය ධාරාවනට පොත්පත් රාශියක් ලිවීය. එතුමාගේ අභාවයෙන් පසුව අශෝක වීරරත්න මහතාගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාව පුරාම මුදල් රැස්කොට 1957 දී එතුමාගේ මෙම නිවස ලංකාවට මිලදී ගැනීමෙන් පසුව “බර්ලින් විහාරය” නමින් සිංහලයන් අතර ප්‍රකට විය. මේ සඳහා ඩඩ්ලි සේනානායක, එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක, සී. ඩබ්. ඩබ්. කන්නන්ගර, ඒ. රත්නායක, මහාචාර්ය ජී. පී. මලලසේකර, ආර්. ජී. සේනානායක, සර් නිකලස් ආටිගල, එම්.ඩී. එච්. ජයවර්ධන වැනි කෘතහස්ත දේශපාලනඥයන් හා විද්වත්හු නායකත්වය දැරූහ.
ශාස්ත්‍රීය සබඳතා
ශ්‍රී ලංකාව හා සිංහල භාෂාව ජර්මනියට රැගෙන ගිය ශ්‍රේෂ්ඨ පඬිවරයා ලෙසට දැක්විය හැක්කේ ජර්මන් ජාතික මහාචාර්ය විල්හෙල්ම් ගෛගර් පඬිවරයා යැයි පැවසුවහොත් එය නිවැරදිය. විල්හෙල්ම් ලුඩ්විග් ගයිගර් Wilhelm Ludwig Geiger (1856 ජුලි 21-1943 සැප්. 02) ජර්මන් ජාතික ප්‍රාචීන ශාස්ත්‍රඥයෙකි. විශේෂයෙන්ම සිංහල සහ පාලි භාෂාවන් පිළිබඳව සුවිශේෂ උනන්දුවකින් කටයුතු කළ පඬිවරයෙකි. ලෝක භාෂා වර්ගීකරණයේදී සිංහල භාෂාවේ ආර්යය අනන්‍යතාවය නිවැරදිව තහවුරු කරමින්, “සිංහල භාෂාව ද්‍රවිඩ භාෂා මූලයකින් පැවතෙන්නක්ය” යන බටහිර රටවල තිබූ සැක සංකා දුරු කළේ මෙතුමාය. එය එසේ නොවිනි නම් පසුගිය ඊළාම් අරගලයේදී භාෂාව සම්බන්ධයෙන් ද සිංහලයන් යටපත් කිරීම සඳහා උත්සාහයන් සිදුවිය හැකිව තිබුණි. ජීවිතයේ අවසන් කාලය සම්පූර්ණයෙන්ම සිංහල ශබ්දකෝෂය වෙනුවෙන්ම කැප කළේය. මහාවංශය ජර්මන් බසට සහ ඉංග්‍රීසියට පරිවර්තනය කරමින් සිංහල ඉතිහාසය ලොවට ගෙන ගියේය. ජාත්‍යන්තර වශයෙන් සිංහලයාට සහ සිංහල රටට මෙතුමා තරම් සේවයක් කළ වෙනත් කිසිදු විදේශිකයෙක් නොමැත. ජර්මනියේ බවේරියා හෙවත් Beyern ප්‍රාන්තයේ Nürnberg න්‍යුර්න්බර්ග්වල උපත ලද මෙතුමා සිය මූලික අධ්‍යාපනය 1861 දී මිලෑන්ක්කොන් පාඨශාලාවෙන් අරඹා 1873 දී අපරදිග භාෂා පිළිබඳව හැදෑරීමට එර්ලන්ගන් (Erlangen) සරසවියට ඇතුළත් විය. 1876 දී දර්ශනවාදය පිළිබඳව ගරු සම්මාන සහිත ආචාර්ය උපාධියෙන් පිදුම් ලැබීය. 1878 එර්ලන්ගන් සරසවියේ දර්ශනවාදය පිළිබඳ ආචාර්යවරයෙක් ලෙස පත්වීම ලැබ දෙවරක්ම (1901 සහ 1912) එම සරසවියේම උපකුලපති ධුරයට පත්විය. 1895, 1925 සහ 1931 දී වශයෙන් තෙවරක් ශ්‍රී ලංකාවට පැමිණියේය. මහාචාර්ය විල්හෙල්ම් ගයිගර් 1943 සැප්. 02 දින ජර්මනියේ මියුනික් අසල Neubiberg නොයිබිබර්ග් හිදී මියගියේය. මෙතුමන් විසින් සිංහල හා පාලි භාෂාවන් ද බුදුදහම ද ජර්මනියට ගෙන යෑමේ කාර්ය සඳහා ඉංගිරිසි බසින් හා ජර්මන් බසින් ලියන ලද පොත් ප්‍රමාණය සියයකට අධිකය. මේ ඉන් කිහිපයකි.
★ මහාවංශය ඉංග්‍රීසි පරිවර්තනය (1908 පිටු 368 යි)
★ සිංහලයේ මහාවංශ කතාව හෙවත් මහාවංශය (1912 පිටු 300 යි)
★ රසවාහිනී පරිවර්තනය (1918 පිටු 74 යි)
★ සංයුක්ත නිකාය (1925 පිටු 294 යි)
★ චූලවංශය ජර්මන් පරිවර්තනය 1-2 (1925-1927 පිටු 658 යි)
★ චූලවංශය ඉංග්‍රීසි පරිවර්තනය 1-2 (1929-1930 පිටු 727 යි)
★ සිංහල භාෂා ශබ්දකෝෂය (1930 පිටු 170 යි)
★ සිංහල භාෂා ව්‍යාකරණ (1938 පිටු 200 යි)
★ සිංහල භාෂා නෛරුක්තික විශ්වකෝෂය (1941 පිටු 196 යි)
★ Unter Tropische Sonne (1930)
★ Ceylon Tagebuchbleatter und Reiseerinnerungen 1898 (සිංහල පරිවර්තනය – “ගයිගර් දුටු ලංකාව”
(සුදන්තක පී. විජේතුංග 2003)
ජීවිතයේ අවසන් කාලය සම්පූර්ණයෙන්ම සිංහල ශබ්දකෝෂය වෙනුවෙන්ම කැප කළේය. මහාවංශය ජර්මන් බසට සහ ඉංග්‍රීසියට පරිවර්තනය කරමින් සිංහල ඉතිහාසය ලොවට ගෙන ගියේය. ජාත්‍යන්තර වශයෙන් සිංහලයාට සහ සිංහල රටට මෙතුමා තරම් සේවයක් කළ වෙනත් කිසිදු විදේශිකයෙක් නොමැත. 1989 දී මෙතුමා වෙනුවෙන් ශ්‍රී ලංකාවේ තැපැල් මුද්දරයක් එළිදක්වන ලදී.
දේශපාලනික සම්බන්ධතා
ශ්‍රී ලංකාවත් ජර්මන් ජාතිකයන් අතරත් කොන්සුල් සබඳතාවයන් ආරම්භ වන්නේ එක් දහස් අටසිය අග භාගයේ සිටය. ශ්‍රී ලංකාවේ පළමු ජර්මන් කොන්සුල් ලෙස 1872 වර්ෂයේදී ක්‍රියාකර ඇත්තේ එම්. එච්. ක්රම මහතාය. නමුත් පළමු ලෝක යුද්ධය පැවති (ක්‍රි. ව. 1914.07.28 – 1918.11.11) කාල සීමාවේදී හා දෙවන ලෝක යුද්ධය පැවති (ක්‍රි. ව. 1939-1945) කාල සීමාවේදී කොන්සුල් සම්බන්ධතා වසා දැමිණි. ඉන් පසුව ශ්‍රී ලංකාවත් ජර්මනියත් අතර රාජ්‍ය මට්ටමින් නිල සහ ස්ථිර තානාපති සේවාව ආරම්භ වන්නේ 1953 වර්ෂයේදීය. එතැන් පටන් මේ දක්වාම ශ්‍රී ලංකාවත් – ජර්මනියත් අතර වසර 72 ක කාලයක් තිස්සේ තානාපති සබඳතා පැවැත්වේ.
1966 දී අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මැතිතුමා ජර්මනියට පැමිණ එවකට ජර්මනියේ Chancellor චාන්සලර්වරයා වූ හොයිරිච් ල්‍යුබෙක් මැතිතුමා ද 1974 වර්ෂයේදී අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ජර්මනියට පැමිණ එවකට ජර්මන් චාන්සලර්වරයා වූ හෙල්මුට් ස්මිඩ්ට් මැතිතුමාද හමුවී දෙරට අතර නිල සාකච්ඡාවන් පවත්වා ඇත. ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරු වන ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා 1984 ජර්මනියට පැමිණ හෙල්මුට් කෝල් චාන්ස්ලර්වරයාද, 2001 චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ජර්මනියට පැමිණ එවකට ජර්මනියේ සිටි චාන්ස්ලර්වරයා වන ගෙර්හාර්ඩ් ෂ්‍යුඩර් ද, 2015 මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පැමිණ එවකට චාන්ස්ලර්වරිය වූ අංගෙලා මෙර්කල් මැතිණිය ද, 2023 වර්ෂයේදී ජර්මනියේ චාන්ස්ලර්වරයා ලෙස කටයුතු කළ ඔලාෆ් ෂෝල්ස් රජයේදී රනිල් වික්‍රමසිංහ ද ජනපතිවරයාද, පසුගියදා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය මැතිතුමිය ද ජර්මනියට පැමිණ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ.
සංස්කෘතික සබඳතා
Johan Wolfgang Von Goethe ජොහාන් වොල්ෆ්ගන්ග් ෆොන් ග්‍යුතේ 1749.08.28 වැනි දින ජර්මනියේ ෆ්රන්ක්ෆුර්ට්වල උපන්නෙකි. මෙතුමා ජර්මන් කවියෙකි, දේශපාලනඥයෙක් මෙන්ම පරිසරවේදියෙකි. මෙතුමාගේ නමින් ජර්මන් රජයේ අනුග්‍රහයෙන් විශේෂයෙන්ම ජර්මන් භාෂාව හා සංස්කෘතිය උගැන්වීමේ පරමාර්ථයෙන් Goethe ග්‍යුතේ නමින් ආයතනය හෙවත් Goethe Istitut හෙවත් German Kultur Istitut ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථාන ලොව පුරා රටවල් 98 ක ආයතන 151 ක් ආරම්භකොට ඇත. ශ්‍රී ලංකාවේ කොළඹ මෙම ආයතනය ආරම්භකොට ඇත්තේ 1957 වර්ෂයේදීය. ලොව පුරා ඇති මෙම ආයතන මගින් ශිෂ්‍යයන් ලක්ෂයකට වඩා උපකාර කරති. වාර්ෂිකව 7,50,000 ට වැඩි ප්‍රමාණයක් ජර්මන් භාෂාවේ විභාගවලට පෙනී සිටිති. සංස්කෘතික වැඩසටහන් වර්ෂයකට 20,000 ට වැඩි ප්‍රමාණයක් පවත්වති. මෙම ආයතන තවත් කිහිපයක්වත් ශ්‍රී ලංකාවේ ආරම්භ කරගැනීමට ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරන්නේ නම් අනාගත ජර්මන් – ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් වැඩි දියුණු කරගැනීමට එය හේතුවේ.
සංචාරක ව්‍යාප්තිය
ලොව විවිධ රටවල සංචාරය කරන ජර්මන් ජාතිකයන් වැඩි පිරිසක් ශ්‍රී ලංකාව තෝරා ගැනීමට රුචියක් දක්වයි. ශ්‍රී ලංකාව තුළ සංචාරකයන්ට අවශ්‍යය පහසුකම් හා සේවාවන් වර්ධනය කිරීමත්, සෑම දෙයකම ගුණාත්මක බව මෙන්ම ක්‍රමවත් බව වැඩි දියුණු කිරීමත්, ජර්මනියේ බර්ලින් අගනුවර සිට කොළඹට කෙළින්ම ශ්‍රී ලංකන් ගුවන් සේවාවක් ආරම්භ කිරීමත් වැඩිමනක් සංචාරකයන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කරගැනීමට හේතුවේ. ජර්මන් ජාතිකයන්ගෙන් පමණක්
පසුගිය වසරේ අප රටට ලැබුණු මුළු ආදායම ඩොලර් මිලියන 218.7 ක් වේ. ලොව අනෙක් ජාතීන්ට වඩා ජර්මන් ජාතිකයන් ලංකාවට පැමිණිවිට සිය මුදල් වැය කිරීමට පසුබට නොවෙති. තමන් සේවය ලබා ගන්නා සෑම කෙනකුටම සුළු මුදලක් හෝ පරිත්‍යාග කිරීමට ජර්මන් ජාතිකයෝ අමතක නොකරති.

ආචාර්ය රඹුක්වැල්ලේ දේවානන්ද හිමි,
බර්ලින් ජාතික විශ්වවිද්‍යාලයේ හා
ජර්මනියේ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ කථීකාචාර්ය
බර්ලින් සම්බෝධි විහාරාධිපති හා
දොරණෑගොඩ රජමහා විහාරාධිපති
(බී.ඒ.ගෞ., එම්. ඒ., පී. එච්. ඩී. – ජර්මන්)