ඉන්දීය හා ශ්‍රී ලංකා රජයන් අතර ළඟදී එළඹුණු අවබෝධතා ගිවිසුම් ගැන ඇතිවූ කම්පිතභාවය නිසා සැක සංඛා හා විවේචන ගොන්නක් සමාජගතව ඇත. වඩාත්ම විචාරයට ලක්ව ඇත්තේ ආරක්ෂක අවබෝධතා ගිවිසුමයි. ආරම්භයේදී, විවේචකයන්ගේ ඉල්ලීම් අවබෝධතාවන් හතක් ගැනය. ඉන්දීය මාධ්‍යය දහයක් යැයි පැවසීය.

ගරුකිරීමේ නෛතික බන්ධනයක් නැති අවබෝධතා ගිවිසුමක, අපේක්ෂා හා ප්‍රක්ෂේපිත ප්‍රතිඵල දැක්වේ.
තොරතුරු දැනගැනීමේ පනත යටතේ, ගිවිසුම් පිටපත් ලබාගත හැකි බව අමාත්‍ය විජිත හේරත් පැවසීය. ඒ ප්‍රකාශය, ගිවිසුම් අන්තර්ගතයන් ජනගතවීම ප්‍රමාද කිරීමට ගැසූ ‘ගැටයක්’ බව කාහටත් වැටහුණි.
තොරතුරු දැනගැනීමේ පනතේ 5 ඡේදය “රාජ්‍ය ආරක්ෂාවට හෝ එහි භෞමික අඛණ්ඩතාවයට හෝ ජාතික ආරක්ෂාවට” අගතිගාමීවන තොරතුරුද, තොරතුරු මූලාශ්‍ර සබැඳි යම් අවස්ථාද සලකා යම් “අගතිගාමී වන හෝ අගතිගාමී විය හැකිවන” තොරතුරු හෙළිදරව්ව සීමා කරයි.
ප්‍රශ්නය වන්නේ, රටෙහි ආරක්ෂාව ගැන, විදේශ රාජ්‍යයක් සමග විශ්වාසය තබා, පුරවැසියන්ගෙන් රහසක් ලෙස තබන්නේ මන්ද යන්නය. අවාසනාවකට, ගිවිසුම රටෙහි ආරක්ෂාව, භෞමික අඛණ්ඩතාවය හෝ ආරක්ෂාවට අගතිගාමී වුවහොත්, රටේ ස්වෛරීත්වයට වුවද වියහැකි, පිළිසකර කළ නොහෙන වරද අතිවිශාලය. එහෙයින් හෙළිදරව් නොකිරීම ගිල්වන්නේ පාරදෘශ්‍යභාවය පමණක් නොවේ.
රජය පෙන්වන ආකල්පයෙන් බැලුවොත්, රටින් කොටසක් අනෙකෙකුට රහසේ වෙන්කර දුන්නද, ලද හැකි සහනයක් නොමැත. ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) ඇතුළු විපක්ෂය, ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමන් ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කළ අවස්ථාවේත්, අගමැති රනිල් වික්‍රමසිංහ සටන් විරාම ගිවිසුම අත්සන් කළ අවස්ථාවේත්, හෙළිදරව් නොකිරීම හා ගිවිසුම්, රාජ්‍යාරක්ෂාව, භෞමික අඛණ්ඩතාවය, ස්වෛරීත්වය බිඳලන්නේ යැයි තර්කයෙන් විරෝධතා පෑවා මතකය. කල්ගත වුවද, දේශපාලන කැපවීම් හා ඉතිහාසය නොමැකෙයි.
ඊළඟට, ගිවිසුමේ 7.2 වගන්තිය වරදවා තෝරාගෙන දෝ, ගිවිසුම් හෙළිදරව්වට ඉන්දීය කැමැත්ත අවශ්‍ය යැයි නලින්ද ජයතිස්ස ඇමැතිවරයා පැවසීය. ගිවිසුමේි‘
වර්ගීකරණය කළ තොරතුරු’ අර්ථකථනය පරිදි එය එවන් ලියැවිල්ලක් බව නොපෙනේ. ජනතා ඉල්ලීම වූයේ ‘ගිවිසුම’ මිස,
“වර්ගීකරණ කළ හෝ හුවමාරු කරගත් ද්‍රව්‍ය හෝ හෝ ගිවිසුමට සබැඳිව හෙළිකරගත් තොරතුරු” නොවේ. එහෙයින් වගන්ති 7.2 සිට 7.4 දක්වා වගන්තිවලට අනුගතය අනවශ්‍යය.
ගිවිසුම් ක්‍රියාත්මකයේදී පාර්ශ්වයන් ‘වර්ගීකරණය’ තීරණය කරනු ඇත. ජයතිස්ස ඇමැතිවරයා, හිතුමතේ
ගිවිසුමක් ‘වර්ගීකරණ කළ ගිවිසුමකට’ පරිවර්තනය කර ඇත. සරල වක්‍රෝත්තිය නම්, විශේෂයෙන්ම ආරක්ෂාව හා ස්වෛරීයත්වය පිළිබඳව තම රජය සිදුකරන දේ
දැනගැනීමේ අයිතිය, රජය විසින්ම උදුරා ගැනීමයි. අපේ බලධාරීන්ට නෛතික අර්ථකථන පලක් නැතිසේය.
ජවිපෙ මහ ලේකම් මේ ගිවිසුම් පාර්ලිමේන්තුවට දී ඇතැයි පැවසුවැයි වාර්තා වේ. එය සිදුවී නැත. රූපවාහිනි සාකච්ඡාවකදී ජනාධිපති අනුර කුමාර දිසානායක, නොබෝ දිනකින් ගිවිසුම් ජනගත වෙතැයි බලාපොරොත්තුවක් ඇති කළද, ඒ නොබෝ දින තවම උදාවී නැත. ගිවිසුම් ජනගත කිරීම ගැන රජයට පොදු ස්ථාවරයක් නැතැයි දේශපාලන හැසිරීම් තහවුරු කරයි. පාරදෘශ්‍යතා හීනභාවයත්, ඉන්දීයන්ගේ නිහඬ බවත්,
ගිවිසුමේ සැකසහිත, අනර්ථකාරී, රවටනසුළු ප්‍රතිඵල අවධාරණය කරයි.
“ඊනියා” ආරක්ෂක ගිවිසුම
මේ පසුබිමේ, ‘Economy Next’, ඊනියා ආරක්ෂක ගිවිසුමක් පළ කළේය. එය “බොරු” ලියැවිල්ලක් බවට රජයෙන් නොදැක්වීමම, නිරායාසයෙන්ම එය සත්‍ය ලියැවිල්ලක් කරයි. මේ ලිපිය ඉන් හෙළි කළ අන්තර්ඝතයන් කිහිපයක් ඇගයේ. එය සාවද්‍ය ලියැවිල්ලක් නොවෙතැයි පතමි. මා නීතිවේදියකු නොවන හෙයින්, අත්දුටු පරිචයන් මත පමණක් අර්ථකථන කෙරේ. ගිවිසුම, ද්විපාර්ශ්වික ඓතිහාසික සබඳතා මුලින්ම උලුප්පා දක්වයි. එය ඉන්දීයන්ට පමණක් අදාළ නොවේ. ගිවිසුම දෙරටේ හමුදා අතර ඇති මනා සම්බන්ධීකරණය හුවා දක්වයි. ඒ ආරක්ෂක සහයෝගිතාවන් දැනටමත් දශක ගණනක් තිස්සේ අත්දැකීමකි. අලුතින් එකතුවන්නේ ආරක්ෂක කර්මාන්තයි.
එහෙත්, ගිවිසුම පරිදි ‘අන්තර්ජාතික කැපවීම් අත්නොහැරීම’ චීනය හා පකිස්තානය වැන්නන් සමග අපට දැනට ඇති, අනාගතයේ වියහැකි ද්විපාර්ශ්වික සබඳතා සීමාකරයි. තවද, යෝජිත ආරක්ෂක රාමුව, ඉන්දීය හිතෛෂී අන්තර්ජාතික කැපවීම් (උදා – ක්වොඩ්, I2U2) සමග එකඟවීමට අපට බලපෑම් ඇතිකළ හැකිය. අප ඉන්දීය සබඳතා සතුටින් වැළඳගන්නා අතර, ත්‍රස්ත ගැටුම් සමයේදී, ඉන්දියාව තමිල්නාඩු දේශපාලන බලපෑම් මත සහයෝගය නොදක්වන අවදියේදී, අපට චීනය හා පකිස්තානය මාරාන්තික ආයුධ සැපයූ අන්දමත්, එක්සත් ජාතීන් හමුවේ, විශේෂයෙන්ම ජිනීවාහිදී, ඉන්දියාව ඉඳහිට පසුබෑ අවස්ථාවන්හිදී අපට සහාය වූ අන්දමත් සිත්හි තබාගත යුතුය.
එසේම, ගිවිසුමේ අර්ථකථන නොකෙරෙන, නම් නොකළ ‘තුන්වැනි පාර්ශ්ව’ ගැන, 8.2 හා 8.3 ඡේදයන්හි දැක්වේ. එය ඉන්දියාවට මිත්‍ර තුන්වන පාර්ශ්ව, අප ගිවිසුමට ඇතුල් කරගැනීමේ මාධ්‍යයක් දැයි විමසිලිමත් විය යුතුය.
ආරක්ෂක කර්මාන්ත සහභාගිත්වය
ආරක්ෂක කර්මාන්තයට අදාළ ක්‍රියාවන් ගිවිසුමේ සඳහන්ය. කුමන ක්‍රියාමාර්ග, කෙසේ ඉටුකිරීමට ඇත්දැයි අප නොදනිතත්, ආරක්ෂක කර්මාන්ත අංශය අපට නෑඹුල්ය. යුද භාණ්ඩ වෙළෙඳපොළක්ද අපට නැත. ඇමෙරිකාව, රුසියාව, ප්‍රංශය හා ඊශ්‍රායලය සමග ඉන්දියාවට ව්‍යාපාරික හා තාක්ෂණික අධි-බන්ධන ඇති හෙයින් අප සමග බැඳීම් අවමය. දෙවනුව, ඉන්දීය මිත්‍ර කණ්ඩායම් සමහරෙකු, ඉන්දියාවට සමව චීන විරෝධීත්වයක් දරතත්, අප එසේ නොවේ. තුන්වනුව, ඉන්දියාව තම ආරක්ෂක කර්මාන්ත මෙහි ප්‍රති-ස්ථානගත කරතොත්, ඉන්දියාව යුද ගැටුමකට පැටලුනහොත්, අපද ප්‍රහාරයන්ට ආරාධනය කරනු ඇත. සිව්වැනිව, විශාල ආයෝජන ප්‍රති-ස්ථානගත කළොත් ඒවා බැහැර කිරීමේ යාන්ත්‍රණද ගැටලු ඇතිකරනු ඇත. තුන්වැනි පාර්ශ්ව සහභාගිත්වයක් වුවහොත් ඊටත් වැඩි ප්‍රශ්න ඇතිකරනු ඇත. පස්වැනුව, ආරක්ෂක කර්මාන්ත අධි තාක්ෂණික නිසා, එහිලා අප ‘දිළිඳු’ හෙයින්, යෝජිත ඒකාබද්ධ ව්‍යාපාර ඉන්දීය ඒකාධිකාර වනු ඇත.
ඉන්දීයන්ගේ අන් ගිවිසුම් ගැන ආරක්ෂාකාරී විය යුත්තේ ඔවුන්ගේ පරමාර්ථ අපට වඩා වෙනස්, ගැටෙන ඒවා විය හැකි හෙයිනි. ඕනෑම ඇමෙරිකානු-ඉන්දීය ගිවිසුමක්, චීනයේ සාගරික ආරක්ෂක මෙහෙයුම් හා ගැටෙන හෙයින්, මේ ගිවිසුම එවන් ගැටුම් සඳහා යාන්ත්‍රණයක් වුවහොත්, සමපාතවීම අපහසුය. යමෙක් මෙය දියබඳුනක කිඹුලන් දැකීමක් යැයි හාස්‍යයට ලක්කරනු ඇත. බලගතු රාජ්‍ය, කුඩාවුන්ට පීඩනයන් දෙන අන්දම හා (චීන, ඇමෙරිකන් මෙන්ම) ඉන්දීය නිලධාරීන්ගේ පීඩන දන්නා අපට එවන් සැකයන් වැදගත්ය.
මෙය ඔප්පු කිරීමට ලාංකීය අත්දැකීමක් උපුටමි. 2017 අප්‍රේල් 3 දින අගමැති රනිල් වික්‍රමසිංහ ඉන්දියාව සමග සහයෝගිතාවයට අමාත්‍ය මණ්ඩල සටහනක්, අවබෝධතා ගිවිසුම් කෙටුම්පතක් සමග ඉදිරිපත් කළේය. මුදල් ඇමැති රවි කරුණානායක, වරාය ඇමැති අර්ජුන රණතුංග හා ඛනිජතෙල් ඇමැති චන්දිම වීරක්කොඩිගෙන් සටහනට අදාළ නිරීක්ෂණ ලැබුණි. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා අමාත්‍යවරුන්ගේ අදහස්වලට කන්දී, අමාත්‍ය මණ්ඩලයට දන්වන ලෙස නිරීක්ෂණය කළේය. 2017 අප්‍රේල් 25 දින, යෝජිත තෙල් ටැංකි සංකීර්ණයේ ඒකාබද්ධ ව්‍යාපාර ස්වභාවය පැහැදිලි කිරීමට යටත්ව සංදේශය අනුමත විය.
2017 අප්‍රේල් 26 දින එළඹුණු අවබෝධතා ගිවිසුමට ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණයේ විශේෂිතයන් ඇතුළත් වුවද, අන් යෝජනා ගැන සඳහන් නොවූයේ, එකල ඉන්දියාවේ අවශ්‍යතාවය වූයේ තෙල් ටැංකි සංකීර්ණය ඩැහැගැනීමටය. චන්දිම වීරක්කොඩි අමාතවරයා එකඟ නොවූ 99- වසරකට බදු දීම ගිවිසුමට ඇතුළත් විය. සාකච්ඡාවලදී සිදුවන මෙවන් අදෘශ්‍ය බලපෑම් ගැන සිත්හි තබාගත යුතුය. හාස්‍යාකාරයෙන් සලකන්නේ නම්, එකල ඉන්දීය විදේශ ලේකම්වරයා අද විදේශ ඇමැතිය!
ආරක්ෂක සැලසුම් ක්‍රියාදාමය
අවබෝධතා ගිවිසුම දක්වන ආරක්ෂක ක්‍රියාමාර්ග හදිස්සියේ ගුවනින් බිමට පතිත නොවීය. මෑත ඉතිහාසයේ ඉන්දියාව සමග එවන් උත්සාහයන් කිහිපයක් දක්නට ඇත.
එල්.ටී.ටී.ඊ.යෙන් හා ජවිප ප්‍රහාර ඉදිරියේ ජයවර්ධන ජනාධිපතිතුමා 1986 අගදී ඉන්දීය හමුදාමය ආධාර රජීව් ගාන්ධි අගමැතිතුමාගෙන් ඉල්ලා ඇත. 1987 ජුලි 29 දින විධිමත්ව ඔහු ජේ.ආර්. – රජීව් ගිවිසුමෙන් එය ඉටුකරගෙන, එදිනම ඉන්දීය සාමසාධක හමුදාවන්ට ආරාධනා කළේය.
2023 ජූලියේ ඉන්දියාවේ සංචාරය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ‘ජනතා සම්බන්ධතාවයන්’ යටතේ
“……..මිහිතල, සාගරවිද්‍යා, අභ්‍යාවකාශ පර්යේෂණ හා ශාස්ත්‍රීය ආයතනික සහයෝගිතාවය” ගැන සඳහන් කළේය. මේ අංශ ආරක්ෂාවට සබැඳිය. තවද, ‘බලශක්ති හා විදුලි සබඳතාවය’ මත ශ්‍රී ලංකා සාගර ද්‍රෝණිවල හයිඩ්රෝකාබන්, ගවේෂණය හා නිෂ්පාදනය කළහොත්, ඉන්දියාව එහිද ආරක්ෂක උනන්දුවක් දක්වනු ඇත.
ජනාධිපති දිසානායකගේ ඉන්දීය සංචාරයේදී වූ ඒකාබද්ධ නිවේදනය පරිදි කලාපීය බලශක්ති හා කර්මාන්ත කේන්ද්‍රයක් ලෙස ත්‍රිකුණාමලය සංවර්ධනයට, හා ජලවිද්‍යා සහයෝගිතාවයට එකඟ වූහ. එවන් කාර්යයන්ගෙන් ඉන්දීය සාගරික ආරක්ෂා අපේක්ෂා මතුවිය හැකිය. ජනාධිපති දිසානයක ඉන්දියාවේ ආරක්ෂාවට දුන් පොරොන්දුව, චීන පර්යේෂණ නෞකා වළක්වාලීමට හෝ ජනාධිපති වික්‍රමසිංහයන් නියෝග කළ තහංචිය දිගට පවත්වා ගැනීමේ අවශ්‍යතාවයට සම කිරීමට ඉන්දියන් අර්ථකථන කළ හැකිය.
ඉන්දියාවට චීන නෞක නයාට අඳුකොළ වැනිය. මා මිත්‍ර එන්. සත්‍යමූර්ති උපුටමි.
“චීන යාත්‍රා මගින් රැස්කරන, ඔවුන්ගේ තේරීම පරිදි යුද නෞකා හා විශේෂයෙන්ම සබ්මැරීන යොදාගැනීමට ආධාරක, සාගර දියරැළි හා ඔවුන් ප්‍රවේශවන අන් මුහුදු පරාමිතීන්ගේ දත්ත වර්ග කෙරෙහි ඉන්දියාව උනන්දුය. වහාම හෝ පසුව හෝ ශ්‍රී ලංකාවට බලනොපෑවද, දියාගෝ ගාර්ශියාවේ ඇමෙරිකන් හමුදා කඳවුර ඇතුළුව, ඉන්දියාවට මුහුණට මුහුණලා හෝ ඉන්දීය සාගර කලාපයේ ආසන්න රටවලට එරෙහිව චීනය අගතිගාමීව මේ දත්ත යොදාගැනීමේ හැකියා කෙරෙහි ඇය දැනුවත් විය යුතුය.”
සත්‍යමූර්ති දිය බඳුනක කිඹුලන් දකිතියි නොපවසන්න. ඔහු, සෑම තැනම හමුදා එරෙහිකම් කරන චීනුන් දකී. මේ උපුටනය, සාගරික අභියෝග ඇත්තේ ඉන්දියාවටද, ශ්‍රී ලංකාවට ද, ඇමෙරිකාවටද යන්න හඬනගා පවසයි.
ඉන්දියාව, ශ්‍රී ලංකාව හා ඇමෙරිකාව විසින් ක්‍රියාත්මක හමුදා කඳවුරක් පිහිටුවීමට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරිනී වික්ටෝරිය නූලන්ඩ් කළ යෝජනාව මෙහිලා ඇමෙරිකානු දැක්ම පැහැදිලි කරයි. එයටද ඉන්දියාව එකඟය. එහෙයින්ම, ඉන්දීය ආරක්ෂක උපාය හා සංවර්ධන අපේක්ෂා එකට බැඳෙනු ඇත.
එකල ජවිපෙ නූලන්ඩ්ගේ යෝජනාව විවේචනය කළේය. මේ ඉල්ලීම කුමන නමකින් හෝ ආරක්ෂක ගිවිසුමට රිංගා ගතහොත් ත්‍රිකුණාමලයේ කුමන සිද්ධියකට වුවද ඉන්දීය විරෝධී කිසිවකුට දොර නොහැරෙනු ඇත. ට්‍රම්ප් ජනාධිපතිවරයා පත්වීමෙන් පසුවත් ඉන්දීය ඇමෙරිකානු ආරක්ෂක සහයෝගිතාවයන් මෙන්ම ඉන්දීය සාගර කලාපයේ ක්වොඩ්, I2U2 වැනි ඒකාබද්ධ ක්‍රියාමාර්ග ඇති බව අප අමතක නොකළ යුතුය.
ජලවිද්‍යා – සමුද්‍රවිද්‍යා අවශ්‍යතා
මේ ගිවිසුමේ නැව් ක්ෂේත්‍රය හා ජලවිද්‍යා ගැන ධනාත්මකව සඳහන් වේ. අනුර – මෝදි ඒකාබද්ධ නිවේදනයේ ‘සාගරික ආරක්ෂාව’ ගැන සඳහන්වූ අතර, ඉන්දියාව ශ්‍රී ලංකාව සමග ආසන්නයෙන් දිගටම ආරක්ෂක හා සාගර ආරක්ෂක කටයුතු කිරීමටත්, ශක්තිමත්ව සාගරික අභියෝග ආමන්ත්‍රණයටත් සහාය දීමටත් ප්‍රතිචාර විය.
ශ්‍රී ලංකාවට ඉන්දියාවට සමාන සාගරික හා ආරක්ෂක අභියෝග නැතත්, 2025 අප්‍රේල් – කොළඹ ප්‍රකාශය සමුද්‍රවිද්‍යා විෂය පථය, සමුද්‍රවිද්‍යා තාක්ෂණ බෙදාගැනීමට පුළුල්කර ඇත. චීනයට තහනම් කොට, ඉන්දියාවට සමුද්‍ර විද්‍යා පර්යේෂණ කිරීමට පළමු විධිමත් අවසරය, අපගේ කැමැත්තෙන්ම ප්‍රදානය මින් සනිටුහන් කරයි. ආරක්ෂක ගිවිසුමේ පරමාර්ථ දැන් වඩා පැහැදිලිය!
ඉන්දියාව, ඉන්දියන් සාගරයේ උපාය මාර්ගික ආරක්ෂා හා ඛනිජ සම්පත් ගවේෂණයට ප්‍රවේශයත්, චීනය දකුණු ඉන්දියන් සාගරයේ පර්යේෂණ යාත්‍රා මගින් ඇතිකරන ගැටලු නිසාත් පැනනැඟුනු භූ-දේශපාලන කඹ ඇදීමකට ශ්‍රී ලංකාව හසුවූ බව තහුවුරුය. අප, චීන යාත්‍රාවලට නැංගුරමට හා ලාංකීය සාගර කලාපයෙහි පර්යේෂණ කිරීමට අවසර දීමටත් ඉන්දියාව එරෙහිය. අපි තාවකාලික තහංචියකින් ධනාත්මකව ප්‍රතිචාර වීමු.
ආරක්ෂක ගිවිසුම ක්‍රියාත්මක කළකොත්, නොවරදවාම චීනය කලකිරවමින්, ඉන්දියාව සමුද්‍රීය පර්යේෂණයන්හි ඒකාධිකාරය ලබනු ඇත. දැනට එවන් කලකිරීමක් ප්‍රසිද්ධියේ දක්නට නැතත් සිදුවීමේ හැකියාව අපට නිර්මාණය කළ හැකිය. චීනයේදී අප ජනාධිපතිතුමා, චීන ජනාධිපති සී ට කළ ආරාධනය මත, එතුමා ශ්‍රී ලංකාවට පැමිණි දිනක, චීන ඉල්ලීම් ලැයිස්තුවේ, ‘සමුද්‍රීය පර්යේෂණ’ මුල්තැනක් ගනු ඇත. ජනාධිපතිතුමාගේ දෙපාර්ශ්වය තුලනය කරන ‘ඩබල් පොකට් රාජ්‍යතාන්ත්‍රිකත්වය’ මගින් තත්ත්වය සමනයට එතුමාට සිදුවේ.