Tuesday, 1 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මනෝවිද්‍යා උපදේශනයෙන් සියදිවි හානිය වළකමු
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 1 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මනෝවිද්‍යා උපදේශනයෙන් සියදිවි හානිය වළකමු
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
අතිරේකවිශේෂාංග

මනෝවිද්‍යා උපදේශනයෙන් සියදිවි හානිය වළකමු

July 1, 2025
53 Views

සියදිවි නසා ගැනීම සඳහා ලෝකයේ ප්‍රමුඛ ස්ථානයක් අප රටට හිමි වන බව කවුරුත් දන්නා කරුණකි. වස පානය කිරීම, ගෙල වැල ලා ගැනීම, ගඟට මුහුදට පැනීම, ගිනි තබා ගැනීම්, දුම්රියට පැනීම් වර්තමානයේ බහුල වශයෙන් දක්නට ලැබේ. සිත් පිත් නැති මහා යකඩ කඳක් වන දුම්රියට පැන සිය දිවි නසා ගන්නා පිරිස ද අප රටේ එන්න එන්නම වැඩි වේ. දරා ගන්නට බැරිම තැන, කියාගන්නට ද කිසිවෙක් නොමැති තැන ජීවිතය ගැන සියලු බලාපොරොත්තු අත්හැර, ඔවුන් මෙසේ කරනු ඇත.

හිතේ තියෙන දුකක්, ගැටලුවක් කීමට හැමෝටම විශ්වාසවන්ත අය නැත. මිතුරන් නැති අය ද, කිසිදු ඥාතියෙකුගේ හිතවත්කමක් ද නැති අය එමට ඇත. එහෙත් මෙලොව උපන් යමෙක් අකාලයේ එසේ දිවි තොර කරගත යුතු ද? නැත. මේ වගේ ගැටලු විසඳන්න බටහිර රටවල නොමිලේ පවත්වාගෙන යනු ලබන සේවාවක් තිබේ. ඒ තමයි ‘මනෝවිද්‍යා උපදේශනය’ (Counselling Psychology) ඇමෙරිකාව වැනි රටවල ජීවත්වන්නන්ට ඔවුන්ගේ දුක් වේදනා කලකිරීම්, ගැටලු ගැන පවසන්නට මෙවන් සේවා පහසුකම් ලබාදී ඇත. ඔවුනගේ ගැටලුවලට විසඳුම් සොයා සිත් සනසවන පිරිස එම රටවල බොහෝ සිටියි. ඒ වගේ තත්ත්වයක් යටතේ ඔවුන් දිවි තොර කර ගන්නට සිතයිද? නැත. එය රටකට කෙතරම් නම් වාසනාවක්ද? අපට එසේ සිතෙන්නේ අපේ රට දිවි තොර කරගන්නා නාම ලේඛනයේ මුල්ම අංකයේ සිටිනා බැවිනි.

ඕස්ටේ්‍රලියාව, ඇමෙරිකාව, එංගලන්තය වැනි රටවල ඒ සඳහා පහසුකම් සලසාලන දුරකථන සේවාවක් ද පවත්වාගෙන යනු ලැබීම සැබැවින් ම ඒ රටවල වැසියන්ගේ භාග්‍යයකි. තමන්ගේ ඕනෑම ගැටලුවක් දුරකතන මාර්ගයෙන් විසඳා ගන්නට, එහෙම නැත්නම් හිතට සහනයක් ලබා ගන්නට ඔවුනට අවස්ථාව ලැබේ. සෑම පවුල් තුනකටම එක් සහායකයෙක් බැගින් සිටියි. ඔහුව හඳුන්වනු ලබන්නේ මනෝවිද්‍යා උපදේශක (Psychology Counsellor) යන නමිනි.

තවමත් අප රටේ වැසියන්ට මේ උපදේශන සේවාව ආගන්තුක වුවද එය ඈත අතීතය දක්වා ගමන් කරන ඉතිහාසයක් ඇත්තකි. එකල එය අවිධිමත් වූවකි. එනමුදු නූතන මනෝවිද්‍යා උපදේශනයට එතරම් දිගු ඉතිහාසයක් නැත. එය වසර සියයකට වඩා මඳක් නම් වැඩි ඉතිහාසයකි.

මනෝවිද්‍යා උපදේශනය 1908 ඇමරිකානු ජාතික ‘ෆ්‍රෑන්ක් පාසන්ගෙන්’ ආරම්භ වුණත් නූතනයේ ඊට ශක්තිමත් පදනමක් වැටුණේ 1950 ගණන්වල දී ‘කාල් රොජස්’ නම් විද්‍යාඥයාගෙනි. ඒ නිසාවෙන් ඔහු ‘නූතන උපදේශනයේ පියා’ යනුවෙන් හඳුන්වනු ලබයි.

සැබවින් ම උපදේශනය කියන්නේ පුද්ගලයෙකුගේ හෝ පුද්ගල කණ්ඩායමක මනෝ විද්‍යාත්මක අධ්‍යාපනික, වෘත්තීය, සමාජීය, පවුල් ජීවිතය පිළිබඳව පැනනඟින, මතුවන ඕනෑම ගැටලුවක දී ඒ ඒ පුද්ගලයාට හෝ ඒ ඒ කණ්ඩායමට, අදාළ ගැටලුව නිසියාකාරව අවබෝධ කරගෙන, ඊට සාර්ථක ව මුහුණදීමට අවශ්‍ය ශක්තිය තමන් තුළ වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය වන මඟපෙන්වීම, ප්‍රතිකාර ලබාදීම හා ආධාරක සේවා සැපයීමයි.

‘උපදේශනය’ යනු උපදෙස් දීම නොවේ. උපදෙස් දීම නැතහොත් අවවාද වැඩිහිටියෙකුගෙන් හෝ හොඳ මිතුරෙකුගෙන්, වෛද්‍යවරයෙකුගෙන් ලබාගත හැකියි. උපදෙස් තුළ ඇත්තේ එක්තරා ආකාරයේ ආධිපත්‍ය ස්වරූපයකි. මෙය කරන්න, මෙය කරන්න එපා යනුවෙන් විධානයක් ඒ තුළ දක්නට ලැබේ. නමුත් උපදේශයේ දී දක්නට ලැබෙන්නේ උපදේශකයා (Counsellor) සහ සේවා ලාභියා (Client) අතර එක්තරා මිත්‍රශීලී සබඳතාවකුයි, මෙය කරන්න, මෙය කරන්න එපා’ යනුවෙන් විධානය කිරීමක් කිසිසේත් ම ඒ තුළ නැත. ගැටලුවක් ඇති තැනැත්තාට තමන්ගේ හිතේ තියෙන ඕනෑම දෙයක් උපදේශකවරයා සමග පැවසීමට ඉඩක්, හැකියාවක් පවතී. ඒ තුළින් ඔහුට යම් මානසික සුවයක්, සහනයක් ලබා ගැනීමට අවස්ථාවක් ලැබේ. කාලයක් තිස්සේ නොවිසඳුණු මානසික ගැටලුවක් විසඳා ගැනීමට එලෙසින් විශ්වාසවන්ත අයෙකුගේ සහාය ලැබීම සැබැවින්ම කිව නොහැකි තරමේ සහනයකි. ඇතැම් විට සියදිවි නසා ගැනීමෙන් පවා ඔවුන් මිදුණා විය හැකිය.

මේ ආකාරයේ වන උපදේශනයේ ක්ෂේත්‍ර ගණනාවකි. එනම් පවුල් උපදේශනය, ලිංගික උපදේශනය, මත්ද්‍රව්‍ය උපදේශනය, අධ්‍යාපනික උපදේශනය, වෘත්තීය උපදේශනය, ළමා උපදේශනය ආදී වශයෙනි.

අප රටේ ද මනෝ විද්‍යා උපදේශනය පෙරට වඩා භාවිත මට්ටමක පවතී. ඒත් සාමාන්‍ය බහුතර ජනතාව තුළ ඒ පිළිබඳව පැහැදිලි අවබෝධයක් හෝ දැනුවත් භාවයක් නැත. කොහෙද එහෙම තැන් තියෙන්නේ? කොහොමද එහෙම කෙනෙක් හමුවන්නේ? ආදී ගැටලු ඔවුන් තුළ පවතියි. අදාළ ආයතන මගින් සාමාන්‍ය ජනතාව මනෝවිද්‍යා උපදේශනය කෙරේ යොමු කරවීමට, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යය උපකාරී කොට ගත හැකිය. මෑත කාලයේ සිට බොහෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ද එක් මනෝවිද්‍යා උපදේශකවරයෙක් බැගින් සිටියි. ඒත් ගම්බද ජනතාව තුළ ඒ ගැන දැනුවත් බවක් නොමැති කම අභාග්‍යයකි. මෑතකදී පාසල්වල ද මනෝවිද්‍යා උපදේශකවරයෙක් ලෙස ගුරුවරයෙක් හෝ ගුරුවරියක් සිටියි. බොහෝ විට සොයා බලද්දී දැන ගන්නට ලැබුණේ ඔවුන් ඊට අදාළව කිසිදු මනෝවිද්‍යා උපදේශන පාඨමාලාවක් හදාරා නොමැති බවයි. ඒ පිළිබඳ කිසිදු අවබෝධයක් නැති ගුරුවරයෙක් දරුවන්ගේ මානසික ගැටලු විසඳන්නේ කෙසේද යන්න ඊටත් වඩා ගැටලුවකි. අදාළ ආයතනවල අවධානය ඒ කෙරේ යොමු විය යුතු වන්නේ ය.

වර්තමානයේ රජයේ රෝහල්වල මෙන්ම බොහෝ පෞද්ගලික රෝහල්වල ද මෙවන් එක් උපදේශකවරයෙක් හෝ සිටියි. උපදේශකවරයා තමා වෙත එන සේවාලාභියා හා කතා බහෙන් පසු ඔහුට විසඳිය නොහැකි, ඖෂධ ලබා දිය යුතු මට්ටමේ අයෙක් වේ නම් ඔහු/ ඇය අදාළ මනෝ වෛද්‍යවරයෙක් වෙත යොමු කරවයි.

සැසිවාර එකක් දෙකක් හෝ කිහිපයක් ඇවෑමෙන් තමාට විසඳිය හැකි ගැටලුවක් නම් මනෝ වෛද්‍ය උපදේශකවරයා විසින් ඒ කාර්යය ඉටුකරනු ලබයි.

ඕනෑම පුද්ගලයෙකුට තමාට ඇති වන ඕනෑම ආකාරයේ ගැටලුවක් ප්‍රශ්නයක් හෝ සිත් තැවුලක් උපදේශකවරයෙක් සමග කීමෙන් සිත සනසා ගත හැකි වීම මරණයෙන් හෝ ලොකු ව්‍යසනයකින් ඔහුව මුදා ගැනීමක් නොවන්නේ ද? ‘සුමිත්‍රයෝ’ උපදේශන සේවාව පෙර පටන් ම අද දක්වා ම කොළඹ ඇති නොමිලේ උපදේශන සේවාව සපයන ආයතනයකි. මුදල් ගෙවා හෝ මෙම සේවාව ලබාගත හැකි මධ්‍යස්ථාන කිහිපයක් මේ වනවිට රටේ පැවතීම ඵලදායි දෙයකි. දැනුවත් කිරීම් තුළින් ජනතාව මෙම සේවාව වෙත යොමු කරවීමට සුදුසු කාලය දැන් එළඹ ඇත.

මනෝවිද්‍යා උපදේශිකා
ඉන්දිකා දිසානායක

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025
Related News
විශේෂාංග

බුදුදහමේ ව්‍යාප්තිය උදෙසා සේද මාවතේ කාර්යභාරය

අතිරේක විශේෂාංග

සරුබිම සරුවෙන්න….. පැළයක්ම සිටුවන්න….

විශේෂාංග

මානව හිමිකම් කොමසාරිස්ගේ චෙම්මනි වන්දනාව

අතිරේක විශේෂාංග

දෑස රවටන නිසරු මිරිඟුව හැඳින, දුරලමු මිනිසුනේ

විශේෂාංග

කෙහෙළිය ආරක්ෂා කළ පාර්ලිමේන්තුවේ වගකීම සහ වගවීම

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok