Saturday, 12 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: අධිකරණයේ ස්වාධීනත්වය හා සමාජ මාධ්‍යයන්ගේ හැසිරීම
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 12 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: අධිකරණයේ ස්වාධීනත්වය හා සමාජ මාධ්‍යයන්ගේ හැසිරීම
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විශේෂාංග

අධිකරණයේ ස්වාධීනත්වය හා සමාජ මාධ්‍යයන්ගේ හැසිරීම

June 20, 2025
727 Views

කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ මහෙස්ත්‍රාත්තුමිය සම්බන්ධ සිදුවීමේදී සමාජ මාධ්‍යයන්ගේ හැසිරීම බරපතළ ගැටලු ගණනාවක් නිර්මාණය කිරීමට සමත්විය. විශේෂයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මහෙස්ත්‍රාත්තුමිය අරභයා තීරණයක් ගැනීමට පාදක වූ කරුණු කිසිවක් නොදැන ඔවුන් විසින් සිතන ඔවුන්ට හොඳින් අලෙවි කළ හැකි සිදුවීමක් සමාජගත කිරීම පළමුවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ තර්ජනයක් බවට පත් විය. දෙවනුව අදාළ මහෙස්ත්‍රාත්තුමියට හා සමාජ මාධ්‍ය විසින් නිර්මාණය කළ තවත් නීතිඥවරයකුගේ පෞද්ගලික ජීවිතයට වූ හානිය අතිශය බරපතළ ය. විශේෂයෙන් මෙම සිදුවීමේදී සමහර සමාජ මාධ්‍යයන්ගේ හැසිරීම තොරතුරු වාර්තා කරණයේදී තිබිය යුතු අවම සදාචාරය පවා තුට්ටුවකටවත් මායිම් කළ බවක් පෙනෙන්නට නොතිබීම අතිශය ඛේදජනක තත්ත්වයක් බව පෙනී යයි. විශේෂයෙන් අධිකරණ භූමිය, අධිකරණ ශාලාව, විනිසුරුතුමියගේ නිල මැදිරිය පිළිබඳව කිසිදු දැනීමක් හෝ අවබෝධයක් මෙම සමාජ මාධ්‍යකරුවන්ට නොතිබූ බව එම සංසරණය වූ පුවත් දෙස බැලීමේදී අපට පෙනී යයි. අධිකරණයක ගරු විනිසුරුවරයකුගේ නිල මැදිරිය හෝටල් කාමරයක් යැයි සිතමින් අතිශය පිළිකුල්සහගත කරුණු සමාජගත කිරීම පිළිබඳව බලධාරීන් වහාම පියවර ගත යුතුය. විශේෂයෙන් මෙරට සාමාන්‍ය ජනයාගේ යුක්තියේ දෙවොල මත වසුරු හෙළීමට මෙම කපුටන්ට තවදුරටත් ඉඩ දිය යුතු නැත. මෙරට ඇති ආයතන අතරින් අධිකරණ සේවා කොමිෂන් සභාව යනු අතිශය ස්වාධීන ආයතනයක් බව කිසිදු විවාදයකින් තොරව අප පිළිගත යුතු ය. විනිසුරුවරුන්ගේ විෂමාචාර ක්‍රියා සහ විනය විරෝධී කටයුතු පිළිබඳව ක්ෂණික හා නිවැරදි ක්‍රියාමාර්ගයන් අධිකරණ සේවා කොමිෂන් සභාව ඉතිහාසය පුරාම නිසි පරිදි ගෙන තිබේ.

එවැනි තත්ත්වයක් තුළ අවම මාධ්‍ය සදාචාරයක්වත් නොමැති සමහර මාධ්‍යයන්ට මෙලෙස නිදහසේ කටයුතු කිරීමට ඉඩ දෙනවා ද යන ප්‍රශ්නය අප අධිකරණ මනසකින් විමසා බැලිය යුතු ය.

සෑම විනිශ්චයකාරවරයෙක්ම හා විනිශ්චයකාරවරියක්ම යථා පැවැත්මේ සහ චර්යාවේ නියමාවලියට අදාළ ප්‍රමිතියකින් පෙනී සිටිය යුතු බවට විවාදයක් නැත. විනිසුරු අසුන දරන්නකු විසින් සමාජය අපේක්ෂා කරන සදාචාරාත්මක චරිතය සහ යථා ස්වභාවය පිළිබිඹු විය යුතුය. විනිශ්චයකාරවරයකු තුළ ඒ ගුණාංග විද්‍යාමාන නොවන්නේ නම් එවැනි අයකු යුක්තියේ දෙවොල තුළ ඇති ගෞරවනීය විනිශ්චය ආසනයෙන් වහාම ඉවත් විය යුතුය. එවැනි අයකු දිගින් දිගටම එම ගෞරවාන්විත ස්ථානයේ රැඳී සිටීම නීතියේ දෙවොලෙහි ඇති ස්වාධීනත්වයට කරන බරපතළ හානියකි. යථා යෝග්‍ය අධිකරණ චර්යාවේ ප්‍රමිතීන්ගෙන් සම්පූර්ණයෙන් හෝ යම් ආකාරයකින් බැහැරව ගිය ඇතැම් විනිශ්චයකාරවරුන් පිළිබඳ මෑතකදී සිදුවීම් කිහිපයක් අපට වාර්තා වන්නට විය. එවැනි කරුණු විකෘති කරමින් සමාජ මාධ්‍ය විසින් කරන වාර්තාකරණය තුළ අධිකරණයේ ස්වාධීනත්වයට සිදුවන හානිය සුළුපටු නොවේ. මන්ද අද වන විට ජනයාගෙන් විශාල ප්‍රමාණයක් තොරතුරු දැන ගැනීමේ මූලාශ්‍රයක් ලෙස සමාජ මාධ්‍ය භාවිතා කරන බැවිනි. විනිශ්චයකාර ධුරයේ වගකීම් හා හැසිරීම් නීතිය තුළ මෙන්ම ඓතිහාසිකව වර්ධනය වී තිබේ. ඒ සඳහා බ්‍රිතාන්‍ය මෙන්ම අනෙකුත් රටවල නීතිමය සිද්ධාන්තයන් සහ සම්ප්‍රදායන් බලපා තිබේ. විනිශ්චයකාර ධුරයේ ඓතිහාසික සම්ප්‍රදාය සහ කීර්තියත්, රාජකාරිය පිළිබඳ පූර්ණ අවබෝධය සහ වගකීම පිළිබඳ ප්‍රබල හා ගැඹුරු හැදෑරීමක් ඇතිව යුක්තිය පසිඳලිය යුතුය. ඒ සඳහා ගරු විනිශ්චයකාරවරයකු යෝග්‍ය වන්නේ කෙසේ ද යන්න මෙහිදී විමසා බැලිය යුතුය. මෙය එක් අතකින් රඳා පවතින්නේ ගරු විනිශ්චයකාරවරයාගේ ස්වාධීනත්වය, ඔහුගේ සදාචාරාත්මක අවංකභාවය සහ යථා පැවැත්ම මතය. ඒ සමගම බැඳී පවතින වැදගත්ම සාධකය වන්නේ නීතිය පිළිබඳව ගැඹුරු නිපුනතාවය සහ පවතින වලංගු නීතිමය රාමුව තුළ විශ්ලේෂණාත්මකව සහ විමර්ශනාත්මකව යුක්තිය පසිඳලීමයි. “තමාගේ නඩුව තමා නොඅසනු දෙපාර්ශ්වයට කන් දෙනු” යන ස්වභාවික යුක්තියේ මූලධර්මය අතීතයට වඩා වර්තමානයේ වඩා වැදගත් බව මෙහිදී පෙන්වා දිය හැකි ය.

විශේෂයෙන් අද වන විටත් ජනතාව යුක්තිය අපේක්ෂාවෙන් හා ඒ පිළිබඳ පරම විශ්වාසයෙන් පියනඟන එකම ස්ථානය අධිකරණය බව පැහැදිලි ය. තවමත් ජනතාව අධිකරණය මගින් තමන්ට යුක්තිය ඉෂ්ට වන බව කොන්දේසි විරහිතව පිළිගනු ලබයි. යම් රටක නීතියේ ආධිපත්‍ය සුරක්ෂණය සඳහා එම විශ්වාසය ද අතිශය වැදගත් මූලික සාධකයකි. රටක සමාජ ප්‍රජාතාන්ත්‍රවාදය සහ යහපැවැත්ව මූලිකව රඳා පවතින්නේ අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍ය යන සාධක දෙක මතය. එම නිසා එම තත්ත්වය ආරක්ෂා කර ගැනීම සඳහා සියලුම දෙනා කොන්දේසි විරහිතව පෙනී සිටිය යුතු ය. මේ නිසා සමාජ මාධ්‍ය මෙවැනි කරුණු වාර්තාකරණය සම්බන්ධයෙන් අතිශය ප්‍රවේසම්කාරී සහ වගකීම් සහිත මාධ්‍ය භාවිතාවක් වෙත නැඹුරු විය යුතු ය. එවැනි තත්ත්වයක් නීතිය මැදිහත් වී පාලනය කිරීමට වඩා ස්වයං වාරණයක් තුළින් ඇති කර ගැනීම වඩාත් තිරසර බව කිව යුතුය. මන්ද අධිකරණ කටයුතු වාර්තා කිරීම ඒ පිළිබඳව විවේචනාත්මක දෘෂ්ඨි කෝණයකින් බැලීම වරදක් නොවේ. ඒ සඳහා උචිත ක්‍රමවේද හා යථාවාදී මාධ්‍යකරණ සංස්කෘතියක් ගොඩනඟාගත යුතු ය. පවතින නීතියට හා අධිකරණයට අපහාස කිරීමේ නීතියට යටත්ව අධිකරණ කටයුතු වාර්තා කිරීම, විශ්ලේෂණය කිරීමේ අයිතියට වැට බැඳීමක් කර නැත. නමුත් මෙම අයිතිය අධිකරණයේ ස්වාධීනත්වය හා යථා පැවැත්ම ආරක්ෂා කිරීමට යටත්ව සිදුවිය යුත්තක් බව අවබෝධ කරගත යුතු ය.

නීතිඥ නිශාන්ත සමන් කුමාර

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

අධිකරණය නොමඟ යැවූ සී.අයි.ඩී.යට නිසි පියවර ගන්නැයි පැමිණිලිකාරියගෙන් ජනපතිට පැමිණිලි

July 7, 2025

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025
Related News
විශේෂාංග

ලෝක ජනගහන දිනය

විශේෂාංග

සූර්යය බලාගාරවල අලුත් කතාව

විශේෂාංග

අපි විකල්පයක් හදන්න ඕනෑ – මහේෂ් මුණසිංහ

විශේෂාංග

දඩක් 2 ළඟදීම

අතිරේක විශේෂාංග

දකුණට නිල් ධජ වෙරළක්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok