Saturday, 7 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: සමාජ ඒකාබද්ධතාව ගොඩනැඟීමේ දී අධ්‍යාපනයේ කාර්යභාරය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 7 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: සමාජ ඒකාබද්ධතාව ගොඩනැඟීමේ දී අධ්‍යාපනයේ කාර්යභාරය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විශේෂාංග

සමාජ ඒකාබද්ධතාව ගොඩනැඟීමේ දී අධ්‍යාපනයේ කාර්යභාරය

2 weeks ago
29 Views

දැනුම ලබා ගැනීමට හා සංස්කෘතිය තම වර්ගයාට පවරාදීමට අදාළ ක්‍රියාවලිය අධ්‍යාපනය ලෙස මුල් අවදියේ බොහෝ දෙනා අර්ථ දැක්වුවද පසුකාලීනව එය දැනුම ලබාගැනීමෙන් ඔබ්බට ගොස් ජීවත්වීමේ පරමාර්ථය දක්වා වෙනස් වී ඇත. පුද්ගලයා තුළ දැනුම කුසලතා ආකල්ප මෙන්ම වටිනාකම්වල සංවර්ධනයක් ඇති කිරීම වර්තමාන අධ්‍යාපනය තුළින් බලාපොරොත්තු වෙයි.

අධ්‍යාපනය යනු ජීවිතයට සූදානම් වීම නොව ජීවත්වීම බව අධ්‍යාපනය පිළිබඳ දාර්ශනිකයකු වූ ජෝන් ඩිවී ප්‍රකාශ කර ඇත.

වර්තමානය වන විට ගෝලීයකරණය මෙන්ම තවත් බොහෝ කරුණු හේතුවෙන් සමාජය ආවෘත තත්ත්වයෙන් මිදී විවෘත සමාජයක් දක්වා වෙනස් වී ඇති අතර එවැනි තත්ත්වයක් තුළ අනාගත සමාජයට අවශ්‍ය වන පුද්ගලයා නිර්මාණය කිරීමේදී සමාජ ඒකාබද්ධතාව ප්‍රවර්ධනය කිරීම අධ්‍යාපනය මත පැටවී ඇති භාරදූර කාර්යයකි.

විවිධ පසුබිම්වල පුද්ගලයන් සංස්කෘතික, වාර්ගික, සමාජ, ආර්ථික වශයෙන් ඒකාබද්ධ සමාජ රාමුවකට ගෙන ඒමේ ක්‍රියාවලිය සමාජ ඒකාබද්ධතාව ලෙස දැක්විය හැකි අතර මෙම කාර්යයේ දී අධ්‍යාපනය හේතු කිහිපයක් මත ප්‍රබලතම මාධ්‍යයක් බවට පත්වී ඇත.

එකිනෙකා කෙරෙහි දක්වන ගෞරවය, විවිධ තත්ත්වයන්වලදී දක්වන ඉවසීම, සන්නිවේදනය වැනි මූලික වටිනාකම් ඉගැන්වීම තුළින් විවිධාකාර සමාජයක ඵලදායි ලෙස ජීවත් වීමට සිසුන් යොමු කිරීම හා එකිනෙකා අතර පවතින වෙනස්කම් අගය කරන පරිසරයක් පෝෂණය කිරීම අධ්‍යාපන ක්‍රියාවලිය තුළින් සිදුවිය යුත්තකි.

මේ සඳහා පාසල් තුළ ක්‍රියාත්මක වන පූර්ණ විෂය මාලාව, එනම් විධිමත් විෂය මාලාව, සමගාමී විෂය මාලාව මෙන්ම සැඟවුණ විෂය මාලාව සකස්වීම වැදගත් වෙයි. ඉන්දියානු ද්විතීක අධ්‍යාපන කොමිෂන් සභා වාර්තාව (1953) අනුව පාසලේ දී සම්ප්‍රදානුකූලව උගන්වනු ලබන ශාස්ත්‍රීය විෂයන් පමණක් නොව පාසලේ උගන්වනු ලබන සමස්තයම විෂයමාලාව ලෙස නිර්වචනය කර ඇත. එනම් සමාජ ඒකාබද්ධතාව ඇති කරවන ආකාරයේ වැඩසටහන්ද සමගාමී සහ සැඟවුණු විෂයමාලාවට ඇතුළත් කිරීම වර්තමාන පාසල් අධ්‍යාපනය තුළින් බලාපොරොත්තු වේ. මෙහිදී ශිෂ්‍යයාට සමීපතම පුද්ගලයා ලෙස ගුරුවරයා තුළ පවතින අධ්‍යාපන සමාජ විද්‍යාත්මක දැනුම, අධ්‍යාපනයේ දාර්ශනික පසුබිම පිළිබඳ දැනුම මෙන්ම මනෝවිද්‍යාත්මක දැනුම වැදගත් වෙයි. තම වෘත්තීය භූමිකාවට අමතරව සමාජ සංවර්ධනය සඳහා තමාගෙන් ඉටුවිය යුතු යුතුකම් හා වගකීම් හඳුනා ගනිමින් ඒවා ඉටුකිරීමට අවශ්‍ය වන සමාජ භූමිකාව ක්‍රියාත්මක කිරීමද ගුරුවරයා තුළින් සමාජය බලාපොරොත්තු වේ.

තවද ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ වාර්තාව-2003 හි දක්වා ඇති ආකාරයට අධ්‍යාපනය තුළින් වර්ධනය කළ යුතු මූලික නිපුණතාවයන් 7හි ඇතුළත් නිපුණතාවයන් වන පරිසරයට අදාළ නිපුණතාව මෙන්ම ඉගෙනීමට ඉගෙනීම පිළිබඳ නිපුණතාවයන් කරා සිසුන් මෙහෙයවීම තුළින් ජාතික අරමුණු මුදුන්පත් කර ගැනීමේ කාර්ය සඳහාද අධ්‍යාපනය සෘජුව දායක විය හැකි අතර එය සමාජ ඒකාබද්ධතාව ප්‍රවර්ධනය සඳහා මහඟු පිටුවහලක් වේ.

එපමණක් නොව දියුණු වූ පාසල් සංස්කෘතියක් තුළ ලබා දෙන අධ්‍යාපනය සිසුන්ගේ විවේචනාත්මක චින්තනය වර්ධනය කරන අතර සංකීර්ණ සමාජ ප්‍රශ්න විසඳා ගැනීමට සිසුන් දිරිමත් කරමින් සමාජ ඒකාබද්ධතාවයට බාධා කරන චින්තනයන්ට හා අගතිගාමී බවට අභියෝග කිරීමට සිසුන් සූදානම් කරයි. එහිදී පාසල ද්විතීයික සමාජානුයෝජන කාරකයක් ලෙස ද කටයුතු කරයි. විවිධ පසුබිම්වල සිසුන් දිනපතා අන්තර්ක්‍රියා කරන අද්විතීය පරිසරයක් පාසල තුළ පවතී. මින් පෙර සඳහන් කළ විෂය සමගාමී ක්‍රියාකාරකම් සහ සැඟවුණු විෂයමාලාව ක්‍රියාත්මක කිරීම හරහා සිසුන් සංස්කෘතික හා වාර්ගික සීමාවන් ඉක්මවා යන මිත්‍රත්වයක් ගොඩනඟා ගන්නා අතර එමගින් සමාජ දුරස්ථභාවය අඩු කර අන්‍යොන්‍ය ගෞරවය වර්ධනය කිරීම තුළින් අන්තර් පුද්ගල සම්බන්ධතා ඇතිකිරීම අධ්‍යාපනය හරහා සිදුකළ හැක.

කරුණු එසේ වුවද අධ්‍යාපනය තුළින් සමාජ ඒකාබද්ධතාව ඇති කිරීමේදී අභියෝග රැසක් අප හමුවේ පවතී.

අධ්‍යාපන පද්ධතිය තුළ පවතින අසමානතා, විධිමත් විෂයමාලාවේ ඇතැම් අන්තර්ගතයන් තුළ පවතින පක්ෂග්‍රාහීබව, ජාතික මට්ටමේදී වෙන් කරනු ලබන අරමුදල් ප්‍රමාණවත් නොවීම හා එම අරමුදල් නිසි පරිදි බෙදී නොයෑම මෙන්ම පවතින සමාජ ආර්ථික විෂමතා ඉන් අභියෝග කිහිපයක් ලෙස දැක්විය හැක

අභියෝග එසේ වුවද බහු සංස්කෘතික සමාජයක් තුළ ජීවත් වීමේදී වර්ණය ජාතිකත්වය ආගම හෝ මිනිසුන් වෙන් කරන වෙනත් නිර්ණායක නොසලකා සමාජයේ සියලුම පුද්ගලයන්ට සමාන අවස්ථා සහතික කරන සමාජ ඒකාබද්ධතාව ඇති කිරීමෙහිලා අධ්‍යාපනයේ තීරණාත්මක කාර්යභාරය හා වැදගත්කම අවතක්සේරු කළ නොහැක. එමෙන්ම අනාගතය භාර ගැනීමේ අරමුණින් සිය ඉගෙනුම් අත්දැකීම් ලබන සිසුවාට රටක ආර්ථික සංවර්ධනය පහසුවෙන්ම මල්ඵල ගැන්වීම සඳහා අත්‍යවශ්‍යවන අන්තර් පුද්ගල සහයෝගීතාවය සංවර්ධනය කිරීමේ දී සමාජ ඒකාබද්ධතාව ප්‍රතිමාණයක් ලෙස කටයුතු කරන බව නොරහසකි.

අධ්‍යාපනය යනු මානව ප්‍රජාව ගොඩනඟා නැවත ගොඩනඟන පදනමයි

C.N. ජයතිලක, කල්පනී ගුණරත්න, සුවිනි ප්‍රනාන්දු, වාසනා කරුණාරත්න,

N. අබේගුණසේකර
අධ්‍යාපනපති උපාධි පාඨමාලාව
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය,
මාලඹේ.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

4 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

2 days ago

නිවසට කැඳවාගත් පාසල් සිසුවියව සැමියා ලවා දූෂණය කරලා

3 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

7 days ago

බුදු දහම ලැබීමටත් පෙර වසර 4400ක් පැරණි අපේ සංස්කෘතිය සමන්ගල ගවේෂණයෙන් මතු වෙයි

3 days ago
Related News
විශේෂාංග

ඉන්දීය ආරක්ෂක ගිවිසුම සමග පොරබැදීම

විශේෂාංග

පුංචි ආණ්ඩු රණ්ඩු වන විට ගම් සභාවේ අගය වැටහෙයි

විශේෂාංග

ඉන්දීය ආරක්ෂක ගිවිසුම සමග පොරබැදීම

විශේෂාංග

සිනා සී මම කඳුළු සඟවා ගතිමි

විශේෂාංග

Voice Sri Lanka අවසන් මහා රාත්‍රිය ජුනි 14 වැනිදා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok