Thursday, 19 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ආර්ථික ප්‍රතිසංස්කරණයට මූල්‍ය අරමුදලෙන් සහතිකයක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 19 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ආර්ථික ප්‍රතිසංස්කරණයට මූල්‍ය අරමුදලෙන් සහතිකයක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විශේෂාංග

ආර්ථික ප්‍රතිසංස්කරණයට මූල්‍ය අරමුදලෙන් සහතිකයක්

8 hours ago
93 Views

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ලබන ජූලි 01 වැනි දින විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ සිව්වන සමාලෝචනය ඇගයීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය පවසා ඇත. පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි ගීතා ගෝපිනාත් මහත්මිය මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් මේ බව පවසා තිබුණ අතර ඒ අනුව අපට දැනට තරමක් දුරට ප්‍රමාද වී ඇති අයිඑම්එෆ් මීළඟ ණය වාරිකය (ඇමෙරිකානු ඩොලර් මිලියන 344) ලැබීමට නම් මෙම සමාලෝචනය මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කළ යුතුව තිබේ. ඒ අනුව ඒ සඳහා ඇත්තේ තවත් සති දෙකකටත් අඩු කාලයකි. මේ වන විට අයිඑම්එෆ් එකඟතා ප්‍රකාරව විදුලි ගාස්තු සංශෝධනයක් ද රජය විසින් සිදුකර ඇති අතර එම කරුණ ඇතුළු අප විසින් ඉටු කළ යුතු පූර්ව අවශ්‍යතා ඉටු කිරීමේ ප්‍රගතිය ඇගයීමට ලක්කර මීළග අයිඑම්එෆ් ණය වාරිකය අපට ඉතා ඉක්මනින් ලැබෙනු ඇත.

මේ අතර පසුගියදා ‘ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම: ණය සහ පාලනය’(Sri Lanka’s Road to Recovery: Debt and Governance) තේමාවෙන් යුතුව ඉකුත් ජුනි 16 වැනිදා පෙරවරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී සමුළුවක් පැවැති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය පසුගිය දා මෙරටට පැමිණියේ මේ සමුළුවේ විශේෂ ආරාධිතයකු ලෙස සහභාගි වීමටය. මේ සමුළුව මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ව සංවිධාන කර තිබිණි. 2005 වසරෙන් පසු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සේවය කරන පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂකවරයකු ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය වන බැවින් එය ඉතා සුවිශේෂි සංචාරයක් වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහායෙන් ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පළමු අර්ධය අවසන් වී ඇති මෙම අවස්ථාවේ දී පැවැත්වෙන මෙම සමුළුවේ දී සාර්ව ආර්ථික ස්ථායීතාව ළඟා කර ගැනීම, ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ පාලනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලද අත්දැකීම් සහ ඉදිරි අභියෝග පිළිබඳ ව සාකච්ඡා කළ අතර, එසේම මෙම සංචාරයේ දී, ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය,

ශ්‍රී ලංකාව සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පවතින සබඳතා පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත් වූ අතර අනෙකුත් ප්‍රධාන කොටස්කරුවන් සමග ද සාකච්ඡා කළාය. මෙම සමුළුවේ විශේෂ ආරාධිතයකු ලෙස සහභාගි වූ ගෝපිනාත් මහත්මිය මෙහිදී ශ්‍රී ලංකාවේ අයිඑම්එෆ් ණය වැඩසටහනේ මෙතෙක් ප්‍රගතිය පිළිබඳව සඳහන් කරමින් කතාවක් සිදුකළ අතර මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ද පිරිස පිළිගනිමින් කතා කළේය. මේ සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය සිදු කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාය.

අප දැන් සිටින්නේ අයිඑම්එෆ් ණය වැඩසටහනේ හරි මැද ලෙස සඳහන් කළ හැකිය. එනම් වසර හතරක විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩසටහනේ වසර දෙකක කාලයක් අප සම්පූර්ණ කර ඇති අතර අපට තවත් වසර දෙකක කාලයක් ඉදිරියට ගමන් කිරීමට ද ඇත. ඒ නිසා මේ සමුළුව පැවැත්වූයේ ඉතා තීරණාත්මක අවස්ථාවක බව ද කිව හැකිය.

දැනට රටේ ක්‍රියාත්මක ණය වැඩසටහන ගැන සඳහන් කරමින් මෙම සමුළුවේ ප්‍රධාන දෙසුම පැවැත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙසේ කීවේය.

“මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා දුන් සහායත් එමෙන්ම එහිදී යම් අගතියකට පත් වූවා නම් අපේ පුරවැසියන්ගේ දරා ගැනීමත් පිළිබඳව බෙහෙවින් ස්තුතිවන්ත විය යුතුයි. මා මීට පෙර ද ප්‍රකාශ කර ඇති පරිදි අපේ අදිටන මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග විස්තීර්ණ ණය වැඩසටහනට පැමිණි අවසන් වැඩසටහන බවට පත් කර ගැනීමයි. ඒ පිළිබඳ අපේක්ෂාවක් අපට තිබෙනවා. වසර 2028 වන විට අප ගෙවිය යුතු ණය ස්වශක්තියෙන් ගෙවීමට අවශ්‍ය වන ආර්ථික වර්ධනයක් සහ ආර්ථික ස්ථාවරභාවයක් නිර්මාණය කිරීමේ අපේක්ෂාවක් අපට තිබෙනවා.”

අතීතයේ දේශපාලන වේදිකාවේ දී අයිඑම්එෆ් එක ගැන මොනවා කීවත් ජනාධිපතිවරයා මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයට ස්තුතිය පළ කර ඇත. එසේම එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී පීඩාවට පත් වූ අපේ පුරවැසියන්ගේ දරා ගැනීමටත් බෙහෙවින් ස්තුතිවන්ත වන බව ප්‍රකාශ කර ඇත. අපත් මීට පෙර බොහෝ අවස්ථාවලදී කියා ඇති පරිදි අයිඑම්එෆ් එකඟතා ප්‍රකාරව ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී මේ රටේ වඩාත්ම පීඩාවට පත් වූයේ අතිමහත් බහුතර සාමාන්‍ය ජනයා ය. ඒ නිසා පොදුවේ රටේ පුරවැසියන්ගේ එම දරා ගැනීමට ද ජනාධිපතිවරයා ස්තුතිය පළ කර තිබේ. එසේම මේ කතාවේ දී ජනාධිපතිවරයා තවත් වැදගත් කරුණු දෙකක් කියා ඇත. එකක් නම් දැනට ක්‍රියාත්මක අයිඑම්එෆ් විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබන අවසන් වැඩසටහන බවට පත් කර ගැනීමේ අපේක්ෂාවක් ඇති බවයි. මේ වන විට ශ්‍රී ලංකාව අයිඑම්එෆ් සහාය ලබන වැඩසටහන් 16 ක් පසුකර මේ ඇතිකරගෙන ඇත්තේ 17 වැඩසටහනය.

පසුගිය වැඩසටහන් 16 න් බොහොමයක් අප සම්පූර්ණ කිරීමට අසමත්ව ඇති බව ද කිව යුතු වේ. එහෙත් මේ ක්‍රියාත්මක 17 වැනි අයිඑම්එෆ් වැඩසටහන නම් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාව විසින් සම්පූර්ණ කරනු ඇතැයි අපට සිතිය හැකිය. රට මුහුණ දුන් ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදය සමනය කර ගැනීම සඳහා (බොහෝ ප්‍රමාද වී හෝ) මුලින්ම අයිඑම්එෆ් සහාය ඉල්ලා සිටියේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ අවසාන කාලයේය. ඔහුගෙන් පසුව ජනපති වූ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව යටතේ මෙන්ම වත්මන් ජාතික ජන බලවේගය ආණ්ඩුව යටතේ ද නොවෙනස්ව මේ අයිඑම්එෆ් වැඩසටහන ක්‍රියාත්මක කර ඇත. වත්මන් රජය ද මේ වැඩසටහන ඉදිරියට ගෙන යමින් සිටින නිසා මෙන්ම අප මුහුණ දුන් ආර්ථික අර්බුදයේ දරුණුකම අනුවත් අප සිතනුයේ මේ 17 වැනි අයිඑම්එෆ් වැඩසටහන ශ්‍රී ලංකාව විසින් සම්පූර්ණ කරනු ඇති බවයි. ජනාධිපතිවරයා පවසන පරිදි මේ අයිඑම්එෆ් වැඩසටහන අපට අයිඑම්එෆ් සහාය ලබන අවසන් වැඩසටහන බවට පත්කරගත හැකි නම් එය ඉතාම හොඳය. අපේ අදිටන එය බවට ජනාධිපතිවරයා කර ඇති ප්‍රකාශය අප ඉතාමත් අගය කරන අතර විය යුතු වන්නේ ද එයයි. එහෙත් ඒ සඳහා අප මේ අයිඑම්එෆ් වැඩසටහන සම්පූර්ණ කරගෙන, 2022 වසරේ දී රට සහ ජනතාව මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදය සමනය කර ගැනීමෙන් පසුව ද අපට නිසි ආර්ථික කළමනාකරණයකින් යුතුව ඉදිරියට ගමන් කිරීමට සිදු වනු ඇත. එහිදී වඩාත්ම තීරණාත්මක වන්නේ විදේශ විනිමය සහ විදේශ ණය කළමනාකරණය මැනවින් සිදු කිරීමයි. එසේම විදේශ ණය ගැනීමේ දී ද අප වඩාත්ම පරිස්සම් විය යුතු වේ. අප විදේශ ණය ගත යුතු වන්නේ අපේ ණය ගෙවාගෙන යෑමේ හැකියාව (ණය තිරසරභාවය) ගැන ද සලකාය. ඒ ගැන නොසලකා මෙන්ම ලැබෙන ලැබෙන පරිදි ඕනෑ තරම්, විදේශ ණය ගැනීමට ගියහොත් වන්නේ අපට ඒවා කලට වෙලාවට ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වීමයි. 2022 වසරේ අප්‍රේල් 12 වැනිදා අපට විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට සිදු වූයේ එම ණය ගෙවීමට ප්‍රමාණවත් විදේශ සංචිත තත්ත්වයක් නොමැති වීම නිසාය. රටකට පමණක් නොව පෞද්ගලිකව ගත්තත් යම් අයෙක් තමාට නැවත ගෙවා ගැනීමට නොහැකි ලෙස විශාල වශයෙන් ණය ගතහොත් සිදු වනු ඇත්තේ කුමක් ද? ඔහුට එම ගත් ණය පොලියත් සමග ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වීමයි. 2022 වසරේ දී අපේ රට මුහුණ දුන් විදේශ විනිමය අර්බුදයට හේතුව ද මෙයින් අපට තේරුම් ගත හැකිය. 2022 වසරේ දී අප විසින් තෝරාගත් විදේශ ණය පියවීම අත්හිටුවනු ලැබූ අතර වසර 2028 සිට අපට එම විදේශ ණය ද සමග සාමාන්‍ය පරිදි විදේශ ණය සේවාකරණය කිරීමට සිදුවනු ඇත. මේ ගැන ජනාධිපතිවරයා කියා ඇත්තේ වසර 2028 වන විට අප ගෙවිය යුතු ණය ස්වශක්තියෙන් ගෙවීමට අවශ්‍ය වන ආර්ථික වර්ධනයක් සහ ආර්ථික ස්ථාවරභාවයක් නිර්මාණය කිරීමේ අපේක්ෂාවක් තිබෙන බවයි. අප තවමත් සිටින්නේ 2025 වසරේය. 2028 වසරට තවත් වසර දෙකහමාරක පමණ කාලයක් තිබේ. ඒ නිසා අයිඑම්එෆ් ණය වැඩසටහනේ එකඟතා සපුරමින් අපට එම වැඩසටහන ඉදිරි වසර දෙක තුළ නිසි පරිදි සම්පූර්ණ කිරීමෙන් මෙන්ම රජයේ අනෙකුත් ආර්ථික සැලසුම් හා උපායමාර්ග නිසි ලෙස ක්‍රියාත්මක කළ හැකි වුවහොත් ජනාධිපතිවරයා කියන මේ තත්ත්වයට ළඟා වීමට අපට අපහසු නැත. එහෙත් නව ලෝක ආර්ථික වාතාවරණයේ නව අහියෝග සමග වඩාත් දුෂ්කර සහ අභියෝගාත්මක වාතාවරණයකට මෙහිදී මුහුණ දීමට අප රටට සිදුවනු ඇත. ඒ සඳහා කැපවීම් කළ යුතු වන්නේ සාමාන්‍ය පුරවැසියන් පමණක් නොවේ. අප විශ්වාස කරනුයේ මේ අයිඑම්එෆ් වැඩසටහන නිසා පසුගිය වසර දෙකේ දී නම් වඩාත්ම පීඩාවට (වේදනාවට පත් වූයේ) අතිමහත් බහුතර සාමාන්‍ය ජනයා බවයි. එම අසාධාරණය ඉදිරි කාලයේ දී වෙනස් කරගෙන බදු බර පවා වඩා වැඩියෙන් දැරිය යුතු වන්නේ ඒ සඳහා ගෙවීමේ ශක්තිය හා හැකියාව වැඩියෙන් ඇති අය විසින් නොවේ ද? අප කියන මේ පරිවර්තනය වෙත යොමු වීමට ඉදිරි කාලයේ දී ආණ්ඩුව ක්‍රමයෙන් පියවර ගන්නේ නම් සාමාන්‍ය ජනයාගේ බලවත් ආර්ථික පීඩනය තරමක් දුරට සමනය වනු ඇති බව අපට කිව හැකිය.

ජනාධිපතිවරයා සිය කතාව අවසන් කරමින් සඳහන් කළේ ආර්ථික බිඳ වැටීමක් තුළ රාජ්‍යයක ස්වාධිපත්‍ය හා ස්වෛරීත්වය රඳා නොපවතින බවයි. එහි අවසන් ප්‍රතිඵලය විය යුත්තේ ජාතියක් ලෙස ස්වාධිපත්‍යය සහ ස්වෛරීභාවය අත්පත් කර ගැනීම බව අවධාරණය කළ ජනාධිපතිවරයා කීවේ ඒ වෙනුවෙන් ඉතා වෙහෙසකර සහ අත්නොහරින ව්‍යායාමයක තමා ප්‍රමුඛ රජය නිරතව සිටින අතර රාජ්‍ය නිලධාරීන් සහ පුරවැසියන් ලෙස සියලු දෙනාගේ සහාය ද ඊට අපේක්ෂා කරන බවයි. මේ නිසා රට ආර්ථිකමය වශයෙන් ගොඩ නැගීමේ ක්‍රියාවලියේ දී දේශපාලන අධිකාරියේ කැපවීම සහතික කර ඇති ජනාධිපතිවරයා ඒ සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ සහ පුරවැසියන් ලෙස රටේ පොදුජනයාගේ සහාය ද ඉල්ලා ඇත. දේශපාලන වාදභේද කොතෙකුත් තිබිය හැකිය. එහෙත් මේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමේ ක්‍රියාවලියට (රජය කරන නිවැරදි දේට) සියලු දෙනාගේ සහාය ලැබිය යුතු බව අපටත් කිව හැකිය.

මේ සමුළුවේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය කළ කතාවේ දී ඇය අයිඑම්එෆ් ණය වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය ගැන ඇගයීමක් කළාය. ඇය ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතියට පත්වීම ගැන සඳහන් කරමින් උද්ධමනය 70% සිට – 0.7% දක්වා පහත වැටීම, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස බදු ආදායමේ සිදුව ඇති සැලකිය යුතු වැඩිවීම සහ විදේශ විනිමය සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 6.5 දක්වා ඉහළ යෑම සම්බන්ධයෙන් ඇගයීමක් සිදුකළාය.

මේ සමුළුවට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරිය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර වෙනම හමුවක් ද සිදුව ඇත. ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය ඇතුළු අයිඑම්එෆ් දූත පිරිස ජනාධිපතිවරයා හමු වූයේ එදිනම (16) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය. ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට ගෙන ඒමට සහ රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අඛණ්ඩ සහාය ලබාදෙන බවට මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය ජනාධිපතිවරයාට සහතික වී ඇත. ශ්‍රී ලංකාවට මෑතකාලීන මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මඟ පෙන්වමින් දැක්වූ අඛණ්ඩ සහයෝගය පිළිබඳව ජනාධිපතිවරයා ද මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත සිය කෘතඥතාව පළ කර ඇත. ශ්‍රී ලංකාවේදී තමාව උණුසුම් ලෙස පිළිගැනීම පිළිබඳ ගෝපිනාත් මහත්මිය ද මෙහිදී ජනාධිපතිවරයාට ස්තුතිය පළ කළ අතර, මහ මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය යන දෙකෙහිදීම රජයට ලැබුණු සවිමත් ජනවරම අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට රජයට ශක්තියක් වන බව සඳහන් කර තිබේ. දැඩි අර්බුදකාරී තත්ත්වයක සිට රටේ ආර්ථික ප්‍රගතිය පිළිබිඹු කරමින් ලබා ඇති ආර්ථික වර්ධනයත්, ඉතා ඉහළ උද්ධමන අගයක සිට පහළ අගයක් දක්වා උද්ධමන අගය අඩු වීමත් පිළිබඳව සඳහන් කළ ඇය පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය ද මේ හමුවේ දී ඇගයීමට ලක් කර තිබේ. එසේම පසුගිය ප්‍රතිසංස්කරණවලදී රජය ලබා ඇති ප්‍රගතිය අගය කළ ඇය මෙම උත්සාහයන් තිරසර බවට පත් කිරීමේ සහ පුළුල් කිරීමේ වැදගත්කම ද පෙන්වා දී තිබේ. එම ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ දී ස්ථිර හවුල්කරුවකු ලෙස මූල්‍ය අරමුදල කටයුතු කරන බවට ද ගෝපිනාත් මහත්මිය මෙහිදී සහතික වී ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

5 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

5 days ago

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

4 days ago

යන නොසිතු වෙලාවක වියැකී – ජීවය තණ අඟ පිනි බිඳකි…

5 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

5 days ago
Related News
අතිරේක විශේෂාංග

න්‍යායාත්මක පැහැදිලි කිරීම්වලට සාහිත්‍ය තරම් හොඳ වෙන මෙවලමක් නෑ

අතිරේක විශේෂාංග

සරල සුගම නිදොස් බස් වහරකින් මිරිඟු දිය රචනා කළා – නන්දසේන පලිහක්කාර

විශේෂාංග

නවගමුවට පැමිණ පත්තිනි සලඹේ හඬ නැවැත්වූ වීරමුණ්ඩ දෙවියෝ

විශේෂාංග

විපක්ෂය හාන්සියි ජාජබයට මහන්සියි!

අතිරේක විශේෂාංග

සුද්දන් විසින් මරා දැමුණු කුඩාපොළ හාමුදුරුවෝ

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok