Wednesday, 2 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ගොඩක් තැන්වලදී මාව ප්‍රතික්‍ෂේප වුණා… – හංසි පෙරේරා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 2 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ගොඩක් තැන්වලදී මාව ප්‍රතික්‍ෂේප වුණා… – හංසි පෙරේරා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
අතිරේකමීවිත

ගොඩක් තැන්වලදී මාව ප්‍රතික්‍ෂේප වුණා… – හංසි පෙරේරා

June 8, 2025
207 Views

මගේ පළමු සිනමා අත්දැකීම – හවුස් ෆුල්

මාස්ටර් සර්, සින්ටෝ, රොකී යන ටෙලි නාට්‍ය ඔස්සේ ඔබ හමුවට එන හංසි පෙරේරා, මේ දිනවල තිරගත වන හවුස් ෆුල් සිනමා නිර්මාණයෙනුත් දැකගැනීමට හැකියාව ලැබෙනවා. ටෙලි නාට්‍ය කිහිපයකින් වගේම සිනමා නිර්මාණයකිනුත් වැඩ පෙන්වන හංසිගේ විස්තර ටිකක් අද අපි ඔයාලට කියන්න හිතුවා.

හංසි මේ දවස්වල ටිකක් බිසී නේද?

ඔව්. මේ දවස්වල මම රංගනයෙන් දායක වුණු ටෙලි නාට්‍ය තුනක් නාළිකා තුනක විකාශය වෙනවා. මාස්ටර් සර් හි චාපාගේ චරිතය මට ටිකක් අලුත් චරිතයක්. ඒත් එක්කම රොකී ටෙලි නාට්‍යයේ ‘නූර්’ විදිහටත් සින්ටෝ ටෙලි නාට්‍යයේ ‘ලේඛා’ විදිහටත් කැපීපෙනෙන චරිත දෙකක් රඟපාන්න අවස්ථාව ලැබිලා තිබෙනවා. හැබැයි මේ චරිත තුනම එකිනෙකට වෙනස්.

මේ නාට්‍ය තුනෙන් වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ?

මේ නාට්‍ය තුනෙන් රොකී ටෙලි නාට්‍යයේ නූර්ගේ චරිතයට ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම සින්ටෝ සහ මාස්ටර් සර් ටෙලි නාට්‍යවල චරිතවලටත් යහපත් ප්‍රතිචාර ලැබෙනවා.

හංසි රඟපෑමට ආවේ කොහොමද?

මම මුලින්ම ක්‍ෂේත්‍රයට එන්නේ 2023 වසරේ ස්වර්ණවාහිනි අවුරුදු කුමාරි තරගයේ අවසන් තරගකරුවන් 12 දෙනා අතරට තේරී පත්වෙනවා. ඊට පස්සෙ වෙළෙඳ දැන්වීම්, මනාලියන් දැක්ම වගේම ෆොටෝ ෂූට්වලට සම්බන්ධ වුණා. ඔය අතරේ තමයි ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබෙන්නේ.

රංගන ක්‍ෂේත්‍රයේ පැවැත්මක් හදා ගත්තේ කොහොමද?

2019 වසරේ උසස් පෙළින් පසුව මම හිතුවා රංගනයට එන්න ඕනෑ කියලා. ඒකට ගෙදරින් ලොකු කැමැත්තක් තිබුණේ නැහැ. මොකද වැඩිදුර අධ්‍යාපන කටයුතු කරන ගමන් තමයි මම හිටියේ. ඔය අතරේ රැකියාවන් කිහිපයකත් නිරත වුණා. මම ඉගෙන ගත්තේ වාණිජ අංශයෙන්. නමුත් මම කැමැති වුණේ රඟපෑමට හින්ද ඒ සඳහා පිවිසෙන්නේ කොහොමද කියන දේ නිතරම සොයා බැලුවා. ඊට පසුව තමයි අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වුණේ.

ඊට පස්සේ අවස්ථා ලැබුණාද?

ඇත්තම කතාව ඊට පස්සේ මට අවස්ථා හම්බවුණේ නැහැ. ගොඩක් අවස්ථාවලදී මාව ප්‍රතික්‍ෂේප වුණා. අවුරුදු කුමාරි තරගයෙන් පසුව තමයි මට මේ අවස්ථා පවා ලැබුණේ. තවමත් මට ගොඩක් අවස්ථා ලැබිලා නෑ. අදටත් මම යන්නෙ හෙමින් ගමනක්. මට එහෙම කලබලයක් නෑ. මගේ දක්‍ෂතාවන් වගේම අඩුපාඩු හදාගෙන, රංගනය ගැන ඉගෙනගෙන, අත්දැකීම් එක්ක මම මගේ ගමන යන්න ඕනෑ කියලයි හිතන්නේ.

මෙතෙක් ආපු ගමනේදී බාධක තිබුණද?

අපොයි ඔව්. බාධක තිබුණා. මට මේ ක්‍ෂේත්‍රයේ කිසිම සම්බන්ධතාවයක් තිබුණේ නැහැ. ඉතින් ඒක ලොකු බාධාවක්, අභියෝගයක්. අපි දන්න විදිහට යම්කිසි සහයෝගයක් තිබුණා නම් ඒක ලොකු ශක්තියක්. නමුත් මට එහෙම තිබුණේ නැහැ. එතකොට යම්කිසි දේවල්වලට මට සම්බන්ධ වෙන්න බැරි එකේ පොඩි දුකක් තිබුණා. යන යන හැම වැඩෙන්ම අපිට අවස්ථාවක් නැති වෙනකොට, ප්‍රතික්ෂේප වෙනකොටත් දුකක් ඇති වෙනවා. මගේ රංගන ජීවිතයේ, කලා ජීවිතයේ රැඳී ඉන්නවාද නැති ද කියන තැනට තීරණය කරපු දවස් තිබුණා. රංගන ජීවිතය අතහැරලා මගේ සාමාන්‍ය ජීවිතයට ගියපු අවස්ථාත් තිබුණා. හැබැයි නොහිතපු විදිහට අවස්ථා ලැබිලා ඒ දේවල් ප්‍රයෝජනයට අරගෙන අද මම මෙතැන ඉන්නවා.

කැපිලි කෙටිලිවලට මුහුණ දීලා තියෙනවද?

මම දැනුවත්ව මට එහෙම වෙලා නැහැ. නොදැනුවත්ව එහෙම වෙලා තියෙවනවාද කියන්න මම දන්නෙත් නැහැ. කැපිලි කෙටිලි ආවත් මම ඒවා ගැන වොරි වෙන්නේ නැහැ. අනික මම කාත් එක්කවත් තරහත් නැහැ. ඊර්ෂ්‍යාවකුත් නැහැ. මම මූලිකත්වය දෙන්නේ මගේ වැඩවලට විතරයි.

සැබෑ ජීවිතයේ හංසි කියන්නේ මොන වගේ චරිතයක්ද?

කාටවත් කරදරයක් නැතිව තමන්ගෙ පාඩුවේ තමන්ගෙ වැඩක් කරගෙන ඉන්න චරිතයක්.

හංසි මේ දිනවල රිදී තිරයේ දකින්න ලැබෙනවා?

ඔව්. ලාල් ප්‍රියදේව අධ්‍යක්‍ෂණය කරනු ලබන හවුස් ෆුල් චිත්‍රපටයට මම රංගනයෙන් දායක වුණා. ඒක මේ දිනවල තිරගත වෙනවා. ඒ සඳහා මට අවස්ථාව ලැබෙන්නේ මම රංගනයෙන් දායක වුණු ටෙලි නාට්‍යයක හිටපු ශිහානි වීරසිංහ අක්කාගේ ආරාධනාවකට අනුවයි. මොහාන් පෙරේරා තමයි මේ චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලබන්නේ. හවුස් ෆුල් කියන්නේ මගේ පළමු සිනමා අත්දැකීම.

ඔබ ආ කෙටි ගමන ගැන මොන වගේ අදහසක් ද තියෙන්නේ?

යම්කිසි තැන්වලදී මට මඟහැරුණු දේවල් එක්ක මට මීට වැඩිය දෙයක් කරගන්න පුළුවන් වුණා නම් හොඳයි කියලා හිතුණු වාර තිබෙනවා. හැමදේම වෙන්නේ හොඳටනේ. මෙතැනින් ඉදිරියට යන ගමනේදී කල්පනාකාරීව අවස්ථාවන් තෝරාබේරාගෙන තමන්ට ගැළපෙන දේවල් තෝරාගෙන යන්න ඕනෑ කියලයි හිතෙන්නේ. ආපසු හැරිලා බැලුවොත් මට ගොඩක් සතුටුයි. මොකද මේක මම තනියම ආපු ගමනක්. ගොඩක් මහන්සි වුණු, කැපවුණු, හීන දැක්ක ජීවිතයක්. හැබැයි මම හිතන්නේ නැහැ අපි කැමැති දේ අපිට ලේසියෙන් ලැබෙනවා කියලා. තව මට ගොඩක් දුර යන්න තියෙනවා.

විවේචනවලට එහෙම මුහුණ දීලා තිබෙනවාද?

විවේචනවලට ගොඩක් මුහුණ දීලා තිබෙනවා. රංගන ක්‍ෂේත්‍රයේ, නිරූපණ ක්‍ෂේත්‍රයේ නියැළෙන කෙනෙක් සමාජය නරකයි කියලා හිතන්නේ ඇයිද කියන්න මම දන්නේ නැහැ. අද සමාජය මේ ක්‍ෂේත්‍ර දෙකේම නියැළෙන අයව හරි නරක තැනකට තමයි දාලා තියෙන්නේ. අනික අපි කරන චරිත එක්ක අපේ ජීවිත මනින්න බලනවා. නමුත් අපි රඟපාන්නේ චරිත. ඒ වගේම පිටත සමාජයට රඟපානවා කිව්වාම උගත් නැහැ කියලත් හිතනවා. මේක හරි ලේසි දෙයක්. මේකෙන් ගමනක් නැහැ කියලත් හිතෙනව. ඒ වගේ විවේචනවලට ගොඩක් ලක්වෙලා තියෙනවා. දුක හිතිල තියෙනවා. අඬලා තියෙනවා. ඒ වුණාට මම ආපහු මගේ හිත හදාගෙන මගේ අරමුණ ජයගන්න තමයි වැඩ කරන්නේ.

මහේෂ් එදිරිසිංහ

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025
Related News
අතිරේක විශේෂාංග

මනෝවිද්‍යා උපදේශනයෙන් සියදිවි හානිය වළකමු

අතිරේක විශේෂාංග

සරුබිම සරුවෙන්න….. පැළයක්ම සිටුවන්න….

අතිරේක විශේෂාංග

දෑස රවටන නිසරු මිරිඟුව හැඳින, දුරලමු මිනිසුනේ

අකුරු දි​ගේ අතිරේක

ජයතිලක සාහිත්‍ය

අකුරු දි​ගේ අතිරේක

ඒ සමාජ – දේශපාලන අරගලයෙන් බිඳක්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok