අශෝක හඳගම අධ්‍යක්ෂණය කළ ලයිකා ප්‍රඩක්ෂන් නිර්මාණය කළ ‘රාණි’ සිනමා නිර්මාණයේ විශේෂ දර්ශනයක් අද (ජුනි 20දා) සවස 6.00 ට නෝවෝ සිනමාස් මුෂෙරිබ් ඩවුන්ටන් සිනමා ශාලාවේදී තිරගතවීමට නියමිතය. මෙම විශේෂ දර්ශනය සඳහා ‘රාණි’ චිත්‍රපටයට ලලිත් ඇතුලත්මුදලිගේ ගේ චරිතය නිරූපණය කළ ප්‍රවීණ රංගධර සනත් ගුණතිලක ද සහභාගිවීමට නියමිතය.
දශක හතරකට ආසන්න කාලයකට පසු ප්‍රථමවරට කටාර් රාජ්‍යයේ සිට මැදපෙරදිගට සිංහල සිනමාව ප්‍රචලිත කිරීමේ අරමුණින් සීලාවෝ 51 කණ්ඩායම මෙම විශේෂ දර්ශනය සංවිධානය කර තිබේ. අහමඩ් ජෙෆ්රි, අන්සාෆ් අමීර්, හෂාන් පෙරේරා, අජිත් ප්‍රසන්න, ජෝර්ජ් තිලකරත්න සීලාවෝ 51 කණ්ඩායමට එක්වෙති. ඔවුන්ගේ මූලික අභිප්‍රාය වී ඇත්තේ කටාර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ තිරගත වන ප්‍රධාන ධාරාවේ සියලුම සිනමාපට එරට තිරගත කර ශ්‍රී ලාංකිකයන්ට උසස් රසාස්වාදයක් ලබාදීමයි.

